එප්පාවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාර්තා වන ආකාරයට අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණ තොරතුරකට අනුව එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ මත්ද්‍රව්‍ය එප්පාවල - ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබිය දී සොයා ගෙන තිබෙනවා.
විශේෂම කාරණය තමයි මේ විදියට අත්අඩංගුවට අරගෙන තියෙන විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ පළාත් පාලන ආයතනයක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් බවයි වාර්තා වෙන්නේ.
කොහොම වුණත් මේ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යම් දේශපාලන බලපෑමක් තිබේද යන්නත් මෙහිදී සැක මතු වෙන්නට පුළුවන් .
මේ විදියට අත්ඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයම පදිංචි අවුරුදු 54 හා 22 වයසේ පසුවන පුද්ගලයන් වන බවත් ඔවුන් දීර්ඝ කාලයක් පුරා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවත් සඳහන් වනවා .
මේ ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් සිදුකරනු කරනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ .