Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
08
"මට ඇහුණා දඩාං ගාලා ශබ්දයක්. එතකොට මිනිස්සු ඔක්කොම කලබල වෙලා පාර පැත්තට දිව්වා.." සැමියා පදවාගෙන ආ රිය දොළුව මාර්ගයේදී බිරිඳට දීලා..

- "මට ඇහුණා දඩාං ගාලා ශබ්දයක්. එතකොට මිනිස්සු ඔක්කොම කලබල වෙලා පාර පැත්තට දිව්වා.." සැමියා පදවාගෙන ආ රිය දොළුව මාර්ගයේදී බිරිඳට දීලා..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48 Views

එදා ඔවුන් පන්සලට ගියේ පින් කටයුත්තක් සඳහා වුණත් අවසානයේ අත්වූ ඉරණම කිසිවෙකුටත් අදහාගන්න බැරිවුණා.

මේ අනතුර ගැන සාධාරණ විධිමත් පර්‍යේෂණයක් සිදුකරන තෙක් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. 


ගම්පොල ,දොළුව විහාරස්ථානය අසලදී තිදෙනෙකුට මරු කැඳවමින් අනතුරට ලක් වූ මෝටර් රිය සැමියා විසින් පදවාගෙන විත් දොළුව මාර්ගයේදී රියැදුරු අසුන බිරියට දී ඇති බවට එම අනතුරේ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළිවුණා.

අනතුර සිදුවන මොහොතේ ඇයට බ්‍රේක් පැඩලය වෙනුවට වේග පැඩලය පෑගීමෙන් අනතුර සිදුව ඇති බවත් එම මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණා.

එම රිය හිමි පවුලේ සාමාජිකයන් දෙදින සංචාරයකින් පසු ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබූ බවත් එහිදී තවදුරටත් හෙළි වුණා.

පොහොය දින ගම්පොල දොළුව ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ ආගමික කටයුතුවල නිරත වූ කාන්තාවන් තිදෙනකු මරණයට පත් කරමින් වේගයෙන් ධාවනය වූ නවීන මෝටර් රථය මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ද ගැටී තිබුණා.

මෙම අනතුරින් සිව් දෙනකු මෝටර් රථයේ ගැටී තිබූණා. ඉන් දෙදෙනෙකු සිල් සමාදන්ව සිටි උපාසිකාවන්. ඔවුන්ගෙන් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණා.

අනෙක් දෙදෙනා විහාරස්ථානයේ ආගමික කටයුතුවලට පැමිණි දෙනෙක්. සිද්ධියෙන් මියගොස් තිබුණේ දොළුව නව ගුරුකැළේ පදිංචි හතර කෝරලේ ගෙදර බණ්ඩාර මැණිකේ,(69) පල්ලේගෙදර අනුලාවති මැණිකේ (70) හා මෙගොඩ කළුගමුව පදිංචි රාමනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ (70) යන තිදෙනායි.

අනතුර සිදු කළ කාන්තාව ගුරුකැළේ නිල්ලඹ ප්‍රදේශයේ පදිංචි තිස් අට හැවිදි අයෙකු වන අතර ඇය රිය පුහුණු බලපත්‍රයක් හිමි කාන්තාවක්.

ගම්පොළ නගරයේ සිට සැමියා විසින් මෙම මෝටර් රථය පදවා ගෙන විත් දොළුව මාර්ගයේදී ඇයට රිය ලබා දී තිබු බව හෙළි වුණා.

ඇය විසින් රිය රැගෙන එන අතරතුර දොළුවේ විහාරස්ථානය අසලදී මෙම උපාසිකාවන් පිරිස දැක බ්‍රේක් තිරිංග වෙනුවට එහිදී ඇය පාගා ඇත්තේ වේග පැඩලය බව පොලිසිය සඳහන් කරනව‍ා.

මේ අවස්ථාවේදී ඇයගේ මං තීරුවේ වම් පස විහාරස්ථානය අසල නවතා තිබූ ලොරි රථය හා ඇගේ මෝටර් රථය අතර සිටි උපාසිකාවන් සිව් දෙනා වැදී මෝටර් රථය ලොරි රථයේ ගැටී තිබුණා.

