Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
14
හොලිවුඩ් අහසේ පායපු දීප්තිමත්ම තාරකාව ඇගේ මරණය තවමත් අබිරහසක්...

- හොලිවුඩ් අහසේ පායපු දීප්තිමත්ම තාරකාව ඇගේ මරණය තවමත් අබිරහසක්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
 හොලිවුඩය ගැන කතා කරද්දී අදටත් නොවරදවා කියවෙන නමක් තමයි මැර්ලින් මොන්රෝ කියන්නෙ. ඇය හොලිවුඩ් අහසේ පායපු දීප්තිමත්ම තාරකාවක්. මරණයට පත්වෙලා වසර හැටකට පසුවත් තවමත් අමතක නොවුණු ප්‍රසිද්ධ චරිතයක්. රංගනය වගේම ඇයගේ සරාගී රූසපුවත් කාගෙත් කතාබහට ලක්වුණා. හොලිවුඩයේ වැඩිම කාලයක් තිස්සේ කතාබහට ලක්වෙන  හෙවත් සරාගීබවේ සංකේතය විදිහටත් මැර්ලින් මොන්රෝ අදටත් හැඳින්වෙනවා. ඉතින් අද මේ ලියන්න යන්නේ ඇගේ කතාව. පිටින් අපිට පෙනුන ඇගේ සුන්දරත්වයට වඩා දුක්බර ඇතුලාන්තයක් ඇගේ මේ ජිවිත කතාවේ තියෙන බව කියවන ඔබටම තේරුම් යාවි.

01. මැර්ලින් මොන්රෝ

අපි හැමෝම ඇයව හඳුනන්නේ මැර්ලින් මොන්රෝ නමින් වුණාට ඇගේ මුල් නම, ඒ කියන්නේ උපතේදී ඇයට තබන නම වෙන්නේ නෝර්මා ජීන් මෝටෙන්සන් කියන නමයි. පසුකාලීනව ඇය මවගේ පෙළපත් නාමය සමඟ ඇගේ නම නෝර්මා ජීන් බේකර් ලෙස වෙනස්කර භාවිතා කරනවා. මැර්ලින් කියල කියන්නේ අති සුප්‍රසිද්ධ ඇමරිකානු නිලියක්, ගායිකාවක් වගේම නිරූපණ ශිල්පිනියක්.

02. ළමා කාලය

මැර්ලින් උපත ලබන්නේ 1926 වසරේ ජූනි පළමුවෙනිදා. ඇගේ මව ග්ලැඩීස් පර්ල් බේකර් නම්වූ කාන්තාවක්. පියා මවගේ දෙවන සැමියා වූ මාර්ටින් එඩ්වඩ් මෝටෙන්සන්. නමුත් මේ යුවලගේ විවාහයෙන් සුළු කාලයකදී මොවුන් නීතියෙන් වෙන්වෙනවා. ඒ වගේම ඇගේ සැබෑ පියා පිළිබඳව මතභේදාත්මක තත්වයකුත් ඇතිවෙන නිසා ඇයට කුඩාකාලයේ ඇගේ පියා දැකබලා ගැනීමේ වාසනාව හිමිවෙන්නේ නැහැ. ඒ වගේම ඇයගේ මවට පැවතුන මානසික අබාධමය තත්වයක් නිසා ඇයට ඇගේ ලමාකාලයෙන් වැඩි කොටසක් කැපකරු මාපියන් සමඟ සහ ළමා නිවාසවල ගත කරන්නටත් සිදුවුණා.

03. මැර්ලින්ගේ සැබෑ පියා

මැර්ලින් ගේ පියා විදිහට ඇගේ උප්පැන්න සහතිකයේ නම සඳහන් වෙන්නේ මාර්ටින් එඩ්වඩ් මෝටෙන්සන් කියන පුද්ගලයාගේ නම. නමුත් ඇගේ සැබෑ පියා ඔහු නොවෙන බවට විවිධ කතා පැතිරුණා. මැර්ලින් ගේ මරණයෙන් වසර 60 කට පසුව ‘Marilyn, Her Final Secret’ කියන වාර්තාමය චිත්‍රපට නිර්මාණකරුගේ මැදිහත්වීමෙන් මැර්ලින්ගේ දේහය එම්බාම් කල එම්බාම්කරුගෙන් ලබාගත් ඇගේ කෙස් ගසක් සහ ඇගේ සැබෑ පියා බවට සැකකළ චාල්ස් ස්ටැන්ලි ගිෆෝඩ් ගේ මී මුණුපුරාගෙන් ලබාගත් කෙල සාම්පලයක් සංසන්දනය කරමින් සිදුකල DNA පරීක්ෂණයකින් තහවුරු වෙනවා ඇගේ ජීවවිද්‍යාත්මක පියා චාල්ස් ස්ටැන්ලි ගිෆෝඩ් බව.

