මේෂ
උදා වූ මේ සතියේ කරගෙන ගිය වැඩ කටයුතු කීපයක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි.
සඳු ග්‍රහයා 7,8, 9 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
ගෘහ ජිව්තයේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යැමට හැකිවන කාලයකි. ප්‍රමාද වෙමින් පැවැති විවාහය සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙනේ ආගමික සැලසුමක් වෙනුවෙන් වෙපන සනීයකි. වෙනදට වඩා සමාජසේවා කටයුතුවලට යොමුවන කාලයකි.
රැකියාව
අලුත් රැකියා බලාපොරොත්තුවක් ඉටුකරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති වෙහසකාරී බව මගහැරී යයි ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට
අධ්‍යාපනය
තරගකාරී කටයුතු කීපයකට යොමුවීමට අවස්ථාව උදා කරයි. විදෙස් අධ්‍යාපන සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. විවිධ ජයග්‍රහණ වලට ද ඉඩකඩ ඇත.
සෞඛ්‍යය
පැවැති වෙහෙසකාරී බව මඟහැරී යයි. එහෙත් උදරගත ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරයි. අධිරුධිර පීඩන තත්ත්වය කෙරෙහි සැලකිලිමත් විය යුතු සතියකි.
වෘෂභ
අවිවේකී වුවත් සැළසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන මේ සතියේ සදු ග්‍රහයා 6, 7, 8 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ පවුලේ අය අතර කැපී පෙ අන්දමේ කටයුතු සිදු කරයි. වෙනදාට වඩා දනට පිතට ළැදිව කටයුතු සිදු කරයි. තැන්පත් ධනය වැයවීමට ඉඩ ඇත.
රැකියාව
උත්සාහයෙන්, උනන්දුවෙන් රැචියාවේ කටයුතු කරගෙන යයි. අමතර ලැබීම හිමිකරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. පරපරාගත රැචියාවකට හිමිකම් ඇති කාලයකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු වලට යොමුවීමට අවස්ථාව උදා කරයි. නවදනුම සොයායන මාර්ගවල නිරතවන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට කටයුතු සැලසුමක් ඇති කරයි.
සෞඛ්‍යය
කොන්ද, උරහස ආශ්‍රිත හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම වරින්වර ඇතිකරන වර්ම ආබාධයක් හේතුවෙන්ද පීඩාකාරී බවක් ඇති කරයි.
මිථුන
වගකීමි බහුල සතියකි.මේ සතියේ සදු ග්‍රහයා 5, 6, 7 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
සැනසිලිදායක බට තරමක් දුරට අඩු කරන බවක් පෙනේ දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි. අසරණ කෙනෙකුට උපකාරයක් කිරීමට හැකිවෙයි. නීති ගැටලුවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. සතිය මැද කාලයේදී හදිසි ගනුදෙනුවකට
කටයුතු උදා කරයි.
රැකියාව
වෙනදාට වඩා දුරදිග බලා රැකියාවේ කටයුතු කළයුතු කාලයකි. රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි. ස්වයං රැකියා කටයුතුවලින් ලාභ සී කරන කාලයකි.
අධ්‍යාපනය
උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටු විය හැකි කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි.
සෞඛ්‍යය
කොන්ද, උරහිස ආශ්‍රිත ආබාධය වකින් පීඩා අත්කරයි. එමෙන්ම වරින්වර ඇතිකරන ක්ලාන්ත ගතියකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා කැමෙන් බීමෙන් ප්‍රවේශම්වන්න.
කටක
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 4, 5,6 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
ගේ දොර කටයුතු හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. එමෙන්ම අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයි. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසය කිරීමට හේතු ඇති කරයි. දකට පිනට ලැදි කාලයකි.
රැකියාව
උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. උත්සාහයෙන්, උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යයි. තනතුරු ලාභ හිමිකම බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායකයි.
අධ්‍යාපනය
තරග විභාගයක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. දහම් අධ්‍යාපනික කටයුතු වලින් විශේෂ දක්ෂතා දක්වයි. විශේෂ පාඨමාලාවක් හැදැරීමට යොමුවන කාලයකි.
සෞඛ්‍යය
හදිසි වැටීම් පාලි වලට ඉඩ ඇති කාලයක් බැවින් දුරදිග බලා කටයුතු කරන්න. වෙනදට වඩා රුධිරගත සිනි ම කොරෙහිද සැලකිලිමත් විය යුතු බවත් පෙනේ.
