ඉතින් මේ සොබා දහමේ අගනා තිළිණයක් වුණ දෙළුම් ගැනයි මේ සටහන...
පළතුරු අතර දිව්‍යමය ගුණ තිබෙන පළතුරක් විදිහට දෙළුම් හදුන්වන්න පුළුවන්...
දෙළුම් යනු කොපමණ ආහාරයට ගත්තද සෑහීමක් ඇති නොවන රසම රස බෙහෙත් ගබඩාවක් වෙනවා... දෙළුම් ඔබට වෛද්‍යවරයකු කරා යාමේ අවශ්‍යතාවය නැත්තටම නැති කරාවි. එය එපමණටම ගුණ ඖෂධයකි වෙනවා...
වටිනාම පළතුරක් වෙන දෙළුම් ලතින් බසින් හඳුන්වනනේ ඇපල් ඇට ලෙසයි. ඊසාන දිග ඉරානය නිජ බිම කර ගත්ත ද ඉන්දීයාවේ හිමාල පෙදෙසේත් දුරාතීතයේ සිටම මෙය ජනප්‍රිය පළතුරක් . අදත් ඉහළම වර්ගයේ දෙළුම් රස විඳින්න ලැබෙන්නේ ඉරානයෙන්...
දෙළුම් යුෂ පානයක් විදිහට හරිම ප්‍රසිද්ධයි.. ඒ විත්‍රක් නෙමෙයි. යෝගට් වැනි ආහාර වලට දෙළුම් ඇට එක්කර ගැනීමෙන් රස මෙන්ම ගුණය ද වැඩිවෙනවා...
දෙළුම් ඇටවලට වඩා මුල්වලින් බෝ කර ගැනීම පහසුයි... ඇපල් වගේම දෙළුම් ද බොහෝ කලක් තබා ගන්න පුළුවන්... දෙළුම් ගබඩා කිරීමට සුදුසුම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 - 42 ක උෂ්ණත්වය කියලා ඔබ දන්නවා ද ? මෙම උෂ්ණත්වය යටතේ මාස ගණනක් දෙළුම් සුරැකිව තබා ගන්න පුළුවන්... හොඳින් කල් තබා ගත් විට දෙළුම් ගෙඩිය කඩන විටදීටත් වඩා රසයෙන් වැඩිවේ. සිසිල් අඳුරු පෙදෙසක මාසයක් පමණ ද ශීතකරණයේ මාස 2 ක් පමණ ද ගබඩා කර තැබීමට පුළුවන්.
දෙළුම් මිලදී ගන්නා විට තෝරා ගත යුත්තේ ප්‍රමාණයේ හැටියට වඩාත් බර ගෙඩිය... ගෙඩිවල පොත්ත ඉරි තැලී පැලී නොතිබිය යුතුයි. පොත්තෙහි තද ගතියක්, දිලිසීමක්, තුනී ගතියක් ඇති දෙළුම් තෝරා ගන්නවානම් වඩාත් හොඳයි...
අයන්, මැන්ගනිස්, පොස්පරස්, සිලිනියම්, සින්ක්, කොපර්, කැල්සයම්, ෆයිබර්, සෝඩියම්, පොටෑසි-යම්, ප්‍රෝටීන්, මැග්නීසියම් මෙන්ම විටමින් C,K,B6 වලින් පොහොසත් දෙළුම් ඖෂධීය ගුණයෙන් පිරිපුන් පළතුරක් බව ඔබ දන්නවා ද?
අපි බලමු දෙළුම් වලින් අපට ලබා ගත හැකි ප්‍රයෝජන මොනවද කියලා?
මතක ශක්තිය වර්ධනය කරයි
පිළිකා සෛල විනාස කරයි.
ශරීර දුබලතාවය දුරු වෙයි.
අන්ත්‍රය ආශ්‍රිත රෝග වලට ගුණ දායකයි.
නිතර ඇදුම රෝගයෙන් පෙලෙන අයට ගුණ දායකයි.
දෙළුම් කොළ ඇස් රෝග සුව කරයි.
හදවත ආශ්‍රිත රෝග වලට ගුණ දායකයි.
දෙළුම් ඇට දිනපතා ආහාරයට ගැනීමෙන් තරුණ බව සුරැකේ
මුත්‍රා ආශ්‍රිත සියලුම රෝග වලට ගුණදායකයි.
ආයුර්වේදයේදී පවා දෙළුම් වලට ලැබෙන්නේ වටිනා තැනක්.. දෙළුම් යුෂ සොබා දහම විසින් අපට ලබා දී ඇති ප්‍රබලම විස නාශකයක්... පෝෂණ ගුණයෙන් අනූන මෙහි තන්තු, විටමින්, ඛණිජ යන ජෛව ක්‍රියාකාරී සංයෝග බහුලව තිබෙනවා..
ශරීරයේ ඉදිමුම (ප්‍රතිදාහය) වැලැක්වීමේ ගුණයක් දෙළුම්වලට තිබෙනවා...
ආඝාතය ඇතිවිමේ අවධානම, අකලට මහලු වීම, අධික රුධිර පීඩනය, ඇල්ෂයිමර් රෝග, පිළිකා ආදියට හේතුවන අහිතකර ද්‍රව්‍යයන්ගෙන් අපව මුදවා ගන්නත් දෙළුම්වලට හැකිබව කියනවා...
හෘද රෝගීන් දෙළුම් අනිවාර්යයෙන්ම පානය කළ යුතුය. විස නාශකවලට අමතරව පොටෑසියම් හා විටමින් ‘සී’ ද විශාල වශයෙන් මෙහි අඩංගුයි. එක් දෙළුම් ගෙඩියකින් වැඩිහිටියකුගේ දෛනික විටමින් ‘සී’ අවශ්‍යතාවයෙන් 40% ක්ම සපුරා ගත හැකියි.
දෙළුම් ගෙඩිය වගේම දෙළුම් ශාකයම ඖෂධීය ගුණයෙන් ඉහළයි. අර්ශස් රෝගීන්ටද දෙළුම් මගින් සහනයක් ලැබීමට පුළුවන්. ශරීරයේ පටකවල සෘජුභාවය ඇති කිරිමේ හැකියාව දෙළුම්වලට තිබෙනවා..
දෙළුම්වල ඇති රසායනික සංයෝගයක් වන පුනිකැලජින් (Punicalagins)නමැති රසායනිකය හේතුවෙන් මොළයේ සෛල විනාශ වීම වලක්වන අතර මොළයේ ඇති සියුම් සෛලවල ඉදිමුම් සමනය කිරිමට හැකියාව ඇති බැවින් මොළයේ සෛල විනාශ කරන ඇල්ෂයිමර් රෝගය පැතිරීම වළක්වාගැනීමට දෙළුම් ආහාරයට එක්කර ගැනීම වැදගත් යැයි පර්යේෂකයෝ ප්‍රකාශ කරනවා...
දෙළුම් වල ඇති රසායනික සංයෝග හේතුවෙන් රූමටික හන්දි ප්‍රදාහය සහ පාර්කින්සන් රෝගයේ ලක්ෂණයක් වූ වේදනාවට සහනයක් ලැබෙන බවත් මුඛයේ ඇතිවන ආසාදන , දත්මුල් ඉදිමුම හා දන්තකුහර වැලැක්වීමේ හැකියාව තිබෙනවා....
ඔබට හැකි හැමවිටම දෙළුම් ආහාරයට ගන්න අමතක කරන්න එපා...