Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
21
"හැම ගෙදරකම අම්මා ඒ ගෙදර දේවල් පැහැර හරින්නේ නැතුව ඉටු කරනවානම් පවුල බෙහෙවින් සාර්ථකයි..." - අමිලා නදීෂානි - Photos

- "හැම ගෙදරකම අම්මා ඒ ගෙදර දේවල් පැහැර හරින්නේ නැතුව ඉටු කරනවානම් පවුල බෙහෙවින් සාර්ථකයි..." - අමිලා නදීෂානි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views

"එහෙම කියල ඒ අය ගැන සොයන්නෙ බලන්නෙ නැතුව ඉන්න බෑ..."

"අපි ඉපදුණේ දුප්පත්ව. ඒක කියන්න මට ලජ්ජාවක් නැහැ.."

‘‘2007 පසුවයි මම කලාවට එන්නේ. දැන් අවුරුදු දොළහක් වෙනවා. එදා ඇඹිලිපිටියේදී ගෙවූ කාලය තවම සිහිපත් වෙනවා. පුංචි කාලෙ ඉඳන්ම ගීත ගායනා කළත් ගායිකාවක් වෙන්න ලැබෙයි කියා කවදාවත් සිතුවෙ නැහැ. සෑහෙන්න උත්සාහ කළා ක්ෂේත්‍රයට එන්න. නමුත් අවස්ථාව ලැබුණෙ නැහැ. මගේ දෛවය කෙසේ හෝ හොඳම විදිහට තමයි මට ක්ෂේත්‍රයට එන්න අවස්ථාව සැලැසුවේ‘‘


ලොකු බලාපොරොත්තුවකින් තොරව ආසාවට යොමු කළ අයැදුම්පත ජීවිතය වෙනස් කරාවි යැයි ඇය සිහිනෙන්වත් නොසිතුවාය. ඒ වෙනුවෙන් ඇය බොහෝ දුක් මහන්සි වුවාය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඇය ගීත පනහක් පමණ ගායනා කර තිබේ.

‘‘අපි ඉපදුණේ දුප්පත්ව. ඒක කියන්න මට ලජ්ජාවක් නැහැ. මගේ ජීවිතය ගැන ගොඩක් අය දන්නවා. අපි දුප්පත්ව ඉපදුණා කියල දුප්පත්වම මැරෙන්න ඕනෑ කියල එකක් නෑ. ධෛර්යය සම්පන්නව ජීවිතයට මුහුණ දුන්නොත් අපිට අරමුණ කරා යෑම අපහසු නැහැ. මට මතකයි මම ස්කෝලෙ යන කාලෙ ගුරුවරු නිතරම කියන දෙයක් තමයි ඔය ළමය කවදහරි දවසක හොඳ තැනකට යනවා කියල. අද ඔවුන් මාව මුණ ගැසුණාම කියනව ‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියල අපි කිව්වේ ඔයා වගේ අයට තමයි, කියලා.

‘‘ගොඩක් අය මට ආදරෙයි. මට යන යන තැන හිත දිනාගෙන වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඒක කපටිකමක් නෙමෙයි. අපි එහෙම හැසිරුණහම ඒ අයත් අපිට ආදරෙයි. ඒ වගේම තමයි ඉලක්කයක් තබා ගැනීම. අනවශ්‍ය දේවල නොඇලීම. සහ ක්‍රියාශීලිත්වය. කම්මැළි වුණොත් අපිට කිසිදෙයක් කරගන්න බැහැ. ඉස්සර අපෙන් අහනවනෙ නිකන් ඉන්න වෙලාවට මොනවද කරන්නේ කියල දැන් කියන්න තියෙන්නේ නිකන් ඉන්න වෙලාවක් නැහැ කියන එක. පසුගිය කාලෙ කාලෙකට පස්සෙ දරුවොත් එක්ක කතරගම, නුවරඑළිය ගියා. ඒවත් නොකෙරුවොත් දරුවො අපෙන් ඈත් වෙනවා.‘‘

‘‘දැන් අපිට ජීවත් වෙන්න මිල මුදල් තිබුණත් ළමයි ආරක්ෂා කරගන්න එක හරිම අමාරුයි. දුව පුතා කියල ඒකෙ වෙනසක් නැහැ. පුතා දැන් ලොකු නිසා එයා දන්නව නංගිව බලාගන්න. එහෙම කියල ඒ අය ගැන සොයන්නෙ බලන්නෙ නැතුව ඉන්න බෑ. අම්ම කෙනෙක් විදිහට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ඒ අය ලොකු වෙන්න, ලොකු වෙන්න වැරැදි තීරණ ගන්න ඉඩ තිබෙනවා. අපි ඒ අය ගැන ඇහැ ගහගෙන හිටියොත් නරක අතට යන්නෙ නෑ කියලයි මගේ විශ්වාසය.‘‘

පුතු කේ. ජී. බිතුම් චබි චානක්‍යට වයස දහ අටකි. ඔහු කොළඹ තර්ස්ටන් විදුහලේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරයි. දුව කේ. ජී. ලිතුම්යා සිතුම්දි ගේට්වේ ජාත්‍යන්තර පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබයි.

