කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ තවුහිත් ජමාත් ත්‍රස්තවාදී සංවිධනයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් බව DNA පරීක්ෂනයෙන් තහවුරු වී ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මොහොමඩ් සහරාන් ගේ බිරිඳ ගේ, දියණියගේ හා සහෝදරියක ගේ ජීව නියැදි යොදාගෙන දින ගණනාවක් තිස්සේ මෙම ඩී එන් ඒ පරීක්ෂණය සිදු කළ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවේ උසස් නිලධරියෙක් පැවසීය.
මෙම පරීක්ෂණයට අදාල රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තු වර්තාව අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට භාර දීමට නියමිතය.
පාස්කු ඉරුදින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් සිය ඇඟ බැඳි බෝම්බ පුපුරුවාගෙන ජීවිතක්ෂයට පත් වූහ.
එම බෝම්බ පුපුරුවාගත් දෙදෙනා තවුහිත් ජමාත් සංවිධනයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් හා ඉල්හාම් මොහොමඩ් ඊබ්‍රාහිම් බවට ආරක්ෂක අංශවලට තොරතුලු ලැබී තිබිණි.