රටපුරා ක්‍රියාත්මක වන පරදි අද දිනයේ වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙක් සාමාන්‍ය සේවාවන්ගෙන් ඈත්වී වර්ජනයේ නිරත වූ අතර මේ හේතුවෙන් රෝගීන් දහස් ගණනක් අපහසුතාවයට පත්වුණා.
එලෙස ඔවුන් වර්ජනයේ නිරතවුනේ අයවැයෙන් විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදෙන වාහන ගෙන්වීමේ බලපත්‍රය අහෝසි කර ඒ වෙනුවට රුපියල් මිලියනයක් ලබාදීමට තීරණය කිරීම නිසාවෙනුයි.
කෙසේ නමුත් අද දිනයේ පාර්ලිමේන්තුව ඇමතූ අගමැතිවරයා රජයේ සේවකයින්ට සිය තීරුබදු රහිත වාහන බලපත්‍ර යළිත් ලබාදීමට තීරණය කර ඇති බවට ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ රජයේ සේවකයන්ට උපරිම වශයෙන් වාහන බලපත්‍ර දෙකක් ලබාගත හැකි අතර, එහි පළමුවැන්න රාජ්‍ය සේවයට පැමිණ වසර 10 කට පසුව ලබාදෙන බවයි.
තොරතුරු දැනගැනීමේ පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව ඇති බව අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.