OnlyFans නිරූපිකාවක වන ක්‍රිස්ටල් ජැක්සන්ගේ දරුවන් තිදෙනා පාසලෙන් ඉවත් කිරීමට එහි පලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.
44 හැවිරිදි ක්‍රිස්ටල්ගේ ඡායාරූප සම්බන්ධයෙන් අදාළ පාසලේ දෙමාපියන් විසින් පැමිණිලි කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
මෙලෙස පාසලෙන් ඉවත් කර ඇත්තේ, වසය අවුරුදු 08, 10 සහ 12 යන වයස් කාණ්ඩවල පසුවන දරුවන් බවයි එම වාර්තා වාර්තා කළේ.
ක්‍රිස්ටල් අදාළ වෙබ් අඩවිය හරහා මසකට අමෙරිකානු ඩොලර් 150,000 ක් උපයන බව ද සඳහන්.
පැය 24 ක් තුළ දරුවන්ව පාසලෙන් ඉවත් කරගන්නා ලෙස පාසල් පාලනාධිකාරිය විසින් තමන්ට විද්‍යුත් පණිවුඩයක් යොමු කර තිබු බවයි නිරූපීකාව මාධ්‍ය වෙත කියා සිටියේ.
පෙබරවාරි 21 වනදා රාත්‍රී 8ට පමණ අදාළ පණිවුඩය ලැබීමෙන් අනතුරුව තමන් ඇතුළු පවුලේ සාමාජිකයින් දැඩි කම්පනයකට පත් වූ බව ද ක්‍රිස්ටල් පවසනවා.
කෙසේ වෙතත් සිය මවගේ වෘත්තීය සම්බන්ධයෙන් මෙම දරුවන් දැනුවත්ව නොසිටි බව ද සඳහන්.
අදාළ දරුවන් තිදෙනා වෙනුවෙන් මාසිකව අමෙරිකානු ඩොලර් 19,750ක මුදලක් ගෙවන බවයි වාර්තා වන්නේ.