Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
01
"අපිට හරිම සතුටුයි අපේ සුන්දරම දවසෙ හැමදේම හරියට සිද්ධ වුණු එක ගැන.." - සිංහල තරුණියක්, විදේශ තරුණියක සමග ජයටම ගත් මඟුල

- "අපිට හරිම සතුටුයි අපේ සුන්දරම දවසෙ හැමදේම හරියට සිද්ධ වුණු එක ගැන.." - සිංහල තරුණියක්, විදේශ තරුණියක සමග ජයටම ගත් මඟුලHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49,781 Views
සිතාරා සඳමාලි ෆර්නැන්ඩෝ ශ්‍රී ලාංකික තරුණියකි. මෙරට උප්පත්තිය ලැබූවත් ඇය කුඩා කල සිටම හැදී වැඩුණේ බටහිර රටකය. ඒ තම දෙමව්පියන් සමගින්ය. ඇයට තව එක් සහෝදරියක් සිටී.
 

කුඩා කල සිටම සිතාරා ගත කළේ අමුතුම ජීවිතයකි. ඇයගේ සිතුම් පැතුම් අන් තරුණියන්ට වඩා වෙනස් විය. ගති පැවතුම් ද එලෙසමය. කොටින්ම කියතොත් ඇය අන් තරුණියන්ට වඩා හාත්පසින්ම වෙනස් තැනැත්තියක් වූවාය.
 
නිසි වයසට පැමිණීමත් සමග සිතාරාගේ යෙහෙළියන් තරුණයන් සමග ප්‍රේම සම්බන්ධතා පැවැත්වුවත් කිසි දිනෙක ඇය එවැනි සම්බන්ධතාවයක් පැවැත්වූයේ නැත. පිරිමි පාර්ශ්වය පිළිබඳව කිසිදු හැඟීමක් ඇයට නොතිබුණි. ඒ ඇය සමලිංගික තරුණියක් වූ නිසාය. දෙමව්පියන් සහ ඇයගේ ළඟම හිතවතුන් ඒ පිළිබඳව දැන සිටියහ.
 
බටහිර රටක ජීවත් වූ නිසා සිතාරාට දෙමාපියන්ට සහ අන් අයට ඒ පිළිබඳව ගැටලූවක් තිබුණේ නැත.
 
ජෙනිෆර් එලිසබෙත් කාටර් කැනඩා ජාතික තරුණියකි. ඇයද සිතාරා මෙන් සමලිංගික කාන්තාවකි. මෙම දෙදෙනා දැන හඳුන ගන්නේ දැනට වසර කිහිපයකට පෙරයි. එම දැන හඳුනා ගත්දා සිට මොවුහු අතර ලොකු මිත්‍රත්වයක් ගොඩනැඟුණහ.
 
කලක් ගත වෙද්දී එම මිත්‍රත්වය ප්‍රේම සම්බන්ධතාවයකට පෙරලූනි. දෙදෙනාට දෙදෙනා ආදරය කරන්න පටන් ගත්හ. ඒ අනුව ඔවුන් ජාතීන් දෙකකට අයත් සමලිංගිකයන් බවට පත් විය.
 
ඔහුන්ගේ ආදර කතාවට වසරක් ගතවීමෙන් පසු දෙදෙනා විවාහ වීමට තීරණය කළහ. දෙපාර්ශ්වයේ වැඩිහිටියන්ට ඒ පිළිබඳව පැවසූහ. ඒ අනුව ඔවුන්ද එක පයින්ම මෙම විවාහයට කැමති විය.
 
ඒ අනුව සිතාරා සහ ජෙනිෆර් මංගල උත්සවය ගත යුතු වූ ආකාරය පිළිබඳව සැලසුම් කළහ. ඒ දෙමාපියන්ගේ සහ මිතුරු මිතුරියන්ගේ අදහස් ද සමඟින්ය.
 
නියමිත දිනය උදාවිය. සිතාරා සාරියකින් සැරසී උඩරට මනාලියක් ලෙසත්, ජෙනිෆර් ගවුමකින් සැරසී බටහිර මනාලියක් ලෙසත් විවාහය පැවැත්වීමට නියමිතව තිබූ ඇල්බාර්ටාහි එඞ්මන්ටන්හි පිහිටි උත්සව ශාලාවට ඇතුළු විය. ඒ දෙදෙනාගේම දෙමව්පියන් සහ හිත මිතුරන් සමගින්ය.
 
උත්සව ශාලාව විදුලි බුබුළු සහ මල්වලින් අලංකාරවත් ලෙස සරසා තිබුණි. එයට අමතරව සිංහල චාරිත්‍රවලට අනුකූලව පසෙකින් ලස්සන පෝරුවක් සකසා තිබුණි.
 
