පසුගියදා මහියංගනය ප්‍රදේශයේ තේක්ක ඉඩමකදී දූෂණය කර මරාදමා තිබූ ගාමන්ට් ගිය තරුණියගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයා සොයාගෙන තිබෙනවා. මහියංගනය ප්‍රදේශයේ කැළයක ඔහු සැඟව සිට ඇති අතර ඔහු සමඟින් තවත් කාන්තාවක්ද සිට තිබෙනවා.
සොයාගන්නා අවස්ථාවේ මොවුන් දෙදෙනා වසපානය කර ඇති බවට තොරතුරු වාර්තා වන අතර සැකකාර පුද්ගලයා සමඟ සිටි කාන්තාව ඔහුගේ බිරිඳ බවටද වාර්තා වෙනවා. ඇයගේ වසය අවුරුදු 15ක්.
මෙම සැකකාර තරුණයා වයස 20ක තරුණයෙක් වන අතර මීට පෙර විවාහ වී දරුවෙක්ද සිටි. පෙර විවාහයේ බිරිඳ අත් හැර වයස අවුරුදු 15ක බාලවයස්කාර වෙනත් තරුණියක් ඔහු විසින් මේ වන විට නිවසට රැගෙන විත් ඇත. බාලවයස්කාරියක් විවාහයට ගැනීම සම්බන්දයෙන් ඔහු හට මහියංගනය උසාවයේ නඩුවක්ද විභාග වෙමින් පවති.
සැකකරු හා ඔහුගේ ලාබාල වත්මන් බිරිඳ සමඟ අලුකැටියාව ගම්මානයේ ඝණ කැළයක් තුල සැඟව සිටියදි පොලිසියේ අත් අඩංගුවට පත් වී ඇත. සැකකරු ඔහුගේ වත්මන් බිරිඳද බලහත්කාරයෙන් ගම්මානයේ ඝණ කැලයක් සහිත කදුවැටිය දෙසට ඇදගෙන යනබව ගම්වාසින් දැක ඇති අතර ඒ අනුව ගම්වාසින් හා පොලිසිය එක්ව ඔහුන් සොයා විශේෂ මෙහෙයුමක් සිදු කර තිබේ.
ඒ අනුව සැකකරු පොලිස් අත්අඩංගුවට පත් වන විට ඔහුගේ වත්මන් බිරිදට වස පොවා ඔහුද වස පානය කර තිබේ. මහියංගනය ඇඟලුම් ආයතනයක සේවය නිමවී නිවෙස් බලා පැමිණෙමින් සිටි වයස 18ක් වන මියගිය තරුණිය අලුකැටියාව ප්‍රදේශයේදී ලඳු කැලයකට රැගෙන ගොස් දූෂණය කර ඊයේ (01) සවස මරාදමා තිබියදී හමුවුණා.
මෙසේ දූෂණය කර මරා දමා තිබුණේ වේවත්ත, කන්නල්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස 18ක් රම්‍යා විදර්ෂනී අබේවර්ධන නම් තරුණියක්.