මේ සමාජයේ විවිධාකාර මිනිසුන් ජීවත් වෙනවා. සමහරු හිතගෙන ඉන්නේ සල්ලිවලින් ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා.
තවත් සමහරු තමන්ට තියෙන බලය, තනතුර ප්‍රයෝජනයට අරගෙන ජීවත් වෙන්නේ අනිත් හැමදේම ඒවට යටයි කියලා හිතාගෙන.
මේ බලයත්, තනතුරත් තිබිලා රටේ නීතියට ගරු කරපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ගැන අපිට අහන්න ලැබුණේ අන්තර්ජාලයේ හුවමාරු වුණු ඡායාරූප කිහිපයකින්.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ මහතා අතින් සිද්ධවුණු වරදකට රියදුරු බලපත්‍රය අරගෙන පොලිසිය දඩයක් නියම කරලා.
මන්ත්‍රීවරයා අතින් සිදුවුණු වරදකට ලැබුණු දඩ කොලය ගෙවලා රියදුරු බලපත්‍රය ගන්න අවස්ථාව එන තුරු මන්ත්‍රීතුමා කුරුඳුවත්ත පොලිසියට වෙලා බලාගෙන ඉන්න හැටි එම ඡායාරූපවල දැක්වෙනවා.
කොහොම වුණත් බලතල පාවිච්චි කරලා මිනිස්සුන්ට පාට් දාන, නැතිනම් පහත් කරන අය අතරේ මේ වගේ දේවල් දැක්කම අගය කරන්න ඕනේ නිසාමයි අපි මේ ගැන සටහනක් තබන්න හිතුවේ.