නියමිත වෙලාව උදාවිය. වම් පසින් සිතාරාගේ දෙමව්පියනුත්, දකුණු පසින් ජෙනිෆර්ගේ දෙමව්පියනුත් මනමාලියන් දෙදෙනාව පෝරුව වෙත නැග්ගූහ. ඉන්පසු අත පැන් වත්කොට දෙදෙනා මංගල මුදු සහ කරමාල හුවමාරු කරගත්හ.
 
සිතාරාගේ සහෝදරිය නීතිඥවරියක් සහ විවාහ කොමසාරිස්වරියකි. එම නිසා මෙම විවාහයේ සියලූ කටයුතු නීත්‍යානුකූලව සිදුකළේ ඇය විසින්ය.
 
යුග දිවියට ඇතුළු වීමෙන් පසු දෙදෙනා පොල් ගෙඩිය බිඳීමෙන් පසු පෝරුවෙන් බැස්සහ.
 
එම විවාහ උත්සවය සිංහල සිරිත් විරිත්වලට සහ බටහිර චාරිත්‍රවලට අනුකූලව පැවැත්වුණි. විවාහ වීමෙන් පසු මනමාලියන් දෙදෙනා පැමිණි සිටි අමුත්තන් අමතා මෙසේ ප්‍රකාශ කළහ.
 
‘‘අපි සමලිංගික, ජාතීන් දෙකකට අයත් යුවළක් වන අතර අපේ විවාහ මංගල්‍යයත් තරමක් සුවිශේෂී එකක්. අපිට ඕන වුණේ ඒක ඉතාම නිදහස් විනෝදකාමී එකක් කරන්න. අපේ ආරාධිතයන්ට අපිත් එක්ක සතුටු වෙන්න ඉඩ හරින්න. අපි තෝරගත්ත ශාලාව ඩවුන්ටවුන් එඞ්මන්ටන්වල හොලිඬේ ඉන් එක සුන්දර වගේම මිල අධික නොවන තැනක්.”
 
‘‘අපි බස් එකක් හයර් කළා එඞ්මන්ටන් ට්‍රාන්සිට් එකේ ඉඳන් අපිව ෆොටෝ ගන්න අරන් යන්න. ඩ‍්‍රැග් ක්වීන්ලා දෙන්නෙක් (ගැහැණු විදිහට අඳින පළඳින පිරිමින්) හිටියා අපේ අමුත්තන්ව පිලිගන්න. අපිට හරිම සතුටුයි අපේ සුන්දරම දවසෙ හැමදේම හරියට සිද්ධ වුණු එක ගැන.”
 
මේ යුවළ අතිනත් ගැනීමේදී එකිනෙකාට පොරොන්දු වූයේ මෙලෙසින්ය.
 
‘‘ජෙනිෆර් එලිසබෙත් කාටර්වන මම, සිතාරා සඳමාලි ෆර්නැන්ඩො වන මම, මගේ ආදරණීය භාර්යාව සහ ජීවිතයේ සහකාරිය හැටියෙන් භාරගන්නා බවටත් අද පටන් සෑම මොහොතකම ඔබ සමීපයෙන්ම සිටින බවටත් ඔබව දිවිහිමියෙන් විශ්වාස කරන බවටත්, ඔබේ පුද්ගලිකත්වයට ගරු කරන බවට සහ ගෞරවයෙන් ඔබව රැකබලා ගන්නා බවටත් නිරන්තරයෙන් ඔබව දිරිගැන්වීමට සහ සහයෝගය ලබා දීමට කැපවන බවටත් ඔබ සමග මගේ සතුට දුක බලාපොරොත්තු සහ සිහින බෙදාගන්නා බවටත් අද පටන් ජීවිතය පුරාම ඔබ සමගම රැඳෙන බවටත් පොරොන්දු වෙමින් ඔබේ අත ගන්නවා.”
 
‘‘මේ මුදුව සදාකාලයටම අපේ මංගල දවසෙ පොරොන්දුවත් ඔබ ගැන ඇති මගේ ආදරයේ සහ කැපවීම පිළිබඳ සිහිවටනයත් වනු ඇති.”
 
විවාහය සිදුකරන කාන්තාව වන සිතාරාගේ සහෝදරිය මෙලෙස පැවසුවා ය.
 
