අය වැය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාවක් නොලැබීම පිළිබඳ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය දිනවල මාධ්‍යට විවිධ අදහස් පළකලා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ආ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ඇමතීමට නොලැබීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සිටියේ ද කනස්සල්ලෙන්.
ජනාධිපති ධුරය දරන සමයේ තමාකළ ඇතැම් දේවල් වැරදිබව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා. එබැවින් එම වැරදි නොකරන ලෙසයි හෙතෙම මන්ත්‍රීවරුන්ට දන්වන්නේ.
ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත හඳුන්වා දුන්නේ ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීමට මිස ආරක්ෂක හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ආරක්ෂක අමාත්‍යාංශය පිළිබද වැය ශීර්ෂයයි අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන්නේ. යුද්ධයෙන් පසු සිව් වරක් එල්.ටී.ටී.ඊ ය යළි හිස එසවීමට උත්සාහ දැරූ බව සඳහන් කළ ඔහු විදේශ රටවල අවශ්‍යතා මත ආරක්ෂක හමුදා ප්‍රතිසංවිධානය නොකරන ලෙස ද රජයෙන් ඉල්ලීමක් කළා.
මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමෙන් පසු අද ප්‍රථම වරටයි හෙතම පාර්ලිමේන්තුව ඇමතුවේ.
ඔහුගේ සම්පූර්ණ කතාව පහතින්..
