Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
බිරිඳට වස පොවා කොල්ලත් වස බීලා
කොල්ලාට වයස 20යි, බිරිඳට 15යිලු


පසුගියදා මහියංගනය ප්‍රදේශයේ තේක්ක ඉඩමකදී දූෂණය කර මරාදමා තිබූ ගාමන්ට් ගිය තරුණියගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයා සොයාගෙන තිබෙනවා. මහියංගනය ප්‍රදේශයේ කැළයක ඔහු සැඟව සිට ඇති අතර ඔහු සමඟින් තවත් කාන්තාවක්ද සිට තිබෙනවා.

සොයාගන්නා අවස්ථාවේ මොවුන් දෙදෙනා වසපානය කර ඇති බවට තොරතුරු වාර්තා වන අතර සැකකාර පුද්ගලයා සමඟ සිටි කාන්තාව ඔහුගේ බිරිඳ බවටද වාර්තා වෙනවා. ඇයගේ වසය අවුරුදු 15ක්.

views1,171 Views
comment

englishtrans
‘‘ලොකු පුතා තමයි මට කන්න
කෙසෙල් ගෙඩි ගෙනැල්ලා දෙන්නේ‘‘
‘‘මම කිසිම දේක අඩුවක් කළේ නෑ එයාට‘‘ - මිණිබිරී
‘‘ඒ ගෑණු ළමයා ආච්චිට ආදරෙන් සලකාගෙන හිටියේ‘‘ - අසල්වැසියෙක්

ඊයේ (02) දිනයේදී වයස අවුරුදු 78ක් වන කාන්තාවක් වැසිකිළියක් අසල කාමරය දමා සිටියදී මිටියාගොඩ පොලිසිය විසින් සොයාගනු ලැබුවා. එලෙස කාන්තාව අනාරක්ෂිත රඳවා සිටි ඇයගේ මිණිබිරිය මෙන්ම දියණියද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේ මිණිබිරිය හඬමින් කියා සිටියේ තමන් වැරැද්දක් කර නැති බවයි.

එමෙන්ම කාන්තාවට කෑම බීම, ඇඳුම් පැළදුම් සියළු දේ ලබාදුන් බවත් ඇය පවසා සිටියා. තමන්ගේ ආච්චි හිටි ගමන් කෑ ගසන බවත්, සමහර අවස්ථාවල මැරුණු ලෙසින් නිදාගෙන සිටින බවත් ඇය පවසා සිටියා.

views777 Views
comment

englishtrans
උපරිම බලපත්‍ර 2යි
ස්ට්‍රයික් නිසා රෝහල් වැඩ අඩාලයි

රටපුරා ක්‍රියාත්මක වන පරදි අද දිනයේ වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙක් සාමාන්‍ය සේවාවන්ගෙන් ඈත්වී වර්ජනයේ නිරත වූ අතර මේ හේතුවෙන් රෝගීන් දහස් ගණනක් අපහසුතාවයට පත්වුණා.

එලෙස ඔවුන් වර්ජනයේ නිරතවුනේ අයවැයෙන් විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදෙන වාහන ගෙන්වීමේ බලපත්‍රය අහෝසි කර ඒ වෙනුවට රුපියල් මිලියනයක් ලබාදීමට තීරණය කිරීම නිසාවෙනුයි.
views806 Views
comment
englishtrans
වෙඩි තිබ්බ තුවක්කුවත් ඉතාලියෙන් ගෙනාපු එකක්

වෙන්නප්පුව සිරිගම්පළ යාය 6 ප්‍රදේශයේදි කාන්තාවකට පිහියෙන් ඇන වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එම ඝාතනය සිදුකර ඇත්තේ ඇයගේ ස්වාමි පුරුෂයා විසිනුයි.  මෙලෙස ඝාතනය වී ඇත්තේ සිරිගම්පළ යාය 6 ප්‍රදේශයේ පදිංචි දිමුතු තක්ෂිලා නැමති 27 හැවිරිදි දෙදරු කාන්තාවක්.

ඊයේ  රාත්‍රී 9 ට පමණ සැකකරු එම කාන්තාව පදිංචි නිවස අසලට පැමිණ ඇය නිවසේ නොමැති බව දැක අසල්වැසි නිවසක සිටි තම බිරිය එළියට කැඳවා මෙම ඝාතනය සිදු කර ඇති බවට වාර්තා වෙනවා. මියගිය කාන්තාව තම ස්වාමි පුරුෂයා සමඟ කාලයක්ම ඉතාලියේ සේවය කරමින් සිට ඇති අතර දරු දෙදෙනො අවුරුදු දහයකට බාල බවත් වාර්තා වෙනවා.

views395 Views
comment
englishtrans

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ චරිතයක්ව වූ ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අද (03) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 78ක්.

views1,961 Views
comment
englishtrans
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුතෙකු වන යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය බවට පැවසුණු, එකළ පුවත් මැවූ යසාරා අබේනායක යුගදිවියට එළැඹ තිබෙනවා. ඇයගේ අතගත්තේ රගර් ක්‍රීඩකයෙකු වූ ෆසිල් මරිජා විසිනුයි.

