විදුලි බිල ගැන නිරන්තරයෙන් කතා බහට ලක් වෙනවානේ.
මොකද මේ දිනවල ලැබෙන විදුලි බිල ජනතාවට දරාගන්න බැරි තරම් කියන එක ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
ඉතින් මේ ලයිට් බිල අඩු වේවිද ?
මේ ඒ ගැන කියැවෙන පුවතක්.
පවතින විදුලි බිල අවම වශයෙන් සියයට 33කින් අඩු කළ යුතු බවට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගීතා කොමිසමට නිර්දේශ කර තිබෙනවා.
විදුලිබිල ගෙවීමට නොහැකි වීම හමුවේ විසන්ධි කළ විදුලි සබඳතා නැවත ලබා ගැනීමේදී අදාළ හිඟ විදුලි ගාස්තු වාරික පදනමින් ගෙවීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසද එහිදී උපදෙස් දී තිබෙනවා.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියාදා පාර්ලිමේන්තුවේදී රැස්වුණා.