Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මංගල, සමලිංගික විවාහ වෙනුවෙන් පෙනී සිටියා

ලාංකේය සමාජයට නොගැලපෙන දේ යුක්තිසහගත කිරීමට මංගල සමරවීර අමාත්‍යවරයා තදින්ම පෙනී සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
views378 Views
comment

ව්‍යවස්ථාවේ ඕනෑම දෙයක් සඳහන් විය හැකියි. නමුත් මෙය බෞද්ධ රටක්.
බුද්ධි අංශයේ ක්‍රියාකාරීම හස්තය අඩපණ කෙරුණා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සාමුහික වගකිව යුතු නායකත්වයේ අසමත්කමක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබද විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසනවා.

කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු සදහන් කළේ දේශපාලනඥයින් ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කිරීම මෙවැනි තත්ත්වයකට හේතු වූ බවයි.
views356 Views
comment

ඕනෑම පුද්ගලයකුගේ රූපයක් සුළු වේලාවක් තුළ චිත්‍රයට නගනවා...

ඉවතලන බැනර්, කටවුට් රැගෙන ගොස් ඒවා මත සිතුවම් අඳිනා අපූර්ව චිත්‍ර ශිල්පියකු පිලිබඳ පුවතක් අපට අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඔහු නමින් සමන් කුමාරයි.

අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේ පදිංචි ඔහු ඔහු ඕනෑම පුද්ගලයකුගේ රූපයක් ඉතා සුළු වේලාවක් තුළ චිත්‍රයට නගන්නට ඉතා දක්ෂයෙක්.

මිට ඉහතදී ව්‍යාපාරිකයෙකු වූ සමන් සිය ව්‍යාපාර කටයුතු කඩා වැටීම නිසා ඇතිවූ මානසික ආතතිය නැති කරගැනීම සදහා චිත්‍ර ශිල්පයට යොමු වූ ඔහු දැන් වෘත්තීමය චිත්‍ර ශිල්පියෙකි.

මේ ඔහුගේ ජිවිත කතාවයි.
views460 Views
comment
එංගලන්තයේ ටෙලිග්‍රාෆ් පුවත් පත හෙළිකරයි.....

ක්‍රිකට් තරඟවලදී සිදුවන ක්‍රියාකාරකම් මුදලට යට කිරීම සම්බන්ධයෙන් ඉදිරි මාස දෙක ඇතුළතදී ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව තව තවත් චෝදනා එල්ල විය හැකි බව එංගලන්තයේ ටෙලිග්‍රාෆ් පුවත් පත වාර්තා කරනවා.

ටෙලිග්‍රාෆ් පුවත් පතේ මාධ්‍යවේදී නික් හෝල්ට් සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් අතර පැවැති සාකච්ඡාවකදීයි මේ බව හෙළිදරව්වී ඇත්තේ.

ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විවිධ පුද්ගලයන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව වසරකට ආසන්න කාලයක් තිස්සේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය පරීක්‍ෂණ පවත්වනවා.
views254 Views
comment
ලොව දෙවන විශාලතම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයින් වන 'හුවාවෙයි' සමාගම සමඟ ගණුදෙනු කිරීම අත්හිටුවන්නට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා.
 
ඊට හේතු වී ඇත්තේ ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනයේ නව නීති රෙගුලාසි.

මේ අනුව, ඉදිරියේදී නිෂ්පාදනය වන 'හුවාවෙයි' දුරකථන සඳහා ගූගල් ආයතනය විසින් ලබාදෙන ඇතැම් සේවාවන් ලබා ගැනීමට හැකිවන්නේ නැහැ.
views758 Views
comment
ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ, මිලියන 100 ක සමාජ මාධ්‍ය පරිශීලකයින් පිරිසක් සිටින ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසටයි.

ඔහුගේ ෆේස් බුක් ගිණුමේ අනුගාමික පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 37 ක් ලෙසයි වාර්තා වන්නේ.
views229 Views
comment
මට සතියක ට්‍රේනිං එකක් දුන්නා. ඊට පස්සේ යුද්දෙට දැම්මා..
 
මම නිවාඩු යනකොට එයා අඬනවා. එනකන් බලා ඉන්නවා...
 
"ආයෙ නම් අපිට යුද්ධයක් එපා."
 
එසේ පවසන්නේ, කලෙක එකිනෙකාට ගිනි බිඳ ගත් පසුව අඹු සැමියන් බවට පත් සිංහල සහ දමිළ තරුණ යුවළකි.
 
රොෂාන් චතුරංග ජයතිලක සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයෙකි. ගෞරි මලර් එදා කොටි ළමා සෙබළියකි.
 
යුද ගිනි නිවා ලිප ගිනි දැල්වූ ඔවුන් දැනට පදිංචිව සිටින්නේ, කලක් එල්ටීටීඊ බලකොටුවක්ව පැවති විශ්වමඩු ගම්මානයේය.
 
මේ විස්මිත පෙම් කැදැල්ල සොයා ගම් නියම්ගම් පසු කර අප උතුර බලා ගියෙමු. ගෞරිගේ සහ රොෂාන්ගේ කතාව සටහන් කරන අදට යුද්ධය නිම වී දස වසරක් සපිරේ.
views705 Views
comment
කෑන්ස් සිනමා උළෙල මේ දිනවල ප්‍රංශයේ කෑන්ස් නුවරදී පැවැත්වෙනවා.
 
එහි සාදයකට බොලිවුඩ් සහ හොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සහ ඇගේ සැමියා වන නික් ජොනාස් පැමිණි අතර ඔවුන් දෙදෙනා වෙත ලෝකයේම මාධ්‍යයන්හි අවධානය යොමු වී තිබෙනවා.

