දෙදරු මවකගේ විසින් ඇයගේ දකුණු පියයුරේ රෝගයකට ශල්‍යකර්මයක් සිදුකර ගැනීමට ගොස් වම් පියයුරට ශල්‍යකර්මය කර ඇති පුවතක් සම්බන්දයෙන් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. සිද්ධියෙන් පසු එම කාන්තාවගේ සැමියා දකුණු කළුතර පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දකුණු කළුතර පොලිසිය සහ කළුතර නාගොඩ රෝහල මඟින් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අගලවත්ත - බෙල්ලන පදිංචි දෙදරු මව ඇයගේ දකුණු පියයුරේ ඇති වූ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට ඉකුත් 01දා කළුතර නාගොඩ රෝහලට ගිය පසු ශල්‍යකර්මයක් සිදුකළ යුතු බව වෛද්‍යවරුන් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ඔවුන් පසුගිය 02දා මෙම ශල්‍යකර්මය සිදුකර ඇති අතර ශල්‍යකර්මයට ලක්වූ කාන්තාව සිහිය පැමිණි විට දැක ඇත්තේ තම රෝගී දකුණු පියයුර වෙනුවට නිරෝගී වම් පියයුරට ශල්‍යකර්මය සිදුකර ඇති බවයි. කරකියාගත නොහැකි වූ ඇය මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට දැනුම්දී තිබේ.
වෛද්‍යවරුන්ද මේ සම්බන්ධයෙන් විමතියට පත්ව ඇති අතර පසුව පවසා ඇත්තේ එය වැරැදීමක් බවත් සිද්ධිය පිළිබඳ සමාව ඉල්ලා මෙය රහසක් සේ තබා ගන්නා ලෙසයි. කෙසේ නමුත් වෛද්‍යවරුන් නැවැත රෝගී දකුණු පියයුරටද ශල්‍යකර්මය සිදුකර තිබේ.
මේ පිළිබඳව ඇය තම සැමියාට දැනුම් දීමෙන් පසු ඔහු දකුණු කළුතර පොලිසියට පැමිණිලි කර තිබේ. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර කළුතර නාගොඩ මහ රෝහලේ නිලධාරියකු ප්‍රකාශ කර ඇත්තේ සිද්ධියට අදාළ වෛද්‍යවරයා අදාළ කාන්තාවගේ පියයුරුවල රෝගී තත්ත්වයක් නිසා පියයුරු දෙකටම ශල්‍යකර්ම සිදුකළ බව දන්වා ඇති බවයි.