එහි වේගය නිසා ලොරි රථය යළි මාර්ගය මතට විසි වී ඇති අතර මියගිය කාන්තාවන් දෙදෙනකුද ලොරි රථය යටට විසි වී තිබෙනු දක්නට ලැබුණා.

ඉන්පසු මෝටර් රථය කැරකී යළි දකුණට හැරී ගොස් මාර්ගය අසල බැම්මක ගැටී එය නැවතී තිබුණා.

නවීන මෝටර් රථයක් නිසා එහි වායු බැලුම් ක්‍රියාත්මක වී එහි ගමන් ගත් කාන්තාව ඇගේ සැමියා හා හත් හැවිරිදි දරු දෙදෙනා තුවාල ලැබුවේ නැත.

සිද්ධියෙන් තුවාල ලැබූ සිල් රැගෙන සිටි උපාසිකාවන් දෙදෙනෙකු ගම්පොළ ශික්ෂණ රෝහලට රැගෙන ගියද ඉන් අයකු මිය ගොස් තිබුණා.

අනෙක් දෙදෙනා එම ස්ථානයේම මියගොස් ඇති අතර මෝටර් රථයේ කාන්තාවද රෝහල ගත වුණා.

මියගිය තිදනා ගම්පොළ රෝහලට රැගෙන ගොස් ඊයේ (7) දින එහි පරීක්ෂණ කටයුතු සිදු කළ අතර ගම්පොළ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක ඉදිරියේ මෙහි සාක්ෂි කැඳවා තිබුණා.

ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක කාංගර හා රථවාහන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නන්දන කුමාර යන අයගේ උපදෙස් පොලිස් සැරයන් 35766 සෙනෙවිරත්න 75 864 දොඩම්වල යන නිලධාරීන්ගේ සාක්ෂි මෙහෙයවූවා.

මෙහිදී සාක්ෂි දුන් හතරක් කෝරලේ ගෙදර සෝමාවතී මෙසේ පැවසුවා.

“මම පෝය දවසේ සිල් අරගෙන විහාරස්ථානයේ ඉන්නකොට නංගි දානෙත් අරගෙන පන්සලට ආවා. එයා බුද්ධ පූජාවට සහභාගි වෙලා උපාසක ඇත්තන්ට දන් පූජා කළා. ඊට පස්සේ එයත් එක්ක ආව අනුලාවතී එක්ක එයා ගෙදර යන්න පන්සලෙන් පාරට ගියා. එතකොටම මට ඇහුණා දඩාං ගාලා ශබ්දයක්. එතකොට මිනිස්සු ඔක්කොම කලබල වෙලා පාර පැත්තට දිව්වා. ස්වාමීන්වහන්සේ සිද්ධිය දැනගෙන අපට පාරට යන්න එපා කිව්වා. කලබල වැඩි නිසා අපි ටික වෙලාවක් පාරට නොගිහින් හිටියත් පස්සේ ගියා.

එතකොට මම දැනගත්තා රිය අනතුරක් වෙලා මගේ නංගි පාරෙ වැටිලා ඉන්නවා කියලා. ඒක මට හිතාගන්නවත් බැරි වුණා.නංගි හැම පෝයටම පන්සල් යනවා. එයාට දරු දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙන්නම ව්වාහකයි. එයා බණක් දහමක් අහගෙන කරගෙන හිටියේ. මේ උණ සිද්ධිය මට හිතාගන්නවත් බෑ.”

මෙම සිද්ධියෙන් මියගිය රාමනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ යන අයගේ දුවවන ජම්බු ගහවත්තේ ගෙදර නිලන්ති දීපිකා සේනාධිර යන අය මෙසේ පැවසුවා.

“මම බැඳලා තල්වත්ත ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නේ. අම්මා තනියම කළුගමුව ගෙදර ඉන්නේ. ඒත් අපි එදා කළුගමුව මහ ගෙදර ඇවිත් හිටියේ පෝය නිසා. අම්මා උදේ හයයි තිහට විතර සිල් ගන්න දොළුවට ගියා. මගේ පුතාට නුවර වටපුළුව ප්‍රදේශයේ ක්‍රීඩා උත්සවයක් තිබුණා. ඒ නිසා අපිත් උදේ හතයි තිහට විතර ගෙදරින් ගියා. එහේ ඉන්නකොට දවල් එකයි විස්සට විතර සැමියාගේ මල්ලි කිව්වා මේ අනතුර ගැන අපි එතැනට අපි ආවා. අම්මා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. අපේ තාත්තා 2014 වසරේදී මිය ගියා. අම්මා තනියම හිටියත් එයාට කිසි අසනීපයක් තිබුණේ නෑ. මේ අනතුර නිසා ඇය මියගිය බව විශ්වාස කරනවා”.