අඩ නිරුවත් මෝස්තරයකින් සැරසී ආ ප්‍රියංකා එම සාදයට පැමිණි සාරගීම නිළියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
views305 Views
comment
පාකිස්ථාන කණ්ඩායමේ පිතිකරු අසීෆ් අලීගේ වයස අවුරුදු 02ක් වන දියණිය පිළිකා රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය ඇමරිකා එක්සත් ජනපදයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරයි ඊයේ (19) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

අසීෆ් අලී එංගලන්තය සමඟ ඊයේ පැවති පස්වන එක්දින තරඟය ක්‍රීඩා කරමින් සිටින අතර තුර ඔහුගේ දියණිය මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
views281 Views
comment
ඒක මට බොහොම දරුණු විදියට දැනෙනවා...

මමනම් කියන්නෙ මනුෂ්‍යත්වය උතුම් කොට සලකන්න කියලා..
 
"මම කතෝලිකයෙක් වීමට පෙර මනුෂ්‍යත්වය ලබලා මේ ලෝකෙට ආවේ. මම හැමතිස්සේම ඒ මනුෂ්‍යත්වයට ගරුකරන මනුෂ්‍යයෙක්. හැම මනුස්සයෙක්ටම ආදරේ කෙනෙක්. මගේ න්‍යාය තමයි හැමට එකවිදිහට ප්‍රේම කරන එක..." මේ අයුරින් අදහස් දක්වන්නේ ඔබ ආදරය කරන කලාකරුවෙක්. ඔහු නලින් පෙරේරා. මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ ඔහු කළ ප්‍රකාශයක් සංසරණය වෙමින් පවතිනවා. දුකින් පීඩාවට පත් මිනිස්සුන්ට ඒක පොඩි හෝ සහනයක් ගෙනදුන්නා. මේ ඔහු පුවත්පතක් සමඟ කළ කතාබහක්....
views352 Views
comment
ඊජිප්තුවේ ගීසා පිරමීඩය අසළ නව ඊජිප්තු කෞතුකාගාරය සමීපයෙන් ගමන් ගත් සංචාරකයින් රැගත් බස් රථයක් පිපිරී පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලැබුවා. 

පිපිරීම සිදුවන අවස්ථාවේ එහි 28 දෙනෙකු ගමන් ගත් අතර, ඉන් 25 දෙනෙකු දකුණු අප්‍රිකානු ජාතිකයන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

බස් රථය පුපුරා යාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පසුගිය දෙසැම්බර් මාසයේදීද ඊජිප්තුවේ මාර්ගයක් අසළ අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් සංචාරක බසයක ගමන් ගත් වියට්නාම ජාතිකයන් 3 දෙනෙකු සහ ඊජිප්තු මග පෙන්වන්නෙකු මියගිය අතර, තවත් 10 දෙනෙකු තුවාල ලැබුවා.
views358 Views
comment
පොළොන්නරුව - පුලස්තිපුර ප්‍රදේශයේදී 23 හැවිරිදි තරුණියක් ඝාතනය කර පුළුස්‌සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අදාල සැකකරු පොළොන්නරුව මහේස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඇඟලුම් කම්හලක සේවය කර ඇති අදාල තරුණිය දින කිහිපයක පෙර අතුරුදන්ව සිට ඇති අතර පසුගිය 12 වනදා ඇයගේ බවට සැකකරන පිළිස්සූණු අවයව කොටස් පොළොන්නරුව - ලක්ෂ උයන ප්‍රදේශයේ පිහිටි වෙල්යායක තිබී සොයාගනු ලැබුවා.
views412 Views
comment
සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය කෞතුකාගාරයේ සිට, කාශ්‍යප රජු  සමයේ සීගිරිය පැවති ආකාරය දැක්වෙන ත්‍රිමාණ සජීවී රූපරාමු දැකගැනීමේ අවස්ථාවක් ලබාදී තිබෙනවා.

විනාඩි 15 ක පමණ කාලසීමාවක් තුළදී මෙම රූපරාමු හරහා පැරණි සීගිරිය නැරඹීමට ඒ අනුව සංචාරකයින්ට හැකිවනු ඇති. 

මෙහි තාක්ෂණික නිලධාරීන් කියා සිටියේ වසර එකහමාරක පමණ කාලයක සිට සිදුකරන ලද අධ්‍යනයකින් අනතුරුව සීගිරියේ ගොඩනැගිලි සහ ස්ථාන ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ සකස් කිරීමට හැකිවූ බවයි.
views347 Views
comment
පොල්ගස් නැගලා පොල් කඩලා ලෙලි ගහලා ඒවා විකුණලා ළමයි ජීවත් කරනවා
මට පෝෂණය නැතත් ළමයින්ට කිරි දෙනවා

තම ජීවිත අවධානම ද නොසලකා හරිමින් පොල් ගස් නැග දරුවන් රකිනා මවක් පිළිබද සංවේදී පුවතක් අපට වාර්තා වුණේ දඹුල්ල ප්‍රදේශයෙන්.

මේ කතාව 29 හැවිරිදි නිලූකා සඳමාලි ගැනයි.

දඹුල්ල හබරත්තාවල ප්‍රදේශයේ ජීවත්වන නිලූකා පස් දරු මවක්.
 
views459 Views
comment
අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ප්‍රකෝපකාරී ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

තවද එම ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා.
views221 Views
comment
[1]      «      4420   |   4421   |   4422      »      [5572]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top