Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
17
නව රජයේ පළමු අයවැය ප්‍රකාශය ඇරඹෙයි.. අයවැය සම්පුර්ණ කතාව මෙතනින්..

- නව රජයේ පළමු අයවැය ප්‍රකාශය ඇරඹෙයි.. අයවැය සම්පුර්ණ කතාව මෙතනින්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය අද(17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. 

නිදහස් ශ්‍රී ලංකාවේ 79 වැනි අයවැය මෙය වන අතර, ඊට අදාළ අවසන් ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකෙරෙනු ඇති.

පෙරවරු 10.30 සිට ජනපති අයවැය ඉදිරිපත් කරන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹුණා. 

    • සීමිත බදු අරමුදල් ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම
    • මහජන මුදල් වැය කරන්නේ ආර්ථික හා සමාජ ප්‍රතිලාභ අරමුණු කරගෙන පමණයි.
    • කර්මාන්ත, සේවා සහ කෘෂිකර්මාන්ත අංශවල වර්ධනය ප්‍රධාන ඉලක්කයක්
    • නියාමන ආයතන හරහා වෙළදපොළ නියාමනයට වැඩි අවධානයක් යොමු කිරීම
    • දූෂණය පිටුදැකීම කිලීන්   ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
    • අමෙරිකානු ඩොලර් බිලියන 19ක අපනයන ආදායමක් අපේක්ෂා කරයි
    • ජාතික අපනයන සැලැස්මක් සකස් කිරීම
    • නව රේගු පනතක් සකස් කිරීම
    • ආර්ථික පරිවර්ථන පනත සංශෝධනය කිරීම
    • එක් ස්ථානයකින් සියලු සේවා ලබා ගැනීමට යාන්ත්‍රණයක් ඇති කිරීම
    • ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම
    • මාසයක් ඇතුළත කොළඹ වරාය බටහිර සහ උතුරු ව්‍යාපෘති සඳහා අභිලාෂයන් කැඳවීම
    • වේයන්ගොඩ අභ්‍යන්තර බාහාලුම් අංගයනක් ස්ථාපිත කරනවා.
    • වරාය බහාලුම් කලමනාකරණයට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම
    • ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවීම
    • සියලුම පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීම
    • මුදල් නෝට්ටු පදනම් වූ ආර්ථික ක්‍රමයෙන් ඉවත්වීම
    • තොරතුරු තාක්ෂණ ආදායම ඇ.ඩො.මි. 5ක් දක්වා ඉහළ නැවීම
    • සංචාරක ක්ෂේත්ත්‍රයේ නව ගමනාන්ත හඳුන්වා දීම
    • සංචාරකයින් සඳහා ඩිජිටල් ටිකට්පත් ක්‍රමයක් හඳුන්වා දීම
    • බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම
    • ජපන් රජයේ සහයෙන් ගුවන්තොටුපොළේ දෙවැනි පර්‍යන්තයේ ඉදිරිකිරීම ඇරඹීම
    • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින් සඳහා රජයෙන් සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීම
    • නවෝත්පාදන සහ පර්‍යේෂණ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීම
    • අධික ධාවනය සහ නඩත්තු වියදම් දැරීමට සිදුවන සුභෝපභෝගී වාහන වෙන්දේසී කිරීම
    • ජනපති මන්දිර හා නිල නිවාස ආර්ථික සහ මහජන සේවා සඳහා යොදා ගැනීමට පියවර ගැනීම
    • මන්ත්‍රීවරුන්ට 2025 වසරේ වාහන බලපත්‍ර සහ වාහන ලබා නොදීම
    • රාජ්‍ය ආයතනවල අවශ්‍යතාව සමාලෝචනයට අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවීම
    • ගැබිණි මාතාවන් සඳහා ආධාර ලබාදීමට රුපියල් මිලියන 7500ක් වෙන්කිරීම
    • ත්‍රිපෝෂ වැඩසටහන සදහා රුපියල් මිලියන 5000ක් වෙන්කිරීම
    • සොඛ්‍යට රුපියල් බිලියන 604ක් වෙන්කිරීම
    • ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා වසර 5ක ජාතික වැඩසටනක් දියත් කිරීම
    • ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ට ප්‍රතිකාර මධස්තාන පිහිටිවීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීම
    • පාසල් යටිතල සඳහා පහසුකම් රුපියල් මිලියන 1000කට වැඩි ප්‍රමාණයක් වෙන් කිරීම
