අරුම පුදුම ගෝත්‍රික ජන කණ්ඩායමක චාරිත්‍රයක් පිළිබඳවයි මේ කියන්න යන්නේ. මේක හිතන තරම් සුන්දර චාරිත්‍රයක් නම් නෙමේ සැටෙර – මාවේ කියන්නේ බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ තිබෙන එක් ගෝත්‍රික ජන කණ්ඩායමක්.
මොවුනගේ දරුවන් වැඩි වියට පා තැබීමේ දී බිහිසුණු චාරිත්‍රයකට මූන දීමට සිදුවෙනවා. ඒ සෑම දරුවෙකුම වේදනා කාරී අත්වැසුම් පැළදීමට සිදුවීමයි. මෙම අත්වැසුම් සදා ඇත්තේ ප්‍රමාණයෙන් තරමක් විශාල දරුනු කුහුඹුවන් විශේෂයක් (bulat ants) ඇතුළට දමා වීම ඇඟ කිළිපොලා යන කරුණක්.
මෙම කුහුඹුවන් වැඩිහිටියන් විසින් අල්ලා ඖෂධිය කොල සමග මසු වූ වතුර බඳුනකට දමා නිද්‍රාවට පත් කරන අතර, අනතුරුව පන් වලින් සදාගත් විවිධ සැරසිල්ලෙන් හැඩ ගැන්වු අත්වැසුම් තුලට කුහුඹුවන් දැමීම සිදු කරනවා. අදාල වැඩිවියට පත් කරන දරුවන්ගේ දෑත් වල මෙය දමන්නේ කුහුඹුවන් අවදි වීමත් සමගයි. එවිට කුහුඹුවන් සාමාන්‍ය තත්වයට වඩා දරුණු ලෙස ක්‍රියා කරන බවයි එම වැඩිහිටියන්ගේ විශ්වාසය.