අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යැයි පවසමින් වේවැල්වලින් සිදුකළ පහරදීම්වලින් දෙල්ගොඩ - කඳුබොඩ ප්‍රදේශයේ 9 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට ඇයගේ මව ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මව ද අදාළ දැරියට පහර දී ඇති බවට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වීමත් සමඟයි.
අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යැයි පවසමින් සිදුකළ ශාන්තිකර්මයක් අතරතුරදී මෙම දැරිය මිය ගොස් තිබුණේ ඊයේ දිනයේදීයි.
පසුව අදාළ ශාන්තිකර්මය සිදුකළ කාන්තාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව හෙළි වුණේ අමනුෂ්‍ය බලවේගයක් ආරූඩ වී ඇතැයි පවසමින් අදාළ දැරිය ඇයගේ මව විසින් කඳුබොඩ ප්‍රදේශයේම සිය නිවස ආසන්නයේ ශාන්තකර්ම සිදුකරන කාන්තාවක් වෙත රැගෙන ගොස් ඇති බවයි.