ෆසීල් මහනුවර ක්‍රීඩා සමාජයේද කැපී පෙනෙන රගර් ක්‍රීඩකයෙක්. යසාරා මීට පෙර ක්‍රීඩා නාලිකාවකද ඉහළ තනතුරක සේවය කළ අතර ඝාතනයට ලක්වූ බවට හෙළි වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සමඟින්ද ඇය සම්බන්දයක් තිබූ බවට විවිධ පුවත් මැවුණා.

views1,941 Views
comment
englishtrans
ලේ කිරි කර පෙවූ දෙමාපියන්ට නොසලකනා දරුවන් පිළිබඳව පසුගිය කාලය පුරා දිවයිනේ නන්දෙසින් අපට අසන්නට දකින්නට ලැබුණා. එලෙස ඉදිකරමින් පවතින වැසිකිළියක් අසල නානකාමරයක දමා සිටි කාන්තාවක් සොයාගැනීමට මිටියාගොඩ පොලිසිය සමත් වී තිබෙනවා. මෙම කාන්තාව වැසිකිළියක් අසල නානකාමරයක දමා තිබෙන්නේ ඇයගේ මිණිබිරිය විසිනුයි.

මිටියාගොඩ කළුවරබැද්ද ප්‍රදේශයේ මුදියන්සේවත්ත නම් ප්‍රදේශයේ නිවසක සිටි මෙම මවගේ වයස අවුරුදු 78ක්. ඇයට දරුවන් තිදෙනෙකු සිටින අතර ඉන් එක් දියණියක් විදේශගතව සිටිනවා. පිටරට සිටි ඇයගේ දියණිය විසිනුයි මෙලෙස කාන්තාව අනාරක්ෂිත ලෙස දොරක් හෝ නොමැති නානකාමරයේ දමා ඇත්තේ.

views1,210 Views
comment
englishtrans
පක්ෂව 159ක්
විපක්ෂව 52ක්
ඇබ්සන්ඩ් 13යි, මහින්දත් නෑ

2016 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 159ක් ලැබුනු අතර විපක්ෂව ලැබුනු ඡන්ද ප්‍රමාණය 52ක්.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පස්වරු 5.25ට පමණ ආරම්භ වුණා. අයවැය කතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක පසුගිය 20 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙවන වර කියවීමේ විවාදය පසුගිය 21 වන දා සිට දින 9ක් පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වුණා.

views319 Views
comment
මහියංගනය ඇඟලුම් ආයතනයක සේවය නිමවී නිවෙස් බලා පැමිණෙමින් සිටි වයස 18ක  වන තරුණියක් රිදිමාලියද්ද, අලුකැටියාව ප්‍රදේශයේදී ලඳු කැලයකට රැගෙන ගොස් දූෂණය කර ඊයේ (01) සවස මරාදමා තිබෙනවා. මෙසේ දූෂණය කර මරා දමා ඇත්තේ  වේවත්ත, කන්නල්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස 18ක් රම්‍යා විදර්ෂනී  අබේවර්ධන නම් තරුණියක්.

ඇයගේ සිරුර සොයාගෙන තිබුණේ තේක්ක ගස් වගාවක් තුල මරා දමා සිටියදීයි. ඇය මීට මාස 3කට පෙර සිට ඇඟලුම් කම්හලක සේවය කිරිම සඳහා රිදිමාලියද්ද, අලුකැටියාව ප්‍රදේශයේ තම මවගේ සහෝදරයාගේ නිවසට පැමිණ ඇති අතර එහි සිට ඇගලුම් කම්හලේ සේවය සඳහා ගොස් ඇත.

views546 Views
comment
නුවරඑළිය සිට මාවනැල්ල දක්‌වා ගමන් ගත් මෝටර් රථයක්‌ අධික වර්ෂාව සමග ගම්පොල ගල්ගෙඩියාව වංගුවෙන් ඉවතට පැන අඩි 150 ක්‌ පමණ පහතින් ඇති ඔයට පෙරළී එහි පහළට ගසාගෙන ගොස්‌ ඇත. එම මෝටර් රථයේ සිරවී සිටි එක කාන්තාවක්‌ මියගොස්‌ තවත් තිදෙනකු තුවාල ලබා ගම්පොල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

