Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
27
“මම නිලූකාව මැරුවා, මම නිලූකාව මැරුවා..“ බිරිඳ ගැන ඇති වූ සැකය දුරදිග ගොස් ඇගේ හිසට උදැල්ලෙන් ගසා මැරූ සැමියා ලේ පිටින්ම ඇවිත් කළ දේ - Photos

- “මම නිලූකාව මැරුවා, මම නිලූකාව මැරුවා..“ බිරිඳ ගැන ඇති වූ සැකය දුරදිග ගොස් ඇගේ හිසට උදැල්ලෙන් ගසා මැරූ සැමියා ලේ පිටින්ම ඇවිත් කළ දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

මහ වැස්සක් ඇද හැලෙමින් තිබියදී කළ අපරාධය..
“අම්මා.. අම්මා..“ කියමින් දරුවා ලේ විලක් මැද..
 
නිලූකා සුභාෂිණී අධ්‍යාපනය අතරමඟ නවතා දමා ඇඟලුම් කම්හලක රැකියාවකට ගියේ අනාගතය ගැන දහසක් බලාපොරොත්තු හිතේ පුරවාගෙනය.
 
රැකියාවට යන එන අතරතුර ඇයට පෙමකට ඉඟිකළ ජයසුන්දර බණ්ඩා සමඟ ඇය ඇති කර ගත් සම්බන්ධතාවයේ අවසාන ප්‍රතිඵලය වූයේ ඔහු සමඟ විවාහවීමයි.


වැඩි දවසක් යන්නට මත්තෙන් එම දෙපලට සුරතල් පුතෙක් ද ලැබුණි.
 
ජයසුන්දර ඉන්ධන පිරවුම්හලක සේවය කළ නමුත් ඉන් පසුව එම රැකියාවෙන් ඉවත් වන්නට සිදුවිය. පසුව ඔහුට සිදුවූයේ තැනින් තැනට ගොස් කුලී වැඩක් කරමින් තම පවුල නඩත්තු කරන්නටය.
 
කෙසේ වුවත් අඟහිඟකම් උග්‍ර වේද්දී දෙමහල්ලන් අතර පැවති ආදරය ද කෙමෙන් කෙමෙන් ඔවුන් වෙතින් පලායන්නට විය. එනිසා ඇතිවූ ආරවුල් දිගු ආරවුල් දක්වා ද දුරදිග ගියේය.
 
ඉකුත් 12 වන දා නිලූකා පොලිසියට ගියේ තම සැමියාගෙන් සිදුවන කරදර හා හිරිහැර ඉවසා සිටීමට නොහැකි බව කියමිනි. පසුවදා දෙදෙනාම පොලිසියට කැඳවා අවවාද හා අනුශාසනා ලබා දීමට පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.
 
දරුවාද සමඟ පොලිසියට ගොස් තිබූ නිලූකා  නිවසට පැමිණියේ නෑදෑ නිවසකට ගොස් පැය කිහිපයකට පසුවයි.
 
ඇය නිවසට පැමිණෙන  විට ජයසුන්දර ද පැමිණ සිටි අතර ඒ මොහොතේ අකල් වැස්සක් ඇද හැළෙමින් තිබියදී නිලූකා ඝාතනයට ලක්වී තිබේ.
 
උදැල්ලෙන් නිලූකාගේ හිසට ගසා ඇය ඝාතනය කළ සැකකරු ඉන්පසු කෙලින්ම ගොස් තිබුණේ පොලිසියටයි.
 
ඒ “මම නිලූකාව මැරුවා, මම නිලූකාව මැරුවා..“ යනුවෙන් කෑගසමිනි.
 
අසල්වැසියන් එම නිවසට යන විට ඔවුන් දැක ඇත්තේ ලේ විලක් මැද “අම්මා, අම්මා“ ලෙස කෑ ගසමින් සිටි හයක් හතරක් නොදත් පුංවි දරුවායි.
 
සිද්ධිය සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ මෙවැන්නකි.
 
“එදා හැන්දෑවේ බෙල්ලේ තුවාලයක් සහිතව ලේ ගලමින් සිටි පුද්ගලයෙක් පොලිසියට ආවා. උදැල්ලකින් පහර දී තම බිරිඳ මරා දැමූ බව ඔහු විසින්ම ප්‍රකාශ කළා. ඔහුගේ බෙල්ලෙත් සුළු තුවාලයක් තිබුණු බව පරික්ෂා කරද්දි දුටුවා. පසුව කට උත්තරයක් ගැනීම සඳහා ඔහුව පොලිසියේ නවත්වාගෙන අපේ නිලධාරින් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පිටත්කර යැව්වා. ඒ වන විටත් කිසිවිටෙකත් මේ කාන්තාව ගැන පියවරක් අරගෙන තිබුණේ නැහැ. අපි ඉක්මනට තුවාලකාරිය රෝහලට රැගෙන ගියා. නමුත් දරුණු පහරකෑමකට ලක්ව සිටි කාන්තාව ඒ වන විටත් මියගොස් තිබුණා. හඳුනාගත් සලකුණු අනුව මෙය ඉතා අමානුෂික මනුෂ්‍ය ඝාතනයක්. ඇය දරුවා ද සමඟ සාලයේ තිබුණු පුටු සැටියේ දිගාවී සිටින විට උදැල්ලකින් පහර දී ඇය ඝාතනය කරන්නට ඇති බව පරීක්ෂණවලදී පෙනී ගියා. පුටුව පුරාම ලේ කැදලි තිබුණා.“
 
සැකකරු නිලූකා පිළිබඳ කිසියම් සැකයක් ඇති කර ගෙන සිටි බවක් ඔහු පොලිසිය හමුවේ කළ පාපොච්චාරණයෙන් හෙළිදරව් වී තිබේ.
 
සැකකරු මහියංගනය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.
 
සෝමදාස සමරගුණරත්න

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top