Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
27
"මගේ අම්මා මාව අත්හැරලා යනකොට මට වයස අවුරුදු හතරයි..." - ඇමරිකාව හෙල්ලූ දෙපා අහිමි තායි නිරූපිකාව කියන සංවේදී කතාව

- "මගේ අම්මා මාව අත්හැරලා යනකොට මට වයස අවුරුදු හතරයි..." - ඇමරිකාව හෙල්ලූ දෙපා අහිමි තායි නිරූපිකාව කියන සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

"මොකද, මට එයාල හිතන දෙයින් වැඩක් නැහැ."

"හැමදෙයක් ම වුණේ හේතුවක් ඇතිවයි.."

සිය සිරුරේ ඉහළ කොටස පමණක් හිමි ඇයට ද ආසියානු කාන්තාවකට හිමි කාල වර්ණ කෙස් කළඹක් මෙන්ම පැහැපත් සමක් හා විශ්වාසයෙන් පිරි දෑසක් හිමිය. දෙපා වෙනුවට දෑතේ ආධාරයෙන් ස්කේටිංබෝඩ් පැද යන ඇය වීඩියෝ ගණනාවක පෙන්වා සිටියේ ආබාධ සහිත තත්ත්වය ජීවිතයට බාධාවක් නොවන බවය.

26 හැවිරිදි තායි - ඇමෙරිකානු ජාතික කන්යා සෙසර් ළඟා කරගත් ජය ටැඹ එය පමණක්ම නොව, දෙපා නැතිවත්, අනාථභාවයට පත්වුවත් සිය සිහින හඹා ගිය ආකාරය සම්බන්ධයෙන් තවත් බොහෝ පිරිසකට පාඩමක් කියා දෙමින් ඔවුන්ට උත්තේජකයක් සැපයුවාය.


තායිලන්තයේ නකොන් රට්චාසිමා පළාතේ පක්චොං හි උපන් කන්යා ඇයගේ මව විසින් මාර්ගයක් පසෙක අතහැර දමනු ලබුවාය. කිසියම් පුද්ගලයෙකු විසින් ඇයව පක්චොං නානා රෝහලට ගෙනගොස් භාරදෙන ලදුව එවක් පටන් රෝහල් කාර්ය මණ්ඩලය සෙවනේ හැදී වැඩුනාය. එම කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඇයගේ "මව්වරුන්" වූහ. අවුරුදු හයේ උපන්දිනයට ආසන්නයේදී ඇමෙරිකානු යුවලක් වූ ඩේවිඩ් සහ ජේන් සෙසර් සිය දරුකමට වැළඳගත් ඇය ඇමෙරිකාවේ අලුත් නවාතැන වෙත ගෙන යනු ලැබූහ.

ඉන් දශක දෙකකට පමණ පසු මිනිසුන් කන්යා සෙසර් හඳුනාගත්තේ Nike හා Billabong වැනි ලොව ප්‍රමුඛ වෙළෙඳ සන්නාම සඳහා පෙනී සිටින නිරූපිකාවක ලෙසිනි. 2015 වසරේදී රූපවාහිනී කතා මාලාවකට එක්වූ ඇය මේ වනවිට ප්‍රකට රූපවාහිනී කතාමාලාවක් වන "ද වෝකිං ඩෙඩ්" (The Walking Dead) හි අලුත්ම අදියරට රංගනයෙන් එක්වන්නීය.

තවමත් ඉතා තරුණ අවදියේ සිටියද "දෙපා නැතත්, සීමාවක් නැහැ" යන සිය ආදර්ශ පාඨයට සරිලන ලෙසම ඈ බොහෝ දේ ළඟා කරගත්තීය. ආබාධිත දැරියක වූ ඇයට මේ සියලු දේ ඉටු කරගත හැකි වූයේ කෙසේ ද යන්න ගැන බොහෝ දෙනා විමතියට පත්වූහ.

"හැම වෙලේම මා තුළ තිබෙන්නේ මා ගැන ඇති විශාල ධෛර්යයක්. මම හෝ මා වටා සිටින අය කුමන දේ හිතුවත් එය අදාළ නැහැ. මා ගෙවන ජීවිතය අද සිටින මා කියන පුද්ගලයා වීමට මාව උනන්දු කරනවා," යැයි ඇය බීබීසී තායි සේවයට කියා සිටියා ය.
   
