Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
21
සිකුරු හතේ කියලා අහලා තිබුණට සිකුරු ගැන හරියටම දන්නවද ? අහිංසක සෞම්‍ය ග්‍රහයා ගැන දැනගනිමු... සිකුරු යෝගවල හොඳ නරක මෙන්න...

- සිකුරු හතේ කියලා අහලා තිබුණට සිකුරු ගැන හරියටම දන්නවද ? අහිංසක සෞම්‍ය ග්‍රහයා ගැන දැනගනිමු... සිකුරු යෝගවල හොඳ නරක මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
සිකුරු හතේ කියලා කතාවට අහනවානේ ? සිකුරු ජිවිතේට බලපාන හැටි තමයි මේ ලිපියෙන් කතා කරන්නේ... 

සිකුරු ග්‍රහ සංයෝග ගැන කතා කිරීමට ප්‍රථමයෙන් සිකුරු ග්‍රහයා පිළිබඳ මදක් විමසා බලමු. නවග්‍රහයින් අතරෙන් අහිංසක සෞම්‍ය ග්‍රහයා සිකුරුය. තලඑළලු තරුණ කාන්තාවකගේ රූපයෙන් පෙනී සිටින සිකුරු වටිනා වස්ත්‍රාභරණ පැළඳ සිටියි. නිතරම ප්‍රිීතියෙනුත් කෞශල්‍යභාවයෙන් යුතුව සිටියි. දෙවියන් අතර සිකුරු හඳුන්වන්නේ අසුරු ගුරු නමිනි. සිකුරු සුරගුරු නමින් හෙවත් දෙවියන් ගුරුන්වහන්සේ නමින් හැඳින්වෙන බ්‍රහස්පතිගේ දරුවෙකු හැටියට ඥාති සම්බන්ධකම් පවත්වයි.

මෙවන් ගති ලක්ෂණ ඇති සිකුරු දිව්‍යා රාජයාට ග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයින් සංයෝග වූ පසු ඇතිවන හොඳ නරක අපි දැන් විමසා බලමු.


සිකුරු - රවි සංයෝගය


මේ සංයෝගයෙන් උපන් තැනැත්තා සංගීතයට ඇලුම් කරන මේ ශාස්ත්‍රය දන්නා කෙනෙක් වේ. අත මිට මුදලින් සරු ස්ත්‍රීන්ගේ ඇප උපකාර ලබන වාසනාවන්ත විවාහයට උරුමකම් ඇත්තෙක් වේ. තම දරුවන්ද යහපත් වේ. මේ සංයෝග අයහපත් අයුරින් කේන්ද්‍රයේ සිටියොත් මේ සියල්ල අනිත් පැත්තට හැරේ. ඇතැම් විට මෙසේ වුවහොත් අන්ධවීමට බැරිකමක් නොමැත.


සිකුරු - චන්ද්‍ර යෝගය


මේ යෝගය ඇති තැනැත්තා ප්‍රීතියෙන් වාසය කිරීමට, අඹු දරුවන් සමග කෙළි සෙල්ලමෙන් වාසය කිරීමට කැමති අයෙකි. ලක්ෂණ ඇඳුම් පැළඳුම්වලට ස්ත්‍රීන් සමග වාසය ඉතා ප්‍රිය කරයි. පුරුෂ ස්ත්‍රී ලක්ෂණ පෙන්නුම් කෙරේ. මේ ග්‍රහ පිහිටීම නරකට සිටියොත් විවාහය අවුල් වීමට ඉඩ තිබේ. ස්ත්‍රී පක්ෂයේ නෑදෑයින් සමග සම්බන්ධය අඩු අයෙක් වේ. විශ්වාසය අඩු, දූෂික රෝගවලටද ගොදුරු වීමටද ඉඩ තිබේ.