‘‘මමත්, සමන්තත් ප්‍රසංගවලට බය නැතුව යන්නෙ පුතාට නංගිව බලාගන්න කියල. අපේ පවුල තුළ ලොකු සහජීවනයක් තිබෙනවා. ඒ නිසයි අපිට බාධක කම්කටොලු මැද මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ. මම හැමදාමත් උනන්දු වූයේ තමන්ට කියලා අනන්‍යතාවක් ගොඩනගා ගන්න. ඒක පෞද්ගලික ජීවිතයේදි වගේම ගායන ක්ෂේත්‍රයේදිත් ඒ පිළිවෙතම අනුගමනය කළා. හැම ගෙදරකම අම්මා ඒ ගෙදර දේවල් පැහැර හරින්නේ නැතුව ඉටු කරනවානම් පවුල බෙහෙවින් සාර්ථකයි. මම රියලිටි තරගයට් සහභාගි වන විට පුතාට වයස අවුරුදු හයයි. අපි දෙන්න ඒ කාලයම ගෙවුවේ කොළඹ. පුතා ඇඹිලිපිටියට වෙලා අම්මි එක්ක හිටියා. ඒ සියලු දෙනාගේම කැප කිරීම මත තමයි මට මේ ගමන එන්න හැකිවුණේ. දැන් මගේ පවුලෙ සියලු දෙනාම පාහෙ ඉන්නෙ කොළඹ. සමන්තගේ අම්මා, තාත්ත පමණයි ඇඹිලිපිටියෙ ඉන්නෙ‘‘

ඇයට කීමට තවත් බොහෝ දේ තිබෙන හැඩයි. ඒ නිසා මම මගේ පැනය යටපත් කරගෙන ඇය කියන දේට කන් දෙමි.

‘‘මගේ පුතා බිතුම්ට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. එයා දවසක කලාව පැත්තෙන් ඉදිරියට යයි කියල හිතනවා. දැනටත් පුතා ‘ලිහිනි‘ කියල ගීතයක් ගායනා කර තිබෙනවා. එය ‘යූ ටියුබ්‘ එකෙන් අහන්න පුළුවන්. දුව නම් අනාගතයේ මොනවද කරන්නේ කියල තවම කියන්න දන්නෙ නෑ. කවුරු වුණත් කමක් නෑ මට ඕනෑ ඒ දෙන්නා හොඳ පුරවැසියන් කරන්නයි.,

අමිලා කලක් මෙරට තරුණයන්ගේ සිහින කුමරියව සිටියාය. අදටත් ඒ රුව එලෙසින්ම පවතියි. කාර්ය බහුල දිවියක් ගත කළත් ඇය රූ සපුව ගැන හිතන පාටයි.

‘‘මම හැමදාම ප්‍රිය කළේ නීරෝගි දිවියකට. රූපයට කියල විශේෂ දෙයක් කරන්නෙ නැහැ. හැබැයි අනවශ්‍ය කෑම ගන්නෙත් නෑ. හොඳට වතුර බොනවා. පිරිසුදුව ඉන්නවා. ජීවිතයෙන් ටික ටික තරුණකම බැහැරවෙනකොට අපි තේරුම් ගන්න ඕන අපි යන්නෙ කොතනටද කියල. එවිට අපි යථාර්ථවාදීව ජීවත්වෙන්න ඕනෑ. ඇඳුම් විලාසිතා ගැන කියනවා නම් එදිනෙදා ගමන් බිමන් යන විට වැඩිපුර අඳින්නේ ස්කර්ට්, බ්ලව්ස්. ප්‍රසංග වේදිකාවට නගින්නෙ සාරි ඇදලා. මට හිතෙන්නෙ මට කැතයි කියල ඇඳුමක් නැහැ. ඒත් ඇඟට පහසු ඇඳුම්වලට තමයි වඩාත්ම කැමැති‘‘

බොහෝ පිරිසක් අමිලාව දන්නේ ගායිකාවක ලෙසින් වුවත් ඇය දක්ෂ ව්‍යාපාරිකාවක් බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. දැනට වසර හයකට පෙර ආරම්භ කළ සාරි වෙළෙඳසල් අද සැලකිය යුතු තත්ත්වයට පත්ව ඇත. ඒ සියල්ල ඇයගේත්, සැමියාගේත් උත්සාහයේ ප්‍රතිඵලයි.

‘‘ගොඩක් අය අහනවා අපේ ගෙදර නිතරම හැදෙන්නේ මොන වගේ කෑමද කියලා. ගමෙන් ගේන රතුහාලෙන් තුන්වේලම කන්නේ බත්. එළවළු වැඩිපුර කනවා. දැන් බත් කන්න පුරුදු වෙලා තිබෙන නිසා වෙන දේවල් කෑවට හරියන්නෙ නැහැ. දරුවො දෙන්නම කැමැති බත් කන්න‘‘

නයනා වෑත්තෑව, සිළුමිණ

ඡායා රූප - මංජුල පෙරේරා




ඡායා රූප - ශාන් රූපස්සර

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top