Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සහෝදර සහෝදරියන් රැසක් ඉන්නවා. කවුරුත් භාරගෙන නැහැ....
පුළුවන් කාලයේදී විවාහ නොවී සහෝදරයින් රැකබලාගෙන

පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු තොරතුරක් ඔස්සේ ගිය දඹුල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අසරණ වූ පියෙකු නහවා කවා පොවා රෝහල් ගත කිරීමේ සිද්ධියක් දඹුල්ල පොලිසියෙන් වාර්තාවනවා.

දඹුල්ල පොලිසියේ හදිසි ඇමතුම් අංශය නියෝජනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු උවන 60342 එච්. එම්. සි . කේ. හේරත් මහතාට 50606 එම් .ඒ .සි .ඒකනායක  යන මහතාටත් 119 හදිසි පොලිස් ඇමතුම් අංශයෙන්  තොරතුරක් ලැබී තිබුනේ දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ වයෝවෘද්ධ පියෙකු  ප්‍රරධාන මාර්ගය අසල වැටී සිටින බවයි.

වහාම එම තොරතුරු පිළිබඳව සොයා බැලීම සඳහා යතුරුපැදියකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා.
views302 Views
comment
"මොකද, මට එයාල හිතන දෙයින් වැඩක් නැහැ."

"හැමදෙයක් ම වුණේ හේතුවක් ඇතිවයි.."

සිය සිරුරේ ඉහළ කොටස පමණක් හිමි ඇයට ද ආසියානු කාන්තාවකට හිමි කාල වර්ණ කෙස් කළඹක් මෙන්ම පැහැපත් සමක් හා විශ්වාසයෙන් පිරි දෑසක් හිමිය. දෙපා වෙනුවට දෑතේ ආධාරයෙන් ස්කේටිංබෝඩ් පැද යන ඇය වීඩියෝ ගණනාවක පෙන්වා සිටියේ ආබාධ සහිත තත්ත්වය ජීවිතයට බාධාවක් නොවන බවය.

26 හැවිරිදි තායි - ඇමෙරිකානු ජාතික කන්යා සෙසර් ළඟා කරගත් ජය ටැඹ එය පමණක්ම නොව, දෙපා නැතිවත්, අනාථභාවයට පත්වුවත් සිය සිහින හඹා ගිය ආකාරය සම්බන්ධයෙන් තවත් බොහෝ පිරිසකට පාඩමක් කියා දෙමින් ඔවුන්ට උත්තේජකයක් සැපයුවාය.
views602 Views
comment
ජැක්සන් ඇන්තනි, කුමාරි මුණසිංහ කියන්නේ ශ්‍රී ලාංකේය කලාකෙත රංගනයෙන් ගීතයෙන් පෝෂණය කරන කලාකරුවන් යුවලක්. ඔවුන්ගේ දරුවන් වන වත්සලා, අකිල වගේම සජිතත් කලාවට සම්බන්ධයි. වේදිකාව, ටෙලි නාට්‍ය වගේම සිනමාව ගීතය මේ කිසිම කෙනෙකුට අරුමයක් ආගන්තුක දෙයක් නෙමෙයි. මේ පුංචි පවුලම පසුගියදා හිරු රූපවාහිනියට ගොඩ වුනා. ඒ හිරු කොපි චැට් වර්ණවත් කරන්න. සජිත්ගේ පෙම්වතියගේ මව ජැක්සන් අන්තනියන්ව හදුන්වා දුන් අපුරූ සිදුවීමක් ගැන ඔවුන් මතක් කළා.
views601 Views
comment
නඩුවට ගිහින් එද්දී කපා කොටා ඝාතනය කරලා..
 
මහමගදී තරුණයෙකු අමානුෂික ලෙස ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි Attapur ප්‍රදේශයෙන්.
views267 Views
comment
බිරිය සහ දරු තිදෙනා ඉන්නේ කොල්ලුපිටියේ සුපිරි නිවසක
දරුවා රැගෙන ගිහින් දෙවැනි අනියම් බිරියට දීලා

තම බිරිඳ කොස්සක් කැඩෙන තුරු තමාට පහරදුන් බවට පොලිසියට පැමිණිල්ලක් කළ වෛද්‍යවරයකුට එම නිත්‍යානුකූල බිරියට අමතරව අනියම් බිරියන් පස්දෙනකු සමග දරුවන් 13 දෙනකු සිටින බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී යැයි කොල්ලුපිටිය පොලිසිය කීය.

