මෙරට සිදුවු බිහිසුණුම ගුවන් අනතුරට වසර හතළිස් එකක් සපිරෙනවා. 1974.12.04 වන දින මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්දයට අයත් මාර්ටින් එයාර් ඩි.සි 8 ගුවන් යානය ඉන්දුනීසියාවෙි සුරවෙයාර් ගුවන් තොටුපලින් වන්දනාකරුවන් 182 හා කාර්යය මණ්ඩලය නවදෙනෙකු සනමග පියාසර කරමින් තිබුණා.
මෙම ගුවන් යානය ආගරපතන, නෝර්වුඩ් කාසල්රි ජලාශයට ඉහළින් පියාසර කරන විට වේලාව රාත්‍රී 10.10ට පමණ විය. නෝර්ටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් වතුයායට ඉහළීන් පිහිටි ස්වප්තකන්‍ය කන්දේ හැපි ගුවන් යානයේ සිටි 191 දෙනෙක් ජිවතක්ෂයට පත්වි තිබෙනවා.
කන්ද පාමුල සිරුරු කිහිපයකුත් ස්වප්ත කන්‍ය කන්ද ඉහලේ තවත් සිරුරු කිහිපයකුත් වැටි තිබි සොයා ගෙන තිබෙනවා. පසුව සිරුරු 190ක් ස්වප්තකන්‍ය කන්ද පාමුල මිහිදන් කර ඇති අතර ගුවන් සේවිකාවකගේ පෙම්වතෙක් ඉන්දුනිසියාවෙි සිට හෙලිකොප්ටර් යානයකින් මෙරටට පැමිණ - සිරුර රැගෙන ගිය බවයි අනතුර සියසින් දුටු ප්‍රදේශවාසින් පවසන්නේ. ගුවන් යානය කොටස්වලට වෙන් වී සුනු විසුනු වී තිබුණා.
මගීන්ගේ මුදල් විශාල තොගයක් ප්‍රදේශවාසින් විසින් අහුලා ගෙන ඇති අතර ඉන් - හොංකොං ඩොලර් දහයේ නෝට්ටුවක් ප්‍රදේශවාසියෙක් තාමත් සුරක්ෂිතව තබාගෙන සිටී.
ගුවන් අනතුර දැක බලා ගැනිමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල පිරිසක් පැමිණ ඇත. අනතුරට පත් ඩී.සී 8 ගුවන් යානයේ ප්‍රධාන නියමුවා වශයෙන් කටයුතු කර ඇත්තේ 52 හැවිරිදි නෙදර්ලන්ත ජාතික හෙන්රික් ලැම්රේ.
පසු ගිය කාලයේ එම නියමුවාගේ පුත්‍රයා - අනතුර සිදුවූ ස්ථානයට පැමිණ ගුවන් අනතුර පිළිබඳ රූපවාහිනි වාර්තාමය වැඩසටහනක් පටිගත කර, යානයේ කාර්ය මණ්ඩලයේ නවදෙනාගේ නම සඳහන් සිහි වටනයක් - නෝර්ටන්බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට සිහි වටනයක් ලෙස තබා ඇති අනතුරට පත් ගුවන් යානයේ ඉදිරිපස රෝදය අසල තැන්පත් කර තිබෙනවා.