මසුන් ඇල්ලීමට ගිගිල්ලා අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් සමුගන්නට වුණ තරුණයකුගේ කතාවක් තමයි මේ කියන්න යන්නේ.
ගැඹුරු මුහුදේ කිමිදී විසිතුරු මසුන් ඇල්ලීමේ නිරත වී සිටි ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු බම්බලපිටිය මුහුදු තීරයේදී ගල්පරයක සිරවීමෙන් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගිහිලා තියෙන්නේ බල්ලවත්ත, ප්‍රනාන්දු පාර පදිංචිව සිටි ජෝජ් සෙල්වම් ශෙහාන් ඇන්තනි (27) නම් තරුණයෙකි.
පුරුද්දක් ලෙස විසිතුරු මසුන් ඇල්ලීමේ නිරත වූ ඔවුන් දෙදෙනා ඊයේ (10) රාත්‍රී 11.00 ට පමණ බම්බලපිටිය මුහුදු තීරයෙන් කිමිදීම ආරම්භ කරලා තියෙනවා. මුහුදු පතුළේ අඩි 10 ක් පමණ යටට කිමිදුණු ඔවුන් මීටර් 10ක පමණ පරතරයකින් පිහිනා යමින් සිට ඇති අතර, පැය තුනකට පමණ පසු එක් සහෝදරයකු ආපසු හැරී බැලීමේදී, පිටුපසින් පිහිනා ආ ඥාති සහෝදරයා පෙනෙන්නට නොසිටීම හේතුවෙන් ඔහු ගොඩබිමට පැමිණ සෝදිසි කරලා තියෙනවා.
එහිදී ද ඔහු සොයා ගැනීමට නොහැකි වීම නිසා නැවතත් මුහුදට කිමිදී සොයා බැලීමේදී, ඔහු ගල්පරයක් අතර සිරවී සිටිනු දැක තිබෙනවා. අනතුරුව මේ පිළිබඳව බම්බලපිටිය පොලිසියට කළ පැමිණිල්ලකින් පසු, නාවික හමුදා නිලධාරීන් විසින් අද පෙරවරුවේ එම තරුණයාගේ මළ සිරුර ගල්පරය අතරින් ගොඩබිමට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.