Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
28
නින්දෙදි මුත්‍රා පිටවෙනවා නම් මේ ගැනත් දැනුවත් වෙන්න

- නින්දෙදි මුත්‍රා පිටවෙනවා නම් මේ ගැනත් දැනුවත් වෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views

නින්දේදී මුත්‍රා පිටවීම “Bedwetting” යනු කුමක්ද?


මෙය අත දරුවන් සහ කුඩා දරුවන් විසින් නින්දේදී නොදැනුවත්වම මුත්‍රා පිටකිරීමේ තත්වයක්. දෙමව්පියන් අපහසුතාවයට පත් කලත් මෙම ක්‍රියාවලිය දරුවෙකුගේ වයස අවුරුදු හය පමණ වන තුරුම සිදු වනවා.

නින්දේ දී මුත්‍රා පිටවීම සඳහා බලපාන කරනු මොනවාද?

දරුවෙකුට කුඩා මුත්‍රාශයක් තිබීම, මුත්‍රාශය කල් ගත වී පරිනත වීම, අධික ලෙස මුත්‍රා නිෂ්පාදනය වීම, මුත්‍රා මාර්ගයේ ඇතිවන විවිධ ආසාදන තත්වයන්, නිදන් ගත මළබද්ධය සහ හෝමෝන අසමතුලිතතාවය වැනි විවිධ හේතු නිසා මෙම තත්වය ඇතිවනවා. මීටත් අමතරව ඇතැම් දරුවන් වැඩි වෙලාවක් නින්දට හුරුවී ඇති නිසා එම දරුවන්ගේ මොළය විසින් මුත්‍රාශයේ මුත්‍රා එක් රැස් වීම හඳුනාගන්නට අපහසුවක් දක්වා නොදැනුවත්වම මුත්‍රා පිට කිරීමක් ඇති කරනවා. දරුවෙකුගේ වර්ධනයත් සමග නින්දේදී මුත්‍රා පිටවීම පහව යන නිසා මේ පිළිබඳව කලබල විය යුතු වන්නේ නෑ. නින්දේදී කුඩා දරුවෙකුට මුත්‍රා පිටවීම වළක්වා ගැනීම සඳහා භාවිතා කල හැකි සෞඛ්‍යාරක්ෂිත ස්වභාවික පිළියම් 15 ඔබ වෙත ගෙන එමටයි අද අපි සූදානම් වන්නේ.

කුරුඳු

නින්දේදී මුත්‍රා පිටවීම වළක්වා ගැනීම සඳහා සිදු කල හැකි සරලම සහ පහසුම ක්‍රමවේදය තමයි කුරුඳු භාවිතා කිරීම. ශරීරය උණුසුම්ව තබා ගැනීම මගින් රාත්‍රියේ දී මුත්‍රා පිටවීම වළක්වා ගන්නට පුළුවන්. ඔබ කුරුඳු කුඩු ස්වල්පයකට සීනි ස්වල්පයක් එක්කර පාන් කැබැල්ලක් අතරට දමා දිනකට එක් වතාවක් ඔබේ දරුවට ලබා දෙන්න.

බෙහෙත් නෙල්ලි
රාත්‍රියේදී මුත්‍රා පිටවීම වළක්වා ගැනීමට බෙහෙත් නෙල්ලි ඉතා ඵලදායී වනවා. භාවිතා කරන ආකාරය: බෙහෙත් නෙල්ල්ලි ගෙඩි දෙකක් ගෙන ඇට ඉවත් කර කුඩා කැබලි කර එයට මීපැණි මේස හැන්දක් සහ කහ කුඩු ස්වල්පයක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණයෙන් මේස හැන්දක් බැගින් සෑම උදෑසනකම දරුවාට ආහාරයට දෙන්න.

සම්භාහනය
සම්භාහනය කිරීම මගින් පහසුවෙන්ම කුඩා දරුවෙකු නින්දේදී මුත්‍රා කිරීම වළක්වා ගන්නට පුළුවන්. ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන එය රත් කර මද උණුසුම්ව තිබියදී දරුවාගේ යටි බඩ පෙදෙසේ පහළ කොටස විනාඩි කිහිපයක් සම්භාහනය කරන්න. දිනකට දෙතුන් වතාවක් මෙය සිදු කරන්න.

“Cranberry” යුෂ

මෙය කුඩා දරුවනුත් ප්‍රිය කරන සාර්ථක පිළියමක්. සති කිහිපයක් යන තුරු දිනපතා දරුවා නින්දට යෑමට පැයකට පමණ පෙර “Cranberry” යුෂ පානය කිරීමට සලස්වන්න. මුත්‍රා මාර්ගයේ ඇති ආසාදනයක් නිසා මුත්‍රා පිටවනවා නම් දරුවාට මෙම යුෂ කෝප්ප භාගයක් දිනකට තුන් වතාවක් පානය කිරීමට සලස්වන්න. “Cranberry” යුෂ මගින් රාත්‍රියේදී මුත්‍රා පිටවීම පාලනය කරනවාට අමතරව වමනය යෑමත් පාලනය කරනු ලබනවා.

වොල්නට්ස් සහ වියළි මිදි

වියළි මිදි පහක් සහ වොල්නට්ස් දෙකක් දරුවාගේ නින්දට පෙර ලබා දෙන්න. සාර්ථක ප්‍රතිඵල අත්වන තුරු සති කිහිපයක් මෙම ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයසිදු කරන්න.

මුත්‍රාශයට සිදු කරනු ලබන ව්‍යායාම

මෙම ලිපියේ සඳහන් වන ස්වභාවික පිළියම් අතරින් මෙම සරල ව්‍යායාමය සිදු කිරීම මගින් දරුවාගේ මුත්‍රාශයේ මුත්‍රා ඒකරාශී වන ප්‍රමාණය වර්ධනය කර මුත්‍රා පිටවීම පාලනය වන ආකාරයට මාංශ පේශී සවිමත් කර ගන්නට පුළුවන්. මේ ව්‍යායාමය සිදු කිරීම සඳහා ඔබේ දරුවා යම්තාක් දුරට කරුණු වැටහෙන දරුවෙක් විය යුතු වනවා. ඔබේ දරුවා මුත්‍රා කිරීමේදී තප්පර 5 ත් 10 ත් අතර කාලයක් මුත්‍රා නොකර මුත්‍රා අවහිර කර තබා සිටින ලෙසට උපදෙස් ලබා දෙන්න. ඉන් පසුව තප්පර පහක විවේකයක් ගෙන එය නැවතත් සිදු කරවන්න. මෙම ව්‍යායාමය දිනකට වාර තුන බැගින් දස වතාවක් සිදු කරවන්න. අවවාදයයි: මුත්‍රාශය තුල බැක්ටීරියාවන් ආසාදනය වීම ඇතිවන නිසා මෙය දිගු වෙලාවක් සිදු නොකළ යුතු ක්‍රියාවක් වනවා.

මී පැණි

මී පැණි වල ඇති මිහිරි රසට කුඩා දරුවන් වඩාත් ඇලුම් කරන නිසා මෙම පිළියම භාවිතා කිරීමට ඉතාමත් පහසු වනවා. ඔබේ දරුවාට මී පැණි තේ හැන්දක් නින්දටපෙර ලබා දෙන්න. ඒ වගේම, උදෑසන ඔබේ දරුවා පානය කරනු ලබන කිරි වීදුරුව සමග මී පැණි ස්වල්පයක්ද එක්කර පානය කිරීමට සලස්වන්න.

ස්වභාවික ඇපල් විනාකිරි

දරුවාගේ ශරීරයේ PH අගය සමබර කල හැකි බලවත් අමුද්‍රව්‍යක් තමයි ඇපල් විනාකිරි කියන්නේ. ජලය ස්වල්පයකට ඇපල් විනාකිරි මේස හැඳි දෙකක් එක්කරන්න රසය වැඩි කිරීම සඳහා මී පැණි ස්වල්පයක් ද එක්කරන්න. ඔබේ දරුවාගේ සෑම කෑම වේලක් සමගම මෙයත් ආහාරයට දෙන්න.

අබ ඇට

මුත්‍රා මාර්ගයේ ඇති ආසාදනයක් නිසා රාත්‍රියේදී මුත්‍රා පිටවනවා නම් මෙය සුව කර ගැනීමට අබ ඇට භාවිතා කරන්නට පුළුවන්. උණු කිරි එකක් ගෙන අබ ඇට තේ හැඳි භාගයක් එයට එක්කරන්න. මෙම කිරි පානය ඔබේ දරුවා නින්දට යාමට පැයකට පමණ පෙර ලබා දෙන්න.

හකුරු

කුරුඳු භාවිතයෙන් ශරීරය උණුසුම් කර ගන්නවා වගේම හකුරු භාවිතයෙනුත් ශරීරය උණුසුම් කර රාත්‍රියේදී මුත්‍රා පිටවීම වළක්වා ගන්නට පුළුවන්. උදෑසන පානය කරන කිරි වීදුරුවත් සමග ඔබේ දරුවාට හකුරු කැබැල්ලක් ආහාරයට ගැනීමට සලස්වන්න. පැයකට පමණ පසු කර කරන ලද “sesame” ඇට සහ “celery” ඇට සමග කැට ලුණු ස්වල්පයක් ආහාරයට ගැනීමට සලස්වන්න. මෙය මාස දෙකක් පමණ වන තුරු සෑම දිනකම සිදු කරන්න.

මහදුරු

ඔබේ දරුවා පානය කරන උණු කිරි වීදුරුවට මහදුරු ඇට තේ හැඳි දෙකක් එක්කර පානය කිරීමට සලස්වන්න. ඔබේ දරුවාගේ රාත්‍රී මුත්‍රා පිටවීම පහව යන තුරු දිනපතා මෙම ප්‍රතිකාර ක්‍රමය සිදු කරන්න.

කෙසල්

දිනකට ඔබේ දරුවාට කෙසෙල් ගෙඩි දෙකක් හෝ තුනක් ආහාරයට ගැනීමට සැලැස්වීම මගිනුත් රාත්‍රියේදී මුත්‍රා පිටවීම පාලනය කර ගන්නට පුළුවන්.

වට්ටක්කා ඇට

වට්ටක්කා ඇට සතු මුත්‍රා වර්ධක හැකියාව නිසා මෙම ප්‍රතිකාර ක්‍රමය දිවා කාලයේදී දරුවාට සිදු කල යුතු වනවා. ඔබේ දරුවාට වට්ටක්කා ඇට දිවා කාලයේදී ලබා දෙන්න. එමගින් මුත්‍රා වර්ධනය වැඩිවී මුත්‍රාශයේ මාංශ පේශී වල වර්ධනය වැඩි වේවි. එමගින් ඔබේ දරුවාගේ මුත්‍රාශය රාත්‍රී කාලයේදී වැඩි මුත්‍රා ප්‍රමාණයක් දරා සිටීමට සුදානම් වේවි.

දෙමාපියන්ගේ ආකාල්ප සහ රුකුල

දරුවෙකු නින්දේදී මුත්‍රා කල විට එම දරුවාට වරද පටවා දෝෂාරෝපණය එල්ලකල යුතු වන්නේ නෑ. දරුවාට දෝෂාරෝපණය කරනවා වෙනුවට මෙය සරල සිදුවීමක් යන වග මෘදුව වටහා දෙන්න. මෙය වටහා දුන් පසුව ඔවුනුත් කැමැත්තෙන්ම මෙම ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වේවි.

අගය කිරීම සහ ත්‍යාග ලබාදීම

කුඩා දරුවන් තමාගේ උපරිමෙන් යම් කාර්යයක් සිදු කල විට ඒ පිළිබඳ අගය කරනවා නම් වැඩි කැමැත්තක් දක්වනවා. රාත්‍රියේදී මුත්‍රා පහ කොකර සිටිනවා නම් ත්‍යාගයක් ලබා දෙන බවට ඔබේ දරුවාට පවසන්න. එම ත්‍යාගය ලබාගැනීමේ අරමුණින් ඔබේ දරුවා එම පොරොන්දුව රැකීමට උත්සහා කරාවි. එවිට ඔබේ දරුවාව අගය කරන්න.

අවවාදයයි: මෙම ප්‍රතිකාර ක්‍රම අත දරුවන් සඳහා සිදු කිරීම කිසිසේත්ම සුදුසු වන්නේ නෑ.

( උපුටා ගැනීමකි..)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top