වැඩේ වැරදුනාම කාටවත් කියන්න එපා කියලා
දකුණු පියයුරුවත් ඔපරේෂන් කරලා
දෙදරු මවකගේ විසින් ඇයගේ දකුණු පියයුරේ රෝගයකට ශල්‍යකර්මයක් සිදුකර ගැනීමට ගොස් වම් පියයුරට ශල්‍යකර්මය කර ඇති පුවතක් සම්බන්දයෙන් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. සිද්ධියෙන් පසු එම කාන්තාවගේ සැමියා දකුණු කළුතර පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දකුණු කළුතර පොලිසිය සහ කළුතර නාගොඩ රෝහල මඟින් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අගලවත්ත - බෙල්ලන පදිංචි දෙදරු මව ඇයගේ දකුණු පියයුරේ ඇති වූ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට ඉකුත් 01දා කළුතර නාගොඩ රෝහලට ගිය පසු ශල්‍යකර්මයක් සිදුකළ යුතු බව වෛද්‍යවරුන් දැනුම් දී තිබෙනවා.