නිත්‍යානුකූල බිරියටද ඔහුට දාව දරුවන් තිදෙනකු සිටින අතර මේ තිදෙනාගෙන් අවුරුදු 2 1/2ක් වයසැති දරුවා රැගෙන යාමට ඔහු පැමිණි අවස්ථාවේදී බිරිය කොස්සක් කැඩෙන තුරු ඔහුට පහරදී ඇති බව හෙළිවීයැයිද පොලිසිය පවසයි.

බිරියගේ කොසු ප්‍රහාරය නොතකා දරුවා රැගෙන ගිය වෛද්‍යවරයා එම දරුවා සිය දෙවැනි අනියම් බිරිය බාරයට පත්කර සිටියදී කොල්ලුපිටිය පොලිසිය මැදිහත් වී දරුවා මුදාගෙන නිත්‍යනුකූල බිරියට බාරදී ඇත.
views243 Views
comment
අරුම පුදුම ගෝත්‍රික ජන කණ්ඩායමක චාරිත්‍රයක් පිළිබඳවයි මේ කියන්න යන්නේ. මේක හිතන තරම් සුන්දර චාරිත්‍රයක් නම් නෙමේ සැටෙර – මාවේ කියන්නේ බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ තිබෙන එක් ගෝත්‍රික ජන කණ්ඩායමක්.

මොවුනගේ දරුවන් වැඩි වියට පා තැබීමේ දී බිහිසුණු චාරිත්‍රයකට මූන දීමට සිදුවෙනවා. ඒ සෑම දරුවෙකුම වේදනා කාරී අත්වැසුම් පැළදීමට සිදුවීමයි. මෙම අත්වැසුම් සදා ඇත්තේ ප්‍රමාණයෙන් තරමක් විශාල දරුනු කුහුඹුවන් විශේෂයක් (bulat ants) ඇතුළට දමා වීම ඇඟ කිළිපොලා යන කරුණක්.
views734 Views
comment
"මට මේ දේවල් කතා කිරීමෙන් කිසි දෙයක් ලැබෙන්නෙ නැහැ"

"මම මේ ගැන කිසිම දෙයක් හෙළි කළේ නැහැ. කිසිම කෙනෙකුට.."

16 හැවිරිදි වියේදී තමන් ලිංගික අතවරයකට ලක්වූ බව ලෝකයෙන් වසන් කළේ මන්ද යන්න, අමෙරිකානු ගත් කතුවරියක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන පද්මා ලක්ෂ්මී පැහැදිලි කර තිබේ. නිව්යෝක් ටයිම්ස් (New York Times) පුවත්පතට අදහස් දක්වමින්, මේ වන විට 48 වන වියේ පසුවන ඇය සඳහන් කර ඇත්තේ, තමන් එවකට සිය පෙම්වතා අතින් ලිංගික අතවරයකට ලක්වූ බව ය.

එහෙත්, එය තමන්ගේ වරදින් සිදුවූ දෙයක් ලෙස තමන් කල්පනා කළ බව ත්, කාන්තාවන් ලිංගික අතවර සම්බන්ධයෙන් මුනිවත රකින්නේ මන්ද යන්න ඉන් වටහා ගත් බව ත් ඇය පවසයි.
views287 Views
comment
මහ වැස්සක් ඇද හැලෙමින් තිබියදී කළ අපරාධය..
“අම්මා.. අම්මා..“ කියමින් දරුවා ලේ විලක් මැද..
 
නිලූකා සුභාෂිණී අධ්‍යාපනය අතරමඟ නවතා දමා ඇඟලුම් කම්හලක රැකියාවකට ගියේ අනාගතය ගැන දහසක් බලාපොරොත්තු හිතේ පුරවාගෙනය.
 
රැකියාවට යන එන අතරතුර ඇයට පෙමකට ඉඟිකළ ජයසුන්දර බණ්ඩා සමඟ ඇය ඇති කර ගත් සම්බන්ධතාවයේ අවසාන ප්‍රතිඵලය වූයේ ඔහු සමඟ විවාහවීමයි.
views293 Views
comment
ආසියානු ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ පාකිස්තාන සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) පැවති තරගය ලකුණු 37 කින් ජයගත් බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 240 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණි.

ඉමාම් උල් හක් හුදකලා සටනක නිරත වෙමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ දැරුවද ඔහුගේ දැවීයාමත් සමගින් එම බලාපොරොත්තුව සුන්වී ගියේය. පන්දු 105 කට මුහුණදුන් ඉමාම් උල් හක් දැවීයන විට ලකුණු 83 ක් රැස්කර සිටි අතර ඊට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
views210 Views
comment
පසුගිය දිනක ධාවනය වෙම්න් පැවති කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියක් සිසුවෙකු විසින් දෝෂය සකසා නැවත ධාවනයට එක්කල අවස්ථාවක් බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වූවා.

මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී අපට වාර්තා වූයේ අදාළ සිසුවා කාර්මික සිසුවෙකු බවයි.

අදාල දුම්රිය සැප්තැම්බර් 19 දින යාපනය සිට කොළඹ කොටුව බලගමන්ගත් නගරාන්තර දුම්රියයි.

එය මහගල්කඩවල ප්‍රදේශයේදී ආපදාවකට ලක්ව නතරවන අතර එම ස්ථානයද කැලෑබද ප්‍රදේශයක් බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දුම්රියේ තාක්ෂණික ශිල්පින්ය එම කාර්මික දෝෂය සැකසීමට විනාඩි 45 ක් පමණ කාලයක් දැඩි උත්සහයක් ගත්තත් එය ව්‍යර්ථ වූ බවටයි මගීන් පවසන්නේ.
views390 Views
comment
"කිහිපදෙනෙක්ම හිටියා, දැන් පෙම්වතෙක් නැහැ.."

"මට ගැළපෙනවා කියලා හිතෙනව නම් තෝරාගන්නවා..."

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. මේ දිනවල නම් ඇය මෙගා ස්ටාර් එක්ක තරමක් දුරට කාර්යබහුලයි. ඒ ගැනත් අනිකුත් රංගන කටයුතු ගැනත් ෂෙහානි කියන්නේ මේ විදිහටයි.
views291 Views
comment
"සම්පුර්ණයෙන් දයාසිරි ජයසේකරට මඩගැසීමේ වැඩසටහනක් තමයි එකෙන් කලේ"
"දැන් අපිට චෝදනා කරනවා බුකී කාරයින්ට අපි උදව් කරනවයි කියාලා"

ක්‍රිකට් විනාශ කලේ තමන් නොව අර්ජුන රණතුංග අමාත්‍යවරයා ප්‍රමුඛ ඔහුගේ පවුලේ සාමාජිකයින් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අද කොළඹ පැවති ප්‍රවෘති සාකච්චාවකදී ඔහු මේ බව සදහන් කලේ පසුගිය දිනෙක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් සිදුකල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.
views228 Views
comment
පියාගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගිහින්...
පුත්‍රයා ඝාතනය කිරීමේ අරමුණින් නිවස වටා විදුලි කම්බි ඇදලා....

සිය පුත්‍රයාට විදුලිසැර වැදීමට සලස්වා ඝාතනය කළ බව කියන පියෙකු පිළිබඳ මාතර - වල්ගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී 10 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මතියගේ උදාන මධුෂංක නමැති 30 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
views250 Views
comment
ඔවුන් කෙසේද පොරොන්දු වෙන්නේ ඔහුත් තැන්පත්කරුවෙක්
ETI අධ්‍යක්ෂකවරුන්ට කඩේ යන පිරිසක් ගැනත් කියයි

හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ETI තැන්පත්කරුවන්කරුවන්ගේ මහා සභා රැස්වීම අවලංගු කර ඇති බවට ETI මුදල් තැන්පත්කරුවන්ගේ සංගමය පවසනවා.

නමුත් ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසන්නේ අදාල රැස්වීම අවලංගු කිරීමට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත් ඔවුන් එම රැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙවැනි ව්‍යාජ ප්‍රචාර රැගෙන යන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපති අනුෂා ජයන්ති කියා සිටියේ හෙට දිනයෙන් පසු ETI අධ්‍යක්ෂකවරුන්ට තවදුරටත් කල්දීමට සූදානම් නැති බවයි.



views244 Views
comment
එදත් අද වගේ වැහි දවසක්..,
මගේ කවි නොඅසාම කදුලකට තිත තියා නොකියාම නුඹ ගියා

ජනප්‍රිය යොවුන් රංගන ශිල්පී දසුන් නිශාන් මිය ගොස් ඊයේ (25) දිනට වසරක් සපිරුණා.

පසුගිය වසරේ දී ඔහු මිය ගොස් තිබුනේ පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි නවැතැන්පොලක ගෙල වැළලා ගැනීමෙනුයි.

ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඇතිව තිබූ සිත් රිදීමක් මුල් කර ගනිමින් ඔහු මෙලෙස සියදිවි හානි කර ගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි ව තිබුණා.

කෙසේ වෙතත් ඔහු තරුණියක සමග විවාහ ගිවිසගෙන සිටි බව ද පසුව වාර්තාවුණා..
views647 Views
comment
[1]      «      4578   |   4579   |   4580      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top