ඒ පුංචි මල් කැකුළ කවදාටත් වඩා එදා ගොඩක් සතුටෙන් ඉන්න ඇත්තේ ඔහුගේ හිතේ තිබුණ ආසාව ඉටු වුණ හින්දා වෙන්න ඇති..
කොහොම වුණත්, මේ වෙච්ච හැම දෙයක්ම මේ පුංචි පුතා අම්මාටවත් තාත්තාටවත් කියන්න නැතුව ඇත්තේ ඒ පුංචි හිතේ තිබුණ හීනය බිදීයාවි කියන බයට වෙන්න ඇති..
ඒත් අවසානයෙ මේ හැම දෙයක්ම ඔහුට කියන්න සිද්ධ වෙනවා...
යාපනයේ නෙල්ලිඅඩි මධ්‍ය විද්‍යාලයට අළුතින් හය වන ශ්‍රේණියට ඇතුළත් වූ සිසුවෙකුට එම පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් පහර දි ඔහුගේ මුදල් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් යාපනය නෙල්ලිඅඩි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා..
පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් පසුව එම සිසුවා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වී ඇත්තේ වඩමරච්චි ප්‍රදේශයේ ගම්බද පාසලකින්..
ඔහු පාසලට ඇතුළත් කළ මුල්ම දිනයේදී මෙසේ පහර කෑමට ලක්ව ඇතත් ඔහු ඒ පිළිබදව දෙමව්පියන්ට හෝ ගුරුවරුන්ට සඳහන් කර නොමැති බවයි වාර්තා වන්නේ..
පහර කෑමට ලක් වූ සිසුවා නිවසට පැමිණ සිටියදී ඊට පසුදින ඔහුගේ කම්මුල් හා පිට ඉදිමෙන්නට පටන් ගැනීම නිසා ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා..
ඔහුගේ තත්ත්වය බරපතළ නිසා ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට මාරු කිරීමෙන් පසුව සිසුවා සම්බන්ධයෙන් සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඔහු තදබල පහර කෑමකට ලක්ව සිටින බවටයි අනාවරණය වී ඇත්තේ...