Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
27
ලෝක වැඩිහිටි දිනය සමරන්නට ඔන්න මෙන්න තිබියදී දඹුල්ල පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් අසරණ පියෙකුට පිහිට වූ හැටි - Photos

- ලෝක වැඩිහිටි දිනය සමරන්නට ඔන්න මෙන්න තිබියදී දඹුල්ල පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් අසරණ පියෙකුට පිහිට වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

සහෝදර සහෝදරියන් රැසක් ඉන්නවා. කවුරුත් භාරගෙන නැහැ....
පුළුවන් කාලයේදී විවාහ නොවී සහෝදරයින් රැකබලාගෙන

පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු තොරතුරක් ඔස්සේ ගිය දඹුල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අසරණ වූ පියෙකු නහවා කවා පොවා රෝහල් ගත කිරීමේ සිද්ධියක් දඹුල්ල පොලිසියෙන් වාර්තාවනවා.

දඹුල්ල පොලිසියේ හදිසි ඇමතුම් අංශය නියෝජනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු උවන 60342 එච්. එම්. සි . කේ. හේරත් මහතාට 50606 එම් .ඒ .සි .ඒකනායක  යන මහතාටත් 119 හදිසි පොලිස් ඇමතුම් අංශයෙන්  තොරතුරක් ලැබී තිබුනේ දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ වයෝවෘද්ධ පියෙකු  ප්‍රරධාන මාර්ගය අසල වැටී සිටින බවයි.

වහාම එම තොරතුරු පිළිබඳව සොයා බැලීම සඳහා යතුරුපැදියකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා.


ඒ යන විටත් වයෝවෘද්ධ පියෙකු  මාර්ගය අසල දින ගණනාවක් තිස්සේ ඉතාම අපිරිසිදුව අසාධ්‍ය තත්වයේ සිටිනු දැක තිබෙනවා.

මලමුත්‍ර එම ස්ථානය  පුරා වැතිරී  ගෙන සිටි මෙම පියා පිළිබඳව අවට ප්‍රදේශවාසීන්ද අත නො තබා ඇත්තේ එතරම් ම අපවිත්‍ර වූ නිසා බවයි අප වාර්තාකරු පැවසුවේ.

ප්‍රදේශවාසීන්  පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ බව දැනුම් දී ඇත්තේ ද  පිරිසුදු කරගැනීමට හෝ ළඟට කිට්ටු වීමට නොහැකි දුර්ගන්ධයක් හමන නිසාවෙන් බව පොලිසිය පවසනවා.

පසුව දඹුල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සිය රාජකාරිය ආරම්භ කරමින් ඔවුන් දෙදෙනා සිදුකළේ අසළ නිවසකට කතා කොට ඔවුන්ගෙන් දිය නෑමට හැකි ස්ථානය ඉල්ලාගෙන මෙම මහලු පියා රැගෙන ගොස් නාවා පිරිසිදු කොට ප්‍රදේශ  වාසීන්ගෙන් ඉල්ලා ගත් ඇඳුමක් අන්දවා ආහාර පාන ලබා දී දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමයි.

පේරාදෙණිය කිරිබත්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටින සිටි  පී. එච්. කේ. ධර්මපාල නම් වූ මෙම පියාට සහෝදර සහෝදරියන් රැසක් සිටින බවත් එම සහෝදර සහෝදරියන් විසින් තමන්ව භාර නොගෙන මහ මගට ඇද දමා ඇතැයි පොලිසියට පවසා තිබෙනවා.

විවාහ නොවී සිටි මෙම ධර්මපාල නැමැති පියා තමන්ට ශක්තිය ඇති කාලයේ  තම සහෝදර සහෝදරියන් රැක බලා ගත් බව ඔහු කඳුළු සලමින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට පවසා තිබෙනවා.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ නියම පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ක්‍රියාව මෙම නිලධාරීන් දෙදෙනා ඉටුකළ බව යි.

හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුර මත මෙම නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට පිටත් කර යැවූ බවත් එහි සිට ඔවුන් තිදෙනා මෙම ක්‍රියා පිළිබඳව තමා ව දැනුවත් කළ බව ද පසුව එම පියාට අවශ්‍ය පිරිසුදු කිරීම් සිදුකොට රෝහල්ගත කරන ලෙස තමන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ද සඳහන් කළා.

මහලුව  වයසට යනවිට දෙමාපියන් සහෝදර සහෝදරියන් අසල්වැසියන් රට වැසියන් සියලු දෙනා එකතුවී වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීම යුගයේ අවශ්‍යතාවයක් බවත් තවත් දින කිහිපයකින් ලෝක වැඩිහිටි දිනය සමරන්නට ඔන්න මෙන්න තිබියදී මෙවැනි සත්කාරයක් තම නිලධාරීන් සිදු කිරීම තමන් බෙහෙවින් සතුටට පත්වන බව ද මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වැඩිදුරටත් පැවසුවා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top