78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව පොලොන්නරුව දිස්ත්‍රික් නිදහස් දින සැමරුම් උලෙළ අද (04) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්වුණා.
මෙම අවස්ථාවට නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් සමග පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි, පද්මසිරි බණ්ඩාර සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වුණා.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මූලිකව දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන එක්ව මෙම නිදහස් දින සැමරුම් උලෙළ සංවිධානය කර තිබුණා.