මේ ආරංච්ය ඊශ්‍රායලයේ රැකියාවකට යන්න හිටපු ඔයාට...
ඊශ්‍රායලය හා ඉරානය අතර වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බැව් ඊශ්‍රායලයේ පිහිටි ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) දන්වා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව, මෙම තත්ත්වය යටතේ ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බැව් ඊශ්‍රායල් රැකියා සඳහා තෝරා ගනු ලැබූ සියලුම රැකියා අපේක්ෂිතයින් වෙත දන්වා සිටින බවයි එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, මේ වන විට ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිට නැවත ඊශ්‍රායලය වෙත රැකියාව සඳහා යෑමට අපේක්ෂාවෙන් (Re-entry) මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින් හට ද මෙය අදාල බවත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‌යාංශ පනතේ 39 (1) (ආ) වගන්තිය ප්‍රකාරව, ඊශ්‍රායල් රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය එම කාර්‍යාංශය විසින් නැවත දැනුම් දෙනතුරු සිදු නොකරනු ලබන අතර, ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු කිරීම එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ (PIBA) දැනුම් දීම මත ඉදිරියේදී සිදු කරනු ලබන බැව්ද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන්.