මේ කියන්න යන්නේ තවත් අදහාගත නොහැකි පුවතක්.. දරුවෙකුට මේ වගේ දෙයක් කරන්න ගුරුවරයෙකුට පුළුවන්ද..?
ගණිත ගුරුවරයා මේ තරමට දරදඬු වුණේ කොහොමද..?
මේක සමහර විට ළමයි දෙන්නෙක් අතර ඇති වුණ පොඩි ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.. මේ කතාව අපට ඇහෙන්නේ මන්නාරම අධ්‍යාපන කලාපයෙන්..
මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පාසලක 10 ශ්‍රේණියේ සිසුවෙකුට එම පාසලේ ගණිත ගුරුවරයා විසින් ඉතා අමානුෂික අන්දමට පහර දීම නිසා සිහිසුන් වූ සිසුවා මන්නාරම රෝහලට ඇතුළත් කොට තිබෙනවා..
එම සිසුවා තවත් සිසුවකු සමග පන්ති කාමරයකදී ඇති කරගත් ගැටුමක් සම්බන්ධයෙන් ශිෂ්‍ය නායකයෙකු ගණිත ගුරුවරයාට කළ පැමිණිල්ලක් විභාග කොට අදාළ ගුරුවරයා එම සිසුවාට පහර දී තිබෙනවා..
පහර කෑමෙන් තුවාල ලබා සිහිසුන් වූ සිසුවා රෝහල් ගත කොට ඇති අතර එම සිසුවාගේ තත්වය පිළිබඳ මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නැහැ..