    • පෙර පාසල් ලමුන් උදෑසන ආහාර වේලකට ගෙවන මුදල 60 සිට 100 දක්වා ඉහළ දැමීම
    • පෙර පාසල් ගුරුවරියන්ට ලබා දෙන දීමනාව රුපියල් 1000කින් ඉහළ දැමීම
    • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන 80ක් වෙන් කිරීම
    • අඩු ආදායම් පවුල්වල දරුවන්ගේ ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට 1500 දක්වා ඉහළ දැමීම
    • මහපොල ශිෂ්‍යාධාර රුපියල් 5000 සිට 7500 දක්වා ඉහළ දැමීම
    • යාපනයේ පුස්තකාල නවීකරණයට රුපියල් මිලියන 100ක් වෙන් කිරීම
    • පළාත් 5ක ක්‍රීඩා සංවර්ධන සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
    • සංශෝධිත විදුලිබල පනත කඩිනමින් සම්මත කිරීමට පියවර ගැනීම
    • අවම ගාස්තුව මත පදනම් වූ බලශක්ති ක්ෂේත්‍රෙයේ ආයෝජනයට අවස්ථාවන් ඇති කිරීම
    • ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61ක් ජාත්‍යන්තර හවුල්කාරීත්වය යටතේ සංවර්ධනය පියවර ගැනීම
    • පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන් කිරීම
    • 2024 -2025 මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීම
    • කෘෂිකාර්මික ක්ෂේත්‍රයට නව දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගැනීම
    • වී සහ සහල් නියාමනය කිරීමට වී අලෙවි මණ්ඩල පනත සංශෝදනයට පියවර ගැනීම
    • ඌන උපයෝගිතාව සහිත ඉඩම් පුද්ගලික අංශයයේ ද සහභාගීත්වයෙන් සංවර්ධනයට පියවර ගැනීම
    • කෘෂිකාර්මික ක්ෂේත්‍රයට තරුණයින් දායකකර ගැනීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම
    • කිරි ගොවිපොළවල්වල ඵලදායිතාවය වැඩි කිරීමට රුපියල් මිලියන 2,500ක් වෙන් කිරීම
    • වාරි ක්ෂේත්‍රයේ සංවර්ධනයට රුපියල් මිලියන 7,800ක් වෙන් කිරීම
    • උතුරු පොල් ත්‍රිකෝණයේ අක්කර 16,000ක් වගා කිරීමට රුපියල් මිලි‍යන 500ක් වෙන් කිරීම
    • 2025 වසරේ අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණයට රුපියල් බිලියන 232.5ක් වෙන් කිරීම
    • අස්වැසුමට ඇතුළත් නොවූ නව පවුල් ඇතුළත් කර ගැනීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
    • වකුගඩු රෝගීන් සඳහා දීමනාව රු 7500 සිට රු 10000 දක්වා ඉහළ දැමීම
    • වැඩිහිටි දීමනාව රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා ඉහළ දැමීම
    • ළමා නිවාස සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීම
    • අනාථ දරුවන් සඳහා සමාජ ආරක්ෂණය ඉහළ නැවීමට පියවර ගැනීම
    • අනාථ දරුවන්ට සහ රැදවුම් නිවාසවල සිටින දරුවන්ට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට පියවර ගැනීම
    • රැදවුම් නීවාසවල සහ අනාථ දරුවන්ට දීමනා ලබාදීමට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීම
    • අවතැන් දරුවන්ට සහ තරුණයින්ට නිවසක් ලබා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියනයක ආධාරයක්
    • වයස අවුරුදු 18න් පසුවත් අවශ්‍යතා මත අවතැන් දරුවන්ට රුදී සිටි නිවසේම සිටීමට අවස්ථාව සැලසීම
    • ආපදාවකදී ගෙවන ජීවිත වන්දි මුදල රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ දැමීම
    • අලුත් අවුරුදු සමයේ දැරිය හැකි මිලකට ලංකා සතොස හරහා වියළි ආහාර සලාකයක් ලබා දීම
    • ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම
    • මතින් තොර සමාජයක් වෙනුවෙන් වැඩසටහන් දියත් කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම
    • බන්ධනාගාර රැදවූවන්ට වෘත්තීය නිපුණතාවය ලබා දීමේ වැඩසටහනට තවත් රුපියල් මිලියන 100ක් වෙන් කිරීම