කන්යා හට පවුලක් සොයා දුන් සහතායි පදනමේ සමාජ සුබසාධනය පිළිබඳ අධ්‍යක්ෂ මලී චත්කන්භායි පැවසුවේ සෙසර් යුවල ඇය ඔරිගන් හි පොර්ට්ලන්ඩ් වෙත ගෙන ගිය බවය. එහිදී එම යුවලගේ පුතුන් දෙදෙනා සමග ඇය වැඩුනාය. මේ කුඩා දැරිය පිළිගත් අවට ප්‍රජාව ඇයට සුව පහසුව ජීවත්විය හැකි ලෙස පහසුකම් සම්පාදනය කළාය. ඇයට සිය රෝද පුටුවෙන් එහා මෙහා යා හැකි පරිදි ඔවුහු මාර්ග වේදිකා ද, මාර්ගය හරහා යා හැකි පරිදි සංඥා එළි ද, ක්‍රීඩාංගණය මෙන්ම සිය අලුත් අසල්වැසියාට පහසු වනු පිණිස පාසල් පුස්තකාලයේ පොත් අසුරණ ද නැවත සකස් කළහ.

කන්යාට සෑම කටයුත්තකදී ම ඇගේ මව ජේන් උදව් කළාය. තමන් ක්‍රීඩාවට ඇල්මක් දක්වන බව කන්යා කීවේ එයින් තමන් ශක්තිමත් වන නිසාම නොව ක්‍රීඩිකාවක වීම තුළින් අන් අයට උත්තේජනයක් විය හැකි නිසා ය.

ක්‍රියාකාරී දරුවකු වූ තමන්ට සෑම දේ ම කරන්නට අවැසි වූ බව කන්යා පවසන්නීය. සිය මවගේ ද සහාය ඇතිව පැසිපන්දු, ටෙනිස්, රෝදපුටු ක්‍රීඩා, මොනෝ ස්කී, පිහිනුම් සහ රග්බි ඇතුළු බොහෝ ක්‍රීඩා සඳහා එක්වූවාය.

"මේ සියලු දෙනා, ආබාධිත ක්‍රීඩකයින් විවිධතා සහිතව උපන් අයයි. නමුත් ඔවුන් මා වගේ. ඒ නිසා තනියක් නැහැ. හැකියාව ඇති, හැකියාව නැති හා තමන් වගේම පිරිසක් අතර සිටීම ප්‍රියජනකයි. ඔවුන් තමන්ගේම කණ්ඩායම් සගයින් වගේ, සහෝදරයෝ, සහෝදරියෝ වගේම මගේ හොඳම යාළුවො."

2014 වසරේ ලන්ඩනයේ පැවති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ මොනොස්කී ඉසව්වෙන් එක්සත් ජනපදය නියෝජනය කරන්නට ඇයට හැකි වුවාය.

2014 ලන්ඩනයේ පැවති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ මොනොස්කී ඉසව්වෙන් එක්සත් ජනපදය නියෝජනය කරන්නට ඇයට හැකි වුවාය

නව මං සොයා යාමේ උනන්දුවකින් යුතු 15 හැවිරිදි යෞවනියකව සිටි කන්යා වෙත ප්‍රවේශ වූ ඔරිගන් හි පිහිටි පදනමක් ඇයගෙන් විමසුවේ ඇය වඩාත්ම යෙදීමට රුචි කාර්ය තුන කුමක්ද යන්නය. නිරූපිකාවක වීම ඉන් එක් අභිමත කාර්යයක් වන අතර පසුව එය සැබෑ කරගන්නට ඇයට හැකි විණි.

"එක ම ජීවිතය ලැබූ එක ම අවස්ථාවයි. ඉතින් එයින් උපරිම දේ නෙලාගන්න. එය ඔබේ විශිෂ්ට ම දේ කරගන්න"

"රූපසොබාව පිළිබඳ පිළිගත් තත්ත්ව වෙනස්කරමින් අප ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. පෙනුම පමණක් නොවෙයි. සැමදෙනාට ම එක වගේ විවිධ දේ අඳින්න පළඳින්න පුළුවන්. එහෙමත් නැතිනම් වෙනස් විදියේ මෝස්‌තර. හැමදෙනාම තමන්ට අනන්‍ය වූ ආකාරයට ලස්සනයි. ඒ හැම අනන්‍ය ආකාරයකින් ම ඔවුන් විශිෂ්ට ලෙස පෙනෙනවා" පක්චොං හි පිහිටි, වරෙක ඇය රැකබලාගත් හෙදියකගේ නිවසේදී බීබීසී තායි සේවය සමග අදහස් දක්වමින් කන්යා පැවසුවාය.

