හිරු උත්තම ධාතු වන්දනාවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැ සිත් සැනසූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ මේ වන විට යළි වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත වැඩම කරවමින් පවතිනවා.
එම ගමන් මාර්ගය අතරතුර අද දිනයේත් විහාරස්ථාන දෙකකදී සැදැහැවත් ජනතාවට සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව හිමිවුණා.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ඇරඹුණු හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන යටතේ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වන්දනාව මෙවර ඇරඹුනේ ඓතිහාසික සේරුවාවිල පුදබිමේදීයි.
ඒ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන්.
එහි සිට නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත වැඩම කරවන අතරතුරදීත් සැදැහැවතුන්ට සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව සලසා දී තිබුණා.
ඒ අනුව සර්වඥ ධාතූන් වහන්සේ හඹරණ ටැම්පිට විහාර්ථානයේදීත්, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේදීත්, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වුණා.
ඇතුගල්පුර සිට කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ අද දහවල් සම්බුද්ධ පූජාව සඳහා මීරිගම ලෝලුවාගොඩ අටුපොත්දෙණිය පුරාණ පොත්ගුල් විහාරය වෙත වැඩම කරවනු ලැබුවා.
එහිදී ද දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ දහවල් සම්බුද්ධ පූජාවෙන් අනතුරුවගිලන් පස පූජාව සඳහා යක්කල හේන්පිටමුල්ල සිරිවර්ධනාරාම විහාරස්ථානය වෙත වැඩම කළා. එහිදීත් සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමේ දුර්ලභ අවස්ථාව සැදැහැවතුන්ට හිමිවුණා.
ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ නෙත් සිත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් පුරවා, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේත් දැකවැඳ පුදාගැනීමේ දුර්ලභ භාග්‍යය හිමිකර දෙන හිරු උත්තම ධාතු වන්දනාවේ ඒකායන ප්‍රාර්ථනය උතුම් සම්බුදු සසුන තවත් සුවහසක් කල් නොනැසී පවතීවා යන්නයි.
එම මහා ප්‍රාර්ථනය වෙනුවෙන් බැදුණු මහානිශංස පුණ්‍ය ක්‍රියා සමුදායට සහභාගී වී ජීවමාන බුදුන් සියැසින් දුටුවා හා සමාන අප්‍රමාණ කුසලයක් රැස් කරගත් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබෙනු නොඅනුමානයි.