04. විවාහයන්

මැර්ලින් මොන්රෝ ඇගේ කෙටි ජිවිත කාලය තුල විවාහයන් තුනකට ඇතුලත් වෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස එම විවාහයන් තුනම සාර්ථක වෙන්නේ නැහැ.
ඇය මුලින්ම විවාහ වෙන්නේ ජේම්ස් ඩෝගර්ටි නම් පුද්ගලයෙකු සමඟ. ඒ ඇයට වයස අවුරුදු 16ක් තරම් ඉතා කුඩා වයසේ. නමුත් පසුකාලීනව ඇය නිරූපණ ශිල්පිනියක ලෙසින් ඇගේ වෘත්තීය ජීවිතට ඉදිරියට ගෙනයන්න ගන්නා තීරණය නිසා 1946 වසරේ එම විවාහයෙන් ඇය නීතියෙන් වෙන්වෙනවා.
දෙවන වර ඇය විවාහ වෙන්නේ ප්‍රසිද්ධ බේස්බෝල් ක්‍රීඩක ජෝ ඩිමැජියෝ සමඟ. ඒ 1954 වසරේදී. නමුත් ඒ විවාහයත් වැඩිකල් පවතින්නේ නැහැ. ඉතාම කෙටි කාලයකින් මේ යුවල දික්කසාද වෙනවා. නමුත් එයින් පසුවත් ඔවුන්ගේ මිතුදම අවසන් වෙන්නේ නැහැ. මැර්ලින්ගේ අවාසනාවන්ත මරණයෙන් පසු ඇගේ අවමංගල්‍යයේ සියලු කටයුතු සංවිධානය කලේ ජෝ විසින් බවත් ඇගේ මරණයෙන් වසර විස්සකට වඩා වැඩි කාලයක් සතියට තුන් වතාවක් ඇගේ සොහොනට රෝස මල් යවන්නට ඔහු කටයුතු කර ඇති බවත් සඳහන් වෙනවා.
ඇය තෙවෙනි වරට විවාහ වෙන්නේ ආතර් මිලර් නමැති පුද්ගලයා සමඟ. එයින් වසර පහකට පසුව ඒ දෙපල අසාර්ථක විවාහය නිමකරමින් 1961 වසරේදී නීතියෙන් වෙන්වෙනවා.

05. වෘත්තිය ජීවිතය

ඇගේ නිරූපණ දිවිය ආරම්භ කරන්නේ 1943 වසරේ. 1946 වසරේ ඡායාරූප නිරූපණ ශිල්පිනියක වශයෙන් Twentieth Century-Fox සමාගම සමඟ ගිවිසුම්ගතවීමත් එක්කයි ඇගේ නම “මැර්ලින් මොන්රෝ” ලෙස වෙනස් කරගැනීම සිදුවෙන්නේ. Fox සහ Columbia ආයතන සමඟ චිත්‍රපට කිහිපයක රංගනයෙන් පසු ඇය නැවත කාලයක් රැකියා විරහිතව කල් ගෙවනවා. ඒ කාලයේ ඇය නැවත ඡායාරූප නිරූපණයට යොමුවෙනවා. ඒ කාලසීමාවේ කැලැන්ඩරයක් සඳහා ලබාගත් ඇගේ නිරුවත් ඡායාරූප නිසා ඇයට නැවත චිත්‍රපටයක රංගනයට අවස්ථාව ලැබෙනවා. එතැන් පටන් නැවත රංගන දිවිය ආරම්භ කරන ඇය 1962 වසරේ මියයන තුරුම ඉතා ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක ලෙස නිර්මාණ විශාල සංඛ්‍යාවකට දායක වෙනවා.

06. ජනපති සමඟ පෙම් පලහිලව්ව

මැර්ලින්ගේ නිලියක් විදිහට ඒ කාලයේ තිබුන පසිද්ධියට අමතරව ඇය ගැන විවිධ කටකතා පැතිරුණා. ඒ අතරින් ප්‍රසිද්ධම කටකතාවක් තමයි ඇය එවකට ඇමරිකානු ජනපතිව සිටි ජෝන් එෆ්. කෙනඩි සමඟ පෙම් පලහිලව්වක් පැවැත්වුවා කියන කතාව. ඒ කටකතා වලට ලොකුම උදව්වක් තමයි ජනපති ජෝන් එෆ්. කෙනඩිගේ 45 වෙනි උපන්දිනය වෙනුවෙන් මැර්ලින් මොන්රෝ ප්‍රසිද්ධීයේ ගායනා කල “Happy Birthday Mr. President” ගීතය. එය ඇයගේ අවසන් ප්‍රසිද්ධ දර්ශන කිහිපයෙන් එකක් විදිහටත් ඉතිහාසගත වෙනවා.

07. මානසික ආබාධය සහ අභිරහස් මරණය

මැර්ලින් කාලයක සිට ඇගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සහ මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගන්නවා. කෙසේ නමුත් 1962 අගෝස්තු 05 වෙනිදා පාන්දර ලොස් ඇන්ජලීස්හි නිවසේදී ඇගේ මිනිය සොයාගන්නාවිට ඇය එක අතක දුරකතනයකුත්, අනෙක් අතේ හිස් බෙහෙත් කුප්පියකුත් සහිතව නිරුවත්ව මුණින් අතට මරණයට පත්වී සිටිනවා. විශාදය සඳහා ඇය ලබාගන්නා බෙහෙත් පෙති ඇඳ වටා බිම විසිරි තිබී සොයාගන්නවා. මත්ද්‍රව්‍ය අධිභාවිතාව නිසා සිදුවුනා කියලා අවසානයේ නිගමනය කරපු මේ මරණය ඇත්තටම සියදිවි නසාගනිමක්ද නැතිනම් පෙර සැලසුම් කල මිනිමරුමක්ද යන්න තවමත් අභිරහසක්.
අන්තර්ජාලයෙන්....
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top