මියගිය අනුලාවතී මැණිකේ වෙනුවෙන් ඇගේ පුතා වන දොළුව කංකානම්ලාගේ සාලින්ද කරුණාතිලක යන අය මෙසේ පැවසුවා.

“අම්මා ගෙදර තනියම හිටියේ. එයා බුද්ධ පූජාවත් අරගෙන පන්සලට ගිහින් තිබුණා. දානය බෙදලා ගෙදර එනකොට මේ සිද්ධිය වෙලා තිබුණේ. එතකොටම මම හිටිය වැඩපොලේ මම ත්‍රීවීල් එකක් අරගෙන ඒ ස්ථානයට ආවත් බලන්න බැරි වුණා. මම බය වුණා. ඒ නිසා මම එහෙමම ගෙදර ආවා. පහුවදා රෝහලට ඇවිත් අම්මා හඳුනා ගත්තා”

මියගිය අයගේ ඥාතියකු පුතකුවන කෝණාර මුදියන්සේලාගේ ආරියතිලක බණ්ඩාර මෙසේ පැවසුවා.

“මේ මගේ ලොකු අම්මා. එයා පෝදා දවසේ අපේ ගෙදරට ඇවිත් මල් කඩාගෙන ගියා. අපේ ගමේ බෝධියක් තියෙනවා. එයා ඒක පිරිසිදු කරලා එතන මල් පූජා කරලා දවල් දොළුව පන්සල් ගියා. මම ගෙදර හිටියේ දවල් මේ අනතුර ගැන අපට ආරංචි වුණා. අපි දුවලා එනකොට දැක්කා ලොරිය යට ලොකු අම්මයි. ඒ නැන්දයි වැටිලා ඉන්නවා. ඒ වෙලාවේ සුවසැරිය ගිලන් රථය ආවා. ඒ අය කීවා මොවුන් මැරිලා නිසා අරන් යන්න බෑ කියලා. පස්සේ අපි අඳුනන ටිපර් රථයක් ඉල්ලගෙන මිනී දෙක රෝහලට අරන් ගියා”.

මේහිදී මරණ පරීක්ෂකවරයා විසින් රොහල් ගතව සිටි රිය පැදවූ කාන්තාව නිරීක්ෂණය කිරීමටද ගිය අතර ඇගේ පවුලේ පිරිස මෙම මෝටර් රථය දින දෙකක විනෝද චාරිකාවක් ගොස් ඇති බවද හෙළි වුණා. යළි ඔවුන්ගේ නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබුණා.

ගම්පොළ පොලිසියේ රථවාන ස්ථානාධිපතිවරයා විසින් ඊයේ සවස රෝහල්ගතව සිටි මෙම කාන්තාව ගම්පොළ මහේස්ත්‍රාත් නිලමිණි රන්කොත්ගේ මහත්මිය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඇය විසින් මෙම කාන්තාව ලබන විසි එක දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලැබුවා.

මෙහිදී මිය ගිය පල්ලේ ගෙදර අනුලාවතී හා හතර කෝරළේ ගෙදර බණ්ඩාර මැණිකේ යන අයගේ දියණියන් දෙදෙනකු වන අංජලී පල්ලේ ගෙදර හා අයිරංගනී කුමාරි සඳහන් කළේ විහාරස්ථානය අසලදී මෙම පිරිස මාර්ගය හරහා ගමන් කළ බවට කටකතා පැතිර ගියත් ඔවුන්ට එසේ මාර්ගය හරහා ගමන් කිරීමට අවස්ථාවක් අවශ්‍ය නොවන බවයි.

ඔවුන් යළි නිවසට ඒම සඳහා මාර්ගයේ වම් පසින් ගමන් කර ඇති බවද ඔවුන් සඳහන් කළා ය. ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසය.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top /////////////////////////////////////////////// Commented on 2025-09-17 ////////////////////////////////////////////////////