Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
12
රෝගී පුද්ගලයෙකුට පවා ශක්තියක් ලබාදෙන, පෝෂණ ගුණාංග රැසකින් සමන්විත මිදි ගැන මේ කතාව ඔබත් දැනගෙන හිටියාද..?

- රෝගී පුද්ගලයෙකුට පවා ශක්තියක් ලබාදෙන, පෝෂණ ගුණාංග රැසකින් සමන්විත මිදි ගැන මේ කතාව ඔබත් දැනගෙන හිටියාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36 Views

මේ කියන්න යන කතාව සමහරවිට ඔබ මීට කළින් අසා නැතුව ඇති.

හිතනවාද මේ පළතුර තුළ මේ තරම් පෝෂණ ගුණයක් ගැබ් වෙලා තියනවා කියන එක. 


වැඩිම කාලයක් මනුෂ්‍යයකුට ජීවත් වෙන්න උදව් වෙන බලගතු ඔසු ගැන පර්යේෂණය කළ විද්‍යාඥයන්ට තහවුරු කර ගන්නට හැකි වූ තොරතුරු පර්යේෂණයක් මඟින් ලෝකයට දායාද කර ගන්නට හැකි වී තිබෙනවා.

ඒ පලතුරක් ලෙස ගැනෙන මිදි. මිදි කියන්නේ ඉහළම පෝෂණ ගුණාංග රාශියකින් සමන්විත රෝගී පුද්ගලයකුගේ ශරීර ශක්තිය ඉක්මනින් ලබාදෙන සුපිරි පලතුරක් ලෙස ලෝකය පුරාම ප්‍රසිද්ධයි. බාල, තරුණ, වැඩිහිටි,මහලු කුමන වයසේ පසුවන කෙනකු වුණත් මිදි කෑමට දැඩි ගිජු බවක් දක්වයි. පැහැය අනුව කළු පාට හා ළා රතු පාට හා ළා දම් පැහැයට හුරු මිදි හා ළා කොළ පාට වශයෙන් මිදි වර්ග කිහිපයක්ම වෙළෙඳපොළේ දකින්න පුළුවන්.

දේශීය මිදිවලට රසායන ද්‍රව්‍ය මිශ්‍ර කිරීම අවම නිසාම ඒවා ස්වාභාවික රසයෙන් ඉතාම ඉහළයි. වැඩි දෙනෙක් කැමැති ළා කොළ පාට මිදි ආහාරයට ගන්නයි. සමහරු කුඩා ගෙඩි වශයෙන් තිබෙන කළු පැහැ තද දම් පාට මිදි ආහාරයට ගන්න කැමැතියි. රතු සහ ළා දම් පැහැය මිශ්‍ර මඳක් ලොකු ගෙඩි සහිත “රතු මිදි” ග්‍රෑම් 100කට ඉතා අඩු ගෙඩි ප්‍රමාණයක් අල්ලන බැවින් රතු මිදිවලට තිබෙන්නේ මඳක් අඩු ඉල්ලුමකි.

ඒත් ඔබ දන්වාද වඩාත් ගුණදායකම මිදි වර්ගය මේ රතු මිදි වර්ගය බව. ඒ වගේම කිවයුතු තවත් විශේෂ කාරණයක් තමයි මිදි ආහාරයට ගැනීමේදී බොහෝ දෙනෙක් මිදි ගෙඩිය වටා තිබෙන සියුම් පොත්ත අවසානයේදී “හපයක්” ලෙස මුවින් එළියට විසිකිරීම පුරුද්දක් ලෙස කරන අය අප අතර සිටින බව.

තවත් සමහරු මිදි ගෙඩිය මුව තුළට දාගන්න කලින්ම එහි සියුම් පොත්ත හීන්සීරුවේ ඉවත් කර ආහාරයට ගන්න හුරුවී තිබෙනවා. ඔබ දන්නවාද මේ පිළිවෙත් දෙකම ඉතාම වැරැදි බව. මිදි ආහාරයට ගැනීමේ නිසි පිළිවෙළ වන්නේ පිරිසුදු ජලයෙන් මිදි ගෙඩි හොඳින් සෝදා ඒවා ටිෂූ කඩදාසියකින් පිස පොත්තද සමඟ ආහාරයට ගැනීම බව ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු තත්ත්වයක්.

ඒ තොරතුරු ඉතාම විද්‍යාත්මකව සනාථ කරන්නට පසුගියදාක ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගේ්‍රගෝරියෝ වැල්ඩෙක්ස් (Gregorio Valdex) ඇතුළු පිරිසක් සමත් වුණා. එම පර්යේෂණවලට අනුව කෙනකුගේ වයස්ගත වීම ප්‍රමාද කරන ස්වාභාවික ප්‍රබල සංයෝගයක් වන Resveratrol නම් සංයෝගය රතු මිදි ගෙඩිවල පොත්තේ අන්තර්ගත වන බව Valdex ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් සොයාගනු ලැබුවා. දිනපතා රතු මිදි ගෙඩි 5-10ක් පමණ කන අයත්

දිනකට වරක් රතු මිදි යුෂ වීදුරුවක් (සීනි නොදැමූ) පානය කරන අයත් එසේ නොකරන අයට සාපේක්ෂව දිගු ආයුෂ ලබන බව මහාචාර්ය Valdex ස්ථිරවම ප්‍රකාශ කරයි. රතු මිදි පොත්තේ අන්තර්ගත Resveratrol නම් සංයෝගය මිනිස් සිරුරේ පේශි ශක්තිමත් කිරීමටත් DNA අණු අලුත්වැඩියා කිරීමටත් ප්‍රබල දායකත්වයක් සැපයීම මීට හේතුවයි. රතු මිදි ගෙඩිවල පොත්තේ මෙන්ම රාස්බෙරි හා බ්ලූබෙරිවල පොත්තේද මෙම

අනගි පිනොලික සංයෝගය බහුලව අඩංගු වන බවද මහාචාර්ය Valdex ප්‍රකාශ කරයි. පලතුරක් ලෙස මිදිවලට වැඩි ප්‍රියතාවක් දක්වන අයට මෙන්ම කිසිදු දැනුමකින් තොරව වෙළෙඳපොළෙන් මිදි මිලදී ගන්නන්ටත්, මෙතෙක් කල් මිදි කෑමට එතරම් ප්‍රියතාවක් නොදැක්වූ අයට නිසැකවම මේ තොරතුරු ඉතාම වැදගත් හෙළිදරව්වක් වන බව නිසැකය.



මව්බිම පුවත්පත ඇසුරෙන්....  
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top