සිංහ
අතමිට මුදල් ගැවසෙන සතියකි. මේ සතියේ සදු ග්‍රහයා 3,4, 5 යන භාවමතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි. නීති ගැටලුවකින් නිදහස් වීමට කටයුතු යෙදෙයි. කලකින් නොදුටු හිතවතෙකු හමුවීමට මග සැසේ ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙයි. දනට පිනට ළැදි කාලයකි. හදිසි නිරණවලින් වාසි ගෙනදෙයි.
රැකියාව
කරගෙන යන රැකියාවට අමතර ආදායම් ලබා රැකියා මාර්ගයකට හේතු ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවිවේකි බව හැරී යයි.
අධ්‍යාපනය
ඥාන ශක්තිය බලවත් කාලයකි. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු වලට යොමුවීමට අවස්ථාව උදා කරයි. තාක්ෂණික අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමකරයි.
සෞඛ්‍යය
නින්දයාම අඩුකම, පීනස වැනි අසනීප නිසට, පපුවට බලපාන්න ඉඩ තිබේ. එමෙන්ම වරින්වර ඇති කරන පාදයේ වළලුකර ආශ්‍රිතආබාධයකටද ප්‍රතිකාර පතයි, ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්විය යුතු කාලයකි.
කන්‍යා
උත්සාහයෙන්, උනන්දුවෙන් කටයුතු සිදු කරන කාලයකි. මේ සතියේ සදු ග්‍රහයා 2, 3, 4 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ සතුට සමාදානයට හේතු සැලසෙන කාලයකි. අත්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති බවක් පෙනේ ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත්වන්න.
දේපොදු ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි.
රැකියාව
රැකියාවේ සැලසුමක් වෙනස් කරයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවල නිරත වන කාලයකි. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. ස්වයං රැකියා කටයුතුවලට යොමුක කාලයකි.
අධ්‍යාපනය
ධාරණ ශක්තිය බලවත් කාලයකි. යම් යම් බාධා යෙදුණත් ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහ ගනී. සහජ දක්ෂතා ඉස්මතු කරයි.
සෞඛ්‍යය
වරින්වර ඇති කරන උගුර සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වතුරෙන් මෙන්ම ආහාර පානවලින්ද පරිස්සමිවිය යුතු කාලයකි.
තුලා
උත්සාහයෙන් කටයුතු සිදු කරන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1, 2, 3 යන භාවස්ථාන වළයි.
ගෘහ ජීවිතය
නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත්වන්න. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙයි. දානමය කටයුත්තකට කටයුතු සූදානමක් ඇති කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. විශේෂ කෙකුගේ ඇසුරට යොමුවෙයි.
රැකියාව
උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. එමෙන්ම ගුප්ත ශාස්ත්‍රය ඉගෙනිමටද වෞහසයි. අධ්‍යාපන කටයුතු හේතුවෙන් නිවෙසින් බැහැරව සිටීමට සිදු වේ.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු වලට අමතර මුදල් වැය වීමක් සිදු කරයි. එමෙන්ම ගුප්තශාස්ත්‍රය ඉගෙනීමට ද වෙහෙසෙයි නිවෙසින් බැහැරව විශේෂ පාඨමාලාවක් හදාරයි.
සෞඛ්‍යය
ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිඩි සෞඛ්‍යා පරික්ෂණයකට ද යොමුවීමට සිදුවන කාලයකි.
වෘශ්චික
වගකිමි බහුල කරමින් ආරම්භවන මේ සතියේ සදු ග්‍රහයා 12, 1, 2 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
උත්සාහයෙන්, උනන්දුවෙන් එදින කටයුතු කරගෙන යයි. දුරගමනයට සැලසුෂක් ඇතිකර ගන්නා කාලයකි. සමාජසේවා කටයුතු වලින් කැපී පෙනෙයි ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදු වේ.
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ තරමක් දුරට සැනසිලිදායක බවක් ඇති කරයි. විදෙස් රැකියාවකට සැලසුමක් ඇතිකරගන්නා කාලයකි. රැකියා ස්ථානයේ අය අතර හොඳ ගිත දිනාගෙන කටයුතු කරයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි. තරශ විභාගයක් වෙනුවෙන් සූදනමක් ඇති කරයි. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනිමට ප්‍රියතාවයක් දක්වයි.
