එම ලිපියේ "දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන ප්‍රසව ආතතිය නිසා තවදුරටත් විඳ දරාගත නොහැකිය" යනුවෙන් සඳහන් වී තිබී ඇති බවටද වාර්තා විය. එසේ මියගිය වෛද්‍යවරිය නම් වේ. කලනි දුව නිහඬ චරිතයක්. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගත කළාය. මේ ඇය පිළිබඳව ඇගේ පියාවන විශ්‍රාමික වන නිලධාරී ආනන්ද ධර්මසිරි විසින් කී කතාවයි...
වෛද්‍යවරියක් ලෙස කරන සේවය ගැනත් පවුල් ජීවිතය ගැනත් දරු දෙදෙනා ගැනත් හරිම සතුටින් හිටියා. ඇයට සිය දිවි හානිකර ගැනීමට කිසිදු හේතුවක් ඒ පැතිවලින් තිබුණේ නෑ. අවාසනාවකට ඇයට ඇතිවූ මානසික ආතතියක් නිසා ඇය මෙසේ සියදිවි හානි කරගත්තා කියලා තමයි පේන්නේ.
කලනි බුද්ධිමා ජයසිංහ වෛද්‍යවරියගේ වියෝවෙන් කම්පිත වූ විශාල පිරිසක් එම අවමංගල්‍ය නිවසට එක්වී සිටි අතර කලනිගේ වියෝව දරාගත නොහැකිව ඇයගේ පියා මෙසේ ද කීවේය.
කලනි දුව මූලික අධ්‍යාපනය ලැබුවේ ගම්පහ රත්නාවලී විදුහලේය. පොඩිකාලේ ඉඳන්ම අධ්‍යාපනයට දක්ෂයි. අපට හිටියේ දරුවෝ දෙන්නයි. පුතා පරිගණක ඉංජිනේරුවරයෙක්. දුව කළුබෝවිල රෝහලේ වාග් හා කථන චිකිත්සක වෛද්‍යවරියක්ව සිටියා.
රාගම වෛද්‍ය විදුහලෙන් උසස් වෛද්‍ය අධ්‍යාපනය ලැබුවා. කලනි දුව විවාහ වුණේ කළුබෝවිල රෝහලේ වෛද්‍ය චාමිකර දිසානායක මහතා සමගයි. මේ දෙන්නා හොඳ සාර්ථක යුග දිවියක් ගතකළා. කලනිගේ වැඩිමල් පුතාවන මනුලට වයස අවුරුදු 5යි.
දෙවැනි පුතාට වයස දැන් මාස 7යි. දෙවැනි පුතා ලැබුණට පස්සෙ කලනිට මානසික ආතතිය කියන රෝගී තත්ත්වයක් ඇතිවුණා. ඒ සම්බන්ධයෙන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් තමයි දුව හිටියේ. කොළඹ මහ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අපි ඒ බව කීවා. ඒ අසනීපයට බෙහෙත් ගත්තා. මරණ පරීක්ෂණයේදී කලනිගේ සැමියා වූ වෛද්‍ය චාමිකර දිසානායක මහතාත් ඇයට මානසික ආතති තත්ත්වයක් තිබූ බවට සාක්ෂි දී තිබෙනවා.එහෙම නැතුව වෙන කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ.
කලනි පසුගිය සිකුරාදා බෙම්මුල්‍ලේ මේ ගෙදරට ආවා. එයාගේ මහත්තයත් ආවා. ඊට පස්සේ සඳුදා උදේ කලනි කෝච්චියෙන් වැඩට ගියා. දුව පදිංචිව ඉන්නේ මහත්තයයි දරු දෙන්නයි සමග තලවතුගොඩ. දුව මෙහේ ඉඳලා වැඩට ගියා පස්සේ මහත්තයා වැඩට ගියේ ඊට පස්සේ එදා රෑ. කලනි දුව එදා කළුබෝවිල රෝහලේ වරුවක් වැඩ කර තලවතුගොඩ ගෙදරට ගිහින් තියෙනවා.
ඊට පස්සේ මම දුවගේ ෆෝන් එකට කතා කළා. ආන්සර් කළේ නෑ. මම මගේ පුතාට කීවා හොයලා බලන්න කියලා. පස්සේ ආරංචි වුණා තලවතුගොඩදී දුව සියදිවි හානිකරගෙන කියලා. නයිලෝන් ලණුවක් ගැටගහගෙන තමයි ගෙල වැලලාගෙන තියෙන්නේ.
මේ වගේ දෙයක් කරගන්න දුවට කිසිම හේතුවක් තිබුණේ නැහැ. මහත්තයත් එක්ක හරිම සතුටින් පවුල් ජීවිතය ගත කළා. දුවගේ සැමියාවන වෛද්‍ය චාමිකර මහතාත් ඉතාම හොඳ සතුටින් ඇය සමග සිටියා. මේ විදියට දුව ගෙල වැලලාගෙන ඇත්තේ ඇයට තිබූ මානසික ආතතිය නිසා කියලා තමයි පේන්නේ. ඒ ආතතිය කියන තත්ත්වය තරමක් භයානක තත්ත්වයක් කියලා තමයි මනෝ වෛද්‍ය මතය වෙලා තිබුණේ.
දුව තලවතුගොඩ ගෙදරට එදා ගිහින් තියෙන්නේ තනිවමයි. ඒවෙලාවේ ඇයට මානසික ආතතිය වර්ධනය වුණා වෙන්න පුළුවන්.
එම අවස්ථාවට පැමිණ සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයකු කියා සිටියේ දරුවකු උපන් පසු ඇතිවන මානසික ආතතිය කියන්නේ අප හිතනවාට වඩා සංකීර්ණ තත්ත්වයක් බවය.