"මේ ඉන්න හැම දෙනාම ඒ ආකාරයෙන් සඟරාවක නිරුපණය වෙන්නේ නැහැ. එයින් ලෝකයේ යථාර්ථවාදී බව පෙනෙන්නේ නැහැ. සඟරාවක ඔබ දකින දේ එසේම සැබෑ ලෝකයේ දකින්නට නැහැ. ඉතින් මම හිතන්නේ සැබෑ තත්ත්වය සඟරාවකින් පේන්නට ඕනෑ." යැයි පවසන කන්යා, "හොඳ සිහින් සිරුරක් වගේම ස්වභාවික ශෘංගාරාත්මක බවක් හැම දෙනා තුළම නැහැ. හැම දෙනාම සර්ව සම්පුර්ණ නැහැ." යනුවෙන් පෙන්වා දෙන්නීය.


"මිනිස්සු කවදාවත් මගේ ජීවිතයට සෘණාත්මක ආකාරයට බලපෑවේ නැහැ. මොකද, මට එයාල හිතන දෙයින් වැඩක් නැහැ." යැයි ඇය පිළිතුරු දුන්නේ, යමෙකු මුල්වරට ඇය දකින විට කිසියම් අපහසුතාවකට ඇය ලක්වුයේදැයි කළ විමසීමට ය. මිනිසුන් තමන් ගැන සිතන ආකාරය පිළිබඳ තැකීමක් නොකරන බව කී ඈ බොහෝ අවස්ථාවලදී මිනිසුන් ඇයගේ තත්ත්වය වටහාගන්නා බැවින් එවැනි දුෂ්කර අවස්ථාවලට තමන් පත්ව නැති බව කියා සිටියාය.

ඇයගේ ජයග්‍රහණ මෙන්ම සිය ශාරීරික සීමාකම් හේතුවක් කොටගෙන කිසිවක් අත් නොහරින ස්වභාවය නිසා බොහෝදෙනාට ඇය පොළඹවන සුලු චරිතයක් විණි. මේ හේතුව නිසා ම ඉතා තරුණ වියේදී ම ඉහළ ජයග්‍රහණ අත්කරගන්නට ඇයට හැකියාව ලැබිණි.

කෙසේවෙතත්, තමන් කවුද හා තමන්ට කවුරුන් වෙන්නට අවශ්‍යදැයි අදහසක් නැති වෙනත් යෞවනයින් සේ ම, කන්යා ද සෘණාත්මක ආකල්පවලින් හෙබිවූවාය. තනිව සොයා යාමේ යෙදෙන එම කාලයේදී ඇයට ගැලවීමට හැකියාව ලැබුණේ "යන අතට ම යාම" තුළ ය. සිදුවන දේට එසේ වන්නට ඉඩ හැරීම ය. අඩියක් පසුපසට යාමටත්, තමන්ගේ ඇල්ම ඇති දේට කැපවීමටත් එයින් ඇයට හැකියාව ලැබිණි.

"අන් අය කියන දේට කන්දෙන්නවත් තමන් පහත වැටෙන්නටත් දෙන්න එපා. මොකද තමන්ගේ ස්වාමියා තමන්මයි. ඔබේ ජීවිතය ගැන තීරණ ගන්නා එකම තැනැත්තා ඔබයි." මේ දැඩි කියමන ඇතැම්විට මේ දැඩි අශිෂ්ඨානයෙන් යුතු කාන්තාව තමන්ගේම අත්දැකීම්වලින් සැකසුනු පදනම විය හැක.

"එක ම ජීවිතය ලැබූ එක ම අවස්ථාවයි. ඉතින් එයින් උපරිම දේ නෙලාගන්න. එය ඔබේ ජයග්‍රහණය කරගන්න"

"සෑම වසරකම සැප්තැම්බර් 13 මම සිහිපත් කරනවා. විහාරයට ගිහින් ඇය වෙනුවෙන් ආශිර්වාද පතනවා"