සෞඛ්‍යය
කොන්ද, උරහිසඳ සම්බන්ධ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. එමෙන්ම වරින්වර ඇති කරන වර්ෂ ආබාධයන් හේතුවෙන්ද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
ධනු
සැනසිළිදායක ලෙස සතිය ආරම්භ කරයි. මේ සතියේ සඳු ග්‍රහහයා 11,12, 1 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිත
පැවැති වග සමකින් නිදහස උදා කරයි. කැතිවූ දෙයක් නැවත හිමිකරයි. අලංකාරයට සිටීමට කැමැති කාලයකි. ළඟම හිතවතකුගෙන් උපකාරයක් හිමි කරයි. වෙනදට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන කාලයකි. පවුලේ තෝරන සංග්‍රහයකට ඇරැයුමක් ලබයි.
රැකියාව
රැකියාවේ කටයුතුවලට පැවැති බාධා මගහැරී යයි. කටයුතුවලටද යොමුවීමට ඉඩ ඇති බවක් පෙනේ, තනතුරු ලාභ රැකියා ස්ථිරවීම අපේක්ෂා ඉටු කරන කාලයකි.
අධ්‍යාපනය
දනුම, බුද්ධිය වර්ධනය වන කටයුතුවලට යොමුවන කාලයකි. තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ හිමිකරයි. වෙනදාට වඩා පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදාකරයි.
සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සිය ඇති කරයි නිතර හටගන්නා දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. පපුව සම්බන්ධ ආබාධයක් මතුවිය හැකි කාලයක් බැවින් පරිස්සම්වන්න.
මකර
යන එන තැන කැපී පෙනෙන කාලයකි. මේ සතියේ සදු ග්‍රහයා 10,11,12 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
මෙතෙක් පැවැති අවිවේකි බව මගහැරී යයි. පවුලේ කෙනෙකු වෙනුවෙන් කැපවි කටයුතු කිරීමට සිදුවෙයි. අවිවාහකයන්ට සුබදායක කාලයකි. විදෙස් ඥාති උපකාරයක් හිෂිවීමට ඉඩ ඇත. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි.
රැකියාව
රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනස් කරයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ රැකියා ස්ථානයේ අය
සමග සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙයි.
අධ්‍යාපනය
තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසෙයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවේ. විදෙස් අධ්‍යාපන සැලසුමකට කටයුතු සුදානමක් ඇති කරයි.
සෞඛ්‍යය
ශරීර වෙහෙස ගෙන දෙන කාලයකි. දහක ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. හදිස්සියේ ඇතිවන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න.
කුම්භ
අලුත් බලාපොරොත්තු ඇති කරන කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ පිවිතය
ගේ දොර ඉඩකඩම් පිළිබඳ පැවැති ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. යොදාගත් සැලසුමක් සාර්ථකයි. අත් අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. පැවැති අඹුසැමි මත භේදයක් මඟ හැරී යයි.
රැකියාව
හවුලේ කරන රැකියාවකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. පරම්පරාගත රැකියාවකටද හිමිකම් ඇති කරයි. දැතේ මහන්සියෙන් කරන රැකියාවකට ද ඉඩකඩ ඇති බවක් පෙනේ
අධ්‍යාපනය
අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. උසස් අධ්‍යාපන කටයුතු උදෙසා පුර පළාතකට යාමට සිදුවේ. උත්සාහයෙන් ඉගෙනීමට කටයුතු කරගෙන යන කාලයකි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරයි. කොන්ද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වරින්වර ඇතිකරන ක්ලාන්ත ගතියකටද ප්‍රතිකාර පතයි.
වෙනදට වඩා කෑමෙන් බීමෙන් පරි ස්පර්ෂවිය යුතු කාලයකි.
මීන
අවිවේකී ලෙස සතිය උදා කරයි.
මේ සතියේ සඳු ග්‍රහයා 8, 9,10 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. පවුලේ කෙනෙකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි අසරණ කෙනකුට උපකාරයක් කිරීමට හැකිවෙයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයකි. නැති වූ දෙයක් නැවත හිමිකරයි.
රැකියාව
අමතර ලැබීම් සහිත රැකියා මාර්ග වලට යොමුවීමට ඉඩ ඇත. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතු වල නියැළී සිටින අයට සුබ දායන කාලයකි. උගත්කමට සරිලන රැකියා මාර්ග හිමිකරයි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු වලට යොමුවන කාලයකි. දනුම බුද්ධිය වැඩි කරන කටයුතුවලට යොමුවීමට අවස්ථාව උදා කරයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පලාතකට යාමට සිදුවේ.
සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සිය ඇති කරන සනීයකි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවතමතු කරයි. රුධිරගත සීනි මට්ටම ගැන සැලකිලිමත් වන්න.
සුබසෙත පුවත්පත ඇසුරෙන්..