ජනප්‍රිය යොවුන් රංගන ශිල්පී දසුන් නිශාන් මිය ගොස් ඊයේ (25) දිනට වසරක් සපිරුණා.
පසුගිය වසරේ දී ඔහු මිය ගොස් තිබුනේ පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි නවැතැන්පොලක ගෙල වැළලා ගැනීමෙනුයි.
ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඇතිව තිබූ සිත් රිදීමක් මුල් කර ගනිමින් ඔහු මෙලෙස සියදිවි හානි කර ගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි ව තිබුණා.
කෙසේ වෙතත් ඔහු තරුණියක සමග විවාහ ගිවිසගෙන සිටි බව ද පසුව වාර්තාවුණා..
රංගන ශිල්පීන් රැසක් කම්පා වූ දසුන්ගේ මෙම මරණය සිදුව වසරක් ගතවන අවස්ථාවේදී ඔහුගේ රසිකයක් මෙන්ම හිත මිතුරන්ද මුහුණු පොතට අදහස් පළකර තිබුණා.
ඒ අතර ජනප්‍රිය නිළි ශලනි තාරකා තබා තිබූ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

එදත් අද වගේ වැහි දවසක්..,
සීතලට පොද ඉහින
මල් වැස්සේ නොතෙමීම
එදා මම කවි ලීවා
නුඹ ලගින් උන් නිසා
ලග ඉදන් නෙතු අයා
වැහි පොදින් හිත තෙමා
කවියකට හිත වැටිලා
නුඹත් මට පෙම් බැන්දා
එදත් අද වගේ වැහි දවසක්..,
සැර අකුණු හඩ ඇසී
හදවතම දෙදරැම් දෙද්දි
එදා මං කවි ලීවා
නුඹ මගේ නොවු නිසා
සැඩ සුලග හමාවත්
හද අදුර නෙමැකුනු නිසා
කවියටම හිත බැදිලා
නුඹ තවත් පෙම් බැන්දා
එදත් අද වගේ වැහි දවසක්..,
ඝන අන්දකාරයෙන්
ලොවම ගිල්වු එදා
කදුලු කවියක් කරම
මම නුඹට කවි ලීවා
මත්වෙලා ආදරෙන්
මගේ කවි නොඅසාම
කදුලකට තිත තියා
නොකියාම නුඹ ගියා
එදත් අද වගේ වැහි දවසක්..,
වැහි අදුරැ මැකිලා
හිරැ ඒවි එබීලා
ඒත් නුඹ නැති නිසා
හිත අදුරේ ගිලීලා
නිදන නුඹ ගැන සිතා
සැනසිල්ලේ ඇති කියා
මම තවම කවි ලියමි
ගිය නුඹට පින් පතා