"ඇය කුඩා අවදියෙදී ආබාධිත දරුවන් පිළිබඳ චිත්‍රපට ඇයට පෙන්නුවා. වෙළෙඳපොළට යනවිට ආබාධිත දරුවන් දකිද්දී ඇයව මගේ දෑතේ රුවාගෙන අනෙක් දරුවන්ට හඳුන්වා දුන්නා. එවිට මා ඇගෙන් විමසුවා අප කුමක් කළ යුතු ද කියා. මට අවශ්‍ය වුනේ, ආබාධ සහිත අයෙකුට සමාජය සමග සහජීවනයෙන් සිටින්නට පුළුවන් යන්න ඇයට ඇඟවීමටයි."
කන්යා වයස අවුරුදු හතර වනවිට සහතායි පදනම වෙත මාරු කර යැවෙන තෙක් බූන්චාන් ඇතුළු අනෙකුත් "අම්මාවරු" කන්යා තා හොඳින් රැකබලාගත්හ. පසුව කැපකරු පවුලක් බැංකොක් නුවරින් සොයා ගැනුණු අතර සෙසර් පවුල කන්යා භාරගන්නා තෙක් ඒ සියලු දෙනා ඇයව ඇතිදැඩි කිරීමට උදව් කළහ.

"ඇය ගැන මට සතුටුයි වගේම ආඩම්බරයි. විදේශයක අලුත් නිවහනකට ඇය මුලින් යද්දී මට දුක්වෙන්න දෙයක් තිබුනේ නැහැ. කරුණු සිදුවෙන්නේ වෙනස් විදිහට. ඔව්, ඇත්තෙන්ම මම ඇයගේ යහපත ගැන උනන්දුයි," හැඟුම්බරවීමෙන් සැලෙන හඬින් යුතුව බූන්චාන් පැවසුවාය.

"සෑම වසරකම සැප්තැම්බර් 13 මම සිහිපත් කරනවා. විහාරයට ගිහින් ඇය වෙනුවෙන් ආශිර්වාද පතනවා. අවුරුදු 13ක් ම මම ඒ දේ කරන්නේ එය ඇගේ උපන්දිනය ලෙස සලකාගෙනයි" ඇය සඳහන් කළාය.

තමන් වෙනුවෙන් උනන්දුවන ඕනෑම කෙනෙකු තමන්ගේ පවුල ලෙස කන්යා සලකන්නීය.

"හැමදෙයක් ම වුණේ හේතුවක් ඇතිවයි. එය ඒ ආකාරයෙන් ම පැවතිය යුතුයි"

තමන්ට ජන්මය දුන් දෙමාපියන් දකින්නට කවදා හෝ සිහින දුටුවේදැයි විමසු විට ඇය පිළිතුරු දුන්නේ පරිණත පුද්ගලයෙකුගේ විලාසයකිනි. "හැමදෙයක් ම වුණේ හේතුවක් ඇතිවයි. එය ඒ ආකාරයෙන් ම පැවතිය යුතුයි."

කන්යා උපන් බිම වූ පක්චොං දිස්ත්‍රික්කයට අප ගිය විට ඇය පැවසුවේ, තමන්ගේ මව ඇය වුවා නම්, ඇය වෙනස් මානයකින් ක්‍රියාකරනු ඇති බවකි. දැන් තමන්ට ඇති ජීවිතය ගැන සතුටු වන ඇය තමන්ගේ පවුලෙන් විසල් ආදරයක් ලබන බවය.

කන්යාට අනුව පවුල යනු ලේ ඥාතීත්වය හෝ එකම වර්ගයේ ඩීඑන්ඒ ද නොවේ.

"මං විශ්වාස කරන විදිහට මාව හැදූ වැඩු අයට මට හැකි උපරිමයෙන් සලකන්නට අවශ්‍යයි. ඔබ දරුවකුව සිටි කාලය හෝ ඔබේ ජීවිත ඉතිහාසය තුළ කොතැනක හෝ ඔබේ ජීවිතයේ කොටසක් වෙලා සිටියානම්, මම හිතන්නේ ඒ අය තමා ඔබේ පවුල."

කන්යා අපට ඇගේ සිහීනය ගැන කීවාය. ආබාධ සහිත පුද්ගලයින්ට උත්තේජනයක් ලබාදීම සඳහා ලොව වටා සංචාරය කිරීමටත්, දරුවන් පවුලට එකතු කොට හදාවඩා ගැනීමටත් ඇයට අවශ්‍ය ය. නිළියක ලෙස තවදුරටත් රැඳෙමින් සිය සිහින හඹා යන්නීය. ඇය චිත්‍රපටයක ප්‍රධාන නිළිය බවට පත්වන දිනය මෙන්ම ඇගේ සිහීනය ඉටුවන දිනය වැඩි ඈතක නොවේ යැයි සිතමු.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top