සිකුරු - කුජ යෝගය


කුජ - සිකුරු කේන්ද්‍රයේ කොහොම සිටියත් (හොඳට නරකට) කුජ - සිකුරු එකට සිටි විට යම්කිසි දක්ෂකමක් වේගයෙක් ඇති වෙයි. ක්‍රියාශූර කෙනෙක් වෙයි. බොහෝ විට අධික කාමාශාවක් හා ඒවායේ ගැලී සිටීමට ප්‍රියත්වයක් දක්වයි. කුජ - සිකුරු සංයෝග ශාරීරික ශක්තිය ගෙන දෙන යෝගයකි. මේ යෝගය යහපත්ව පිහිටියොත් ඉතා ප්‍රීතියෙන් වාසය කරන්නා වූ නිතර සෙල්ලමෙන් කාලය ගත කරන ව්‍යාපාරයන්හි දක්ෂ නිර්භීත ධනවත් කෙනෙක් වේ. කලින් විවාහ වන තරමටම විවාහ ජීවිතය සාර්ථක වේ. විවාහයෙන් විශාල දායාද ලැබේ. කේන්ද්‍රයේ 7 වැන්නේ කුජ සිකුරු යෝගය පිහිටා ඇති අය එයට ගැළපෙන අයෙක් තෝරා ගතහොත් විවාහ ජීවිතය ඉතා සාර්ථක වේ. නැතහොත් විවාහ ජීවිතය අවුල් වීමට ඉඩ තිබේ.


සිකුරු - බුධ යෝගය


මෙය ඉතාම ශුභ ඵලදෙන යෝගයකි. මේ යෝගයෙන් උපන් තැනැත්තා සියුම් දේට ප්‍රිය කරන්නා වූ තීක්ෂණ කල්පනාවක් ඇති කාටත් ගැලපෙන ගුණයෙන් යුත් පිරිසිදු ගති ඇති ප්‍රිය වචන කතා කරන අයෙක් වේ. සාහිත්‍යකරණයේ දක්ෂ උගත් මිතුරන් ඇසුරට වඩාත් කැමති දක්ෂ නායකයින්වීමටද පිළිවෙන. මේ යෝගය කේන්ද්‍රයේ නරකට සිටියොත් ව්‍යාපාරවලින් පාඩු ලබන විවාහයද අවුල් වන සමාජයෙන් සැලකිලි අඩු වන කෙනකු වේ.


සිකුරු - ගුරු යෝගය


මේ ග්‍රහ දෙපළ හතුරුය. නමුත් මේ ග්‍රහ යෝගය ඉතාම යහපත් පිහිටීමකි. වයස අවුරුදු 40 පමණ වන විට ඉඩකඩම්, යානවාහන, ගෙවල් දොරවල් ලබා සැපවත් ජීවිතයක් ගත කිරීමට භාග්‍ය ලැබේ. අනිවාර්යෙන්ම ස්ථිර ආදායම් මාර්ග ඇති කෙනෙක් වේ. වාසනාවන්ත යහපත් ගුණවත් බිරිඳක් ලැබේ. දරුවෝද ඉතා දියුණු තත්ත්වයට පත්වේ. තම දෙමාපියන්ගේ මුල් දේපළ උරුමයද මේ යෝගය ඇති අයට හිමි වේ. මේ යෝගය නරකට සිටියොත් අධික වියදම් කාරයෙක් වේ.


සිකුරු - ශනි යෝගය


මේ යෝගයද ඉතාම යහපත් එකකි. සෘජු කරුණාවන්ත ස්ථිර ගතිපැවතුම් ඇති රටේ ගෞරවයට පාත්‍ර වන පුද්ගලයකුද තම දියුණුව ක්‍රමානුකූලවම සිදුවේ. තම රැකියාව ඉතාම විශ්වාසවන්ත ලෙස ඉටු කරයි. තම ආදායම් මැනවින් පාලනය කිරීමට ඉතාම දක්ෂයි. ප්‍රීතිමත් වාසනාවන්ත විවාහයකට උරුමකම් තිබේ. නමුත් විවාහය බොහෝ විට ප්‍රමාද වීමට ඉඩ තිබේ. ඇතැම් විට විවාහ නොවූ අවස්ථාද දක්නට ලැබේ. අනෙකුත් පාප දෘෂ්ටිවලට ලක්වීම එයට හේතුවේ. එපමණක් නොව කේන්ද්‍රයේ අනෙකුත් ග්‍රහයින්ගේ බලපෑම්ද එයට හේතු වේ.