    • පොදු ප්‍රවාහන සේවා පුළුල් සහ නවීකණය කිරීමට විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම
    • මගී ප්‍රවාහනය වැඩි දියුණු කිරීමට ලංගම හරහා නව බස්රථ 200ක් යෙදවීම
    • පැරණි දුම්රිය මැදිරි ප්‍රතිසංස්කණයට රුපියල් මිලියන 500ක් වෙන් කිරීම
    • මහනුවර බහුවිධ ප්‍රවාහන පර්‍යන්ත තවදුරටත් දියුණු කිරීමට පියවර ගැනීම
    • තඹුත්තේගම සිට කෘෂිකාර්මික නිෂ්පාද ප්‍රවාහන සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන වැඩසටහනක් දියත් කිරීම
    • ශ්‍රීලංකන් ගුවන් සේවයේ ණය සහ පොලිය ගෙවීමට රුපියල් මිලියන 20,000ක් යෙදවීම
    • ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දෛනික මෙහෙයුම් සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොදීම
    • ග්‍රාමීය පාලම් ප්‍රතිසංස්කණයට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීම
    • ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 10ක් වෙන් කිරීම
    • අම්ල සහ ශාර ඇතුළු රසායනික නිෂ්පාදන සඳහා වෙන් වූ කාර්මික කලාපයක් පරන්තන්වලදී ඉදිකිරීම
    • වතු නිවාස සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4,268ක් වෙන් කිරීම
    • මෝටර් රථ උපාංග සහ රබර් සඳහා කැපවුණු කාර්මික ජනපදයක් පිහිටුවීම
    • ක්ලීන්   ශ්‍රී ලංකා වැඩසටහනට සඳහා රුපියල් මිලියන 5000ක් යෙදවීම
    • ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට රුපියල් මිලියන 750ක් යෙදවීම
    • අලි මිනිස් ගැටුම අවම කිරීමට විදුලි වැට සංවර්ධනය සඳහා රුපියල් මිලියන 300ක් යෙදවීම
    • මූල්‍ය වෙළෙදපොලේ සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම
    • දූෂණය පිටු දැකීමට නීති රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම
    • තඹුත්තේගම ජල සැපයුම් ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට පියවර ගැනීම
    • ගිරිබාව එප්පාවල ජල සම්පාදන යෝජනා ක්‍රමය නැවත ආරම්භ කිරීමට පියවර ගැනීම
    • ප්‍රජා ජල සම්පාදන ක්‍රම කඩිනමින් අවසන් කිරීමට රුපියල් මිලියන 2000ක් වෙන් කිරීම
    • රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර ගැනීම
    • රැකියා විරහිත උපාධිධාරීන් 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට පියවර ගැනීම
    • රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40000 දක්වා ඉහළ දැමීම
    • රාජ්‍ය සේවයේ වාර්ෂික වැටුප් වර්ධකය 80%කින් ඉහළ දැමීම
    • 2025 ජනවාරි 1 සිට විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ප්‍රතිලාභය නව වැඩිවීමට අනුව
    • 2025 ජනවාරි 1 සිට විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ප්‍රතිලාභය නව වැඩිවීමට අනුව ක්‍රියාත්මක කිරිම
    • පෞද්ගලික අංශයේ අවම වැටුප රු 27, 000 දක්වා ඉහළ දැමීම
    • වතු කම්කරු අංශයට පොරොන්දු වූ රුපියල් 1700 දෛනික වැටුප ගෙවීමට පියවර ගැනීම
    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ කුලී ආදායම් බද්ද මේ වසරේ ක්‍රියාත්මක නොකිරීමට තීරණය කිරීම
    • පුද්ගලික ආදායම් බද්ද සඳහා බදු රහිත සීමාව වැඩි කිරීමට පියවර ගැනීම
    • ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු රහිත ආර්ථිකයක් කරා ගමන් කරවීමට පියවර ගැනීම
    • වැට් බදු ලියාපදිංචි ව්‍යවසායන් තුළ පොයින්ට් ඔෆ් සේල් යන්ත්‍ර භාවිත කිරීමට පියවර ගැනීම
එම අයවැය සම්පුර්ණ කතාව පහළින්..


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top