පෙරේදා (30 දා) රාත්‍රි සිදුවූ මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ මාවනැල්ල හිඟුල පදිංචි සමෘද්ධි කළමනාකාරවරියක වන අජන්තා අයිරාංගනී නමැති 45 හැවිරිදි දෙදරු මවකි. සිද්ධිය වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් වාහනයේ සිටි අය බේරාගන්නට උත්සාහ කරන අතර කඹය කැඩී ගොස් මව හා වාහනය ජල පහරට ගසාගෙන ගොස් ඇත.

views317 Views
comment
englishtrans
වයඹ පළාතට අයත් ගල්ගමුව ජනාධිපති විද්‍යාලයට  2016 වසර සදහා පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමට පසුගිය නොවැම්බර් මස 20 වැනිදා  පාසලේ රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඒ රැස්වීමේදි  දැනුම් දී ඇත්තේ දරුවන් පාසලට ඇතුළත් කිරීමට නම් රුපියල් 7,000ක් අයකරන බවයි. විද්‍යාලයට ඉදිරියේ ඇති 'කළුතර' සිල්ලර වෙළඳ සැළට එම මුදල් ලබා දිය යුතු බවත් දන්වා එහිදී දන්වා තිබෙනවා.  

views713 Views
comment
englishtrans
සැමියත් වෛද්‍යවරයෙක්
ලණුවකින් විදුලි පංකාවක එල්ලිලා

පසුගිය 30 වනදා කළුබෝවිල මහ රෝහලේ වෛද්‍යවරියක් සිය නිවසේ කාමරයකදී සියදිවි නසාගෙන තිබෙනවා.  ඒ විදුලි පංකාවක ගැටගැසූ නයිලෝන් ලණුවක එල්ලීමෙනුයි. රාත්‍රි මෙලෙස දිවි නසාගෙන ඇත්තේ තලංගම, කලල්ගොඩ පදිංචිව සිටි 36 හැවිරිදි වෛද්‍යවරියකි. ඇයට මාස 7 හා අවුරුදු 4 වයසේ පසුවන පුතුන් දෙදෙනකු සිටින බවටද තොරතුරු වාර්තා වේ.

ඇයගේ සැමියාද කළුබෝවිල රෝහලේම සේවය කරන අතර ඔහුද වෛද්‍යවරයකි. ඇය මියයන්නට පෙර අවසන් වරට ලිපියක්ද ලියා තිබෙනවා. එම ලිපියේ "දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන ප්‍රසව ආතතිය නිසා තවදුරටත් විඳ දරාගත නොහැකිය" යනුවෙන් සඳහන් වී තිබී ඇති බවටද වාර්තා වේ.
views770 Views
comment
 මහනුවර, ගාල්ල පැත්තේ අයත් ලිස්ට් එකේ ඉන්නවලු

අද දිනයේ අයවැය ඡන්ද විමසීම සිදුකරන අතර එහිදී විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනකු අයවැයට පක්‍ෂව ඡන්දය ලබාදීමට නියමිත බව ආණ්‌ඩුවේ ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.

එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඔවුන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමු වී ඒ බව දන්වා සිටීමට මෙන්ම ආණ්‌ඩුවේ වැඩපිළිවෙළට සහය ලබාදෙන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බවද පැවසෙනවා.

views234 Views
comment
englishtrans
පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කළ කතාවක් නිසාවෙන් වාසුදේව නානායක්කාර මහතා රටපුරා ප්‍රසිද්ධියට පත්වුණා. ඒ ආකාරයෙන්ම ඊයේ (01) දිනයේදීද ඔහු වේගවත් කතාවක් කරමින් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බැනවදිනන්නට වුණා.

මේ සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ දැඩි දෝෂාරෝපණ එල්ලවූ අතර පසුගිය කාලයේ සිදුකළ අසැබි වදන් සහිත කතාව පිළිබඳවද එහිදී සිහිකර සිටියා.  ඔහු ඊයේ පවසා සිටියේ ‘‘පොඩ්ඩක් ඉන්නවා ඕයි, තමුසෙට පණුකැවිල්ලද ?

views516 Views
comment
englishtrans
කාන්තාව මියයයි
පැනලා දුවපු රියදුරු අත්අඩංගුවට
 
මයියංගනය පදියතලාව මාර්ගයේ දී සිදුවූ මෝටර් රථ අනතුරක් පිළිබඳව වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා. අදලා මෝටර් රථය පාරෙන් ඉවතට පැන බස් නැවතුම් පොළකට කඩා වැදී ඇති අතර එහි සිටි කාන්තාවක් එයට හැපී බරපතල තුවාල ලබා තිබෙනවා. .

එම අවස්ථාවේ සිටි අයෙකු සිද්ධිය වීඩියෝ කර ඇති අතර වාහනය ඉවත් කර කාන්තාව බේරාගැනීමට අවට සිටි පිරිස් සමත්වන අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.

views756 Views
comment
[1]      «      5178   |   5179   |   5180      »      [5655]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top