2013 වසරේ ජනවාරි 9 වනදා රිසානා නෆීක් සෞදි අරාබියේදී ඝාතනය කිරීමෙන් වසර දෙකක් වැනි කාලයකදී තවත් ලාංකික කාන්තාවකට මරණ දඬුවම නියමවීම කණගාටුවට කරුණක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් සුමන්දිරන් මන්ත්‍රීවරයා සඳහන් කලා.
ශ්‍රී ලංකාව සෞදි අරාබිය ඇතුලු ජාත්‍යන්තර රටවල් සමග පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා වඩාත් තර කර ගැනීම පිළිබඳ වඩාත් අවධානය යොමුකල යුතු බව මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ ඔහු කියාසිටියේ. අදාළ ලාංකික කාන්තාව බේරා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වු සහය සෞදි බලධාරීන්ගෙන් හෝ එරට ශ්‍රී ලංකා තානාපති නිලධාරීන්ගෙන් නොලැබුනු බවට ද සුමන්දිරන් මන්ත්‍රීවරයා චෝදනා කලා.
ලෝක බලවතුන් සෞදිය වැනි රටවල් සමඟ සබඳතා තර කරගෙන ඇති අතර ශ්‍රී ලංකාව ද එම තත්වය ඇතිකර ගත යුතු බවයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අවධාරණය කලේ.
කෙසේවෙතත් අද සෞදි අරාබියේදී පිරිසකට ගල් ගසා මරා දැමීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළවුව ද ශ්‍රී ලාංකික කාන්තාව ඒ අතර නොවන බවයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තක්සින් ප්‍රකාශ කර ඇත්තේ. ඔහු බී බී සී ලෝක සේවයට අදහස් දක්වමින් අවධාරණය කලේ මෙම කාන්තාවට අදාළ නීතිමය කටයුතු තවදුරටත් සිදුවන බවයි. ඉදිරි දින කිහිපයේදී තානාපති නිලධාරීන්ට ඇය හමුවීමට අවස්ථාවක් ලැබී ඇති බව ද අස්මින් තක්සින් ප්‍රකාශකර තිබෙනවා.
දඬුවම් නියම වූ කාන්තාව මරදාන ප්‍රදේශයේ ජීවත්වී ඇති අතර සෞදියේ සේවය ගොස් ඇය ලාංකික තරුණයෙකු සමඟ සම්බන්ධයක් පවත්වා තිබෙනවා. ඇය විවාහක කාන්තාවක් බවට තොරතුරු වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධ තරුණයා අවිවාහක අයෙක් බවටයි පැවසෙන්නේ.
ඔවුන් දෙදෙනා නිතර මුණගැසෙන නිසාවෙන් සම්බන්ධය දුරදිගගොස් පසුව මේ පිළිබඳව එරට අධිකරණයේ නඩුවක්ද විභාග වී තිබෙනවා. එයින් පසුවයි කාන්තාවට ගල්ගසා මරණලෙස නියෝග කර ඇත්තේ. සිද්ධියට සම්බන්ධ වූ තරුණයාට කසපහර ලබාදෙන්නට ඒ අනුව නියම වී තිබෙනවා.