සිකුරු ශනි නරකට සිටියොත් ඉහත සඳහන් කරන නරක පැත්තට හැරේ. එවිට කේන්ද්‍ර හිමියා දමනය කරගත නොහැකි දූෂිත චරිත ඇත්තෙක් වේ. දවල් කාලයේ උපන් අයෙක් නම් තම මව වැඩි කලක් ජීවත් නොවේ. මේ ඉහත සඳහන් ගති ලක්ෂණ අනෙකුත් ග්‍රහයින්ගේ පිහිටීම අනුවද වෙනස් වේ. මේ යෝගය කේන්ද්‍රයේ 3-5-9-11 භාවස්ථානවල සිටීනම් ඉහත සඳහන් ගති ලක්ෂණ බොහෝ විට ඒ ආකාරයෙන්ම සිදුවේ.


සිකුරු - රාහු සංයෝගය


මේ යෝගය එතරම් යහපත් පිහිටීමක් නොවේ. මෙය කුජ සිකුරු මෙන් අති ධාවනකාරී කාම යෝගයකි. එපමණක් නොව හොඳින් හෝ නරකින් මුදල් උපයා ගත හැකි යෝගයක්ද වේ. වෘෂභ ලග්න හිමියෙකුට විශේෂයෙන් ස්ත්‍රියකට 11 වැන්නේ මේ යෝගය පිහිටීම ඉතාම අශුභ විවාහ ජීවිතය අවුල් කරන එකක්ද වේ. ඇතැම් විට විවාහ කීපයක්ද කරගැනීමට හේතුවේ. රාහු සමග සිකුරු උච්චව සිටීම (විශේෂයෙන් 7 වැන්න මීන රාශිය වී) අයහපත් වේ. අනෙකුත් ප්‍රතිවිරුද්ධ කේන්ද්‍රයේ එයට කුජ සිකුරු වැනි යෝගයක් තිබේ නම් එසේ නොවේ. රාහු සිකුරු තිබෙන කේන්ද්‍ර හිමියන් විවාහ පරික්ෂාවේදී මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.


සිකුරු - කේතු යෝගය


මේ සංයෝගය කේන්ද්‍රයේ පිහිටන ස්ථානය අනුව වෙනස් වේ. කේතු ඡායා ග්‍රහයෙකි. මේ අනුව කේතු සමග සිකුරු එක්වූ විට ව්‍යාපාර කටයුතු වලින් ආදායම් ලැබීම ඉතාම අපහසුය. පාඩු විඳීමට සිදුවේ. බංකො​ලොත් වේ. තමාගේ රැකියාවේදී අවංක නොවේ. මේ නිසා රැකියාව අවුල්කරගනී. කේතු සිකුරු සංයෝග නිසා හොර හොරාට ආදර සම්බන්ධතා පවත්වා ගැනීම නිසා විවාහ ජීවිතයටද බලපෑම් ඇති වේ. කොහොම නමුත් මේ යෝගය එතරම් ශුභ ඵල දෙන යෝගයක් නොවන බව අප අත්දැක තිබේ.


මෙතෙක් ඉදිරිපත් කරන ලද ග්‍රහ සංයෝගවලට නියමිත ප්‍රතිඵල ලැබීමට අනෙකුත් ග්‍රහයින්ගේ ස්ථානගතවීම් ග්‍රහ දෘෂ්ටි ආදියද බලපායි. මේ නිසා කේන්ද්‍රයේ හරිහැටි පරික්ෂා කිරීමකින් තොරව මේ සියල්ල මේ අයුරින් පිළිගත නොගත යුතු අතර නමුත් මේ ග්‍රහ සංයෝගවලට මූලික ලක්ෂණ වෙනස් නොවන බවද අවසාන ලෙස සඳහන් කරනු කැමැත්තෙමි.

ලංකාදීප 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top