‘‘ඔබ දෙපළ, බිරිඳ සහ බිරිඳ වශයෙන් ප්‍රකාශ කරන අතර හාදුවකින් එය තහවුරු කරන මෙන් ඉල්ලා සිටිනවා”
 
 
තවමත් පිරිසකට අසම්මතයක් වූ මේ විවාහයට ඔහුන්ගේ දෙමව්පියන් සහ පැමිණි සිටි පිරිස ඉතාමත් ආදරෙන් ආශීර්වාද අනුශාසනා කළහ. එලෙසම අප ද එම මනමාලියන් දෙදෙනාට සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට ආශිර්වාද කරන්නෙමු.
 
සමලිංගිකත්වය, ද්වීලිංගිකත්වය සහ විෂම ලිංගිකත්වය මෙන්ම සමලිංගිකත්වයද විෂමලිංගික - සමලිංගික වර්ණාවලියේ ඇති ප්‍රධාන ලිංගික දිශානති වර්ගීකරණ තුනෙන් එකකි.
 
එක් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය තීරණය වන්නේ කෙලෙස දැයි විද්‍යාඥයන් විසින් නිශ්චිතවම හඳුනාගෙන නැතත්, එයට ජානමය, හෝමෝනමය සහ පාරිසරික බලපෑම් අතර සංකීර්ණ අන්තර්ක්‍රියාවක් හේතුවන බව ඔවුන්ගේ විශ්වාසය වෙයි. තවද එය තෝරාගැනීමක් ලෙස නොසලකන විද්‍යාඥයන් විසින් මෙහි හේතු සාධක පැහැදිලි කිරීමට ජීව විද්‍යාත්මක සිද්ධාන්තවලට, (එනම් ජානමය සාධක, පූර්ව කළල පරිසරය) හෝ සමාජයීය සාධක යොදාගැනීමට නැඹුරුවක් දක්වති. එමෙන්ම දෙමාපියන් හෝ පූර්ව ළමා ඇත්දැකීම් ලිංගික දිශානතිය තීර්ණය කිරීමෙහිලා බලපාන බවට සැලකිය යුතු සාක්ෂි ලැබී නැත.
 
සමලිංගිකත්වය අස්වාභාවික දෙයක් ලෙස සමහර පුද්ගලයන් විශ්වාස කරන නමුත් විද්‍යාත්මක පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ සමලිංගිකත්වය සාමාන්‍ය සහ මානව ලිංගිකත්වයේ ස්වාභාවික විචලනයක් බවත් එමගින් සෘණාත්මක මානසික ප්‍රතිඵල ඇති නොවන බවත්ය. මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් මගින් ලිංගික දිශානතිය වෙනස් කළ හැකි බව ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ලැබී නැත.
 
සමලිංගිකයන් සඳහා පොදු යෙදුම් ලෙස සමරිසි, සමකාමී යෙදුම් භාවිතා වේ. අගතියට හෝ වෙනස් කොට සැලකීම්වලට ලක්වීමට ඇති හැකියාව නිසා බොහෝ සමරිසි පුද්ගලයන් තමාගේ ලිංගික දිශානතිය/අනන්‍යතාව විවෘතව හඳුනා නොගැනීමෙන් සමලිංගික හෝ සමලිංගික පුද්ගලයන්ගේ ප්‍රතිශතය සහ සමලිංගික ප්‍රේම සම්බන්ධතා ඇති හෝ සමලිංගික අත්දැකීම් ඇති පුද්ගලයන්ගේ අනුපාතය පර්යේෂකයන්ට විශ්වාසදායක ලෙස තක්සේරු කිරීම දුෂ්කර ය.
 
මානව ඉතිහාසයේ මූලාරම්භයේ දී ප්‍රාථමික මානවයා තම ලිංගික ආශාවන් තමාට අවශ්‍යවූ මොහොතේම නිදහස්ව ඉටුකර ගත්හ. මානවයා ක්‍රමයෙන් ශීෂ්ටාචාරයන් ගොඩනඟා ගැනීමත් සමග විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ලිංගික ක්‍රියාවලියට චාරිත්‍ර වාරිත්‍ර ගනාචාර ජනචාර නීතිරීති එක්කර ගනිමින් ලිංගික ක්‍රියාවලියට සීමා පණවා ගැනීම සිදුවිය.
 
මිනිසා මෙලෙස සංස්කෘතික මිනිසකු බවට පත්වීමත් සමග ඇතිවූ සංස්කෘතික තහංචි මගින් සීමාකර ඇති ලිංගික ආවේගයන් පිටකර ගැනීමට විකල්ප ක්‍රමයක් ලෙස සමලිංගික ක්‍රියාකාරකම්වලට යොමුවිය. වර්තමානයේ පවා විරුද්ධ ලිංගික චර්යා මගින් තම ආශාවන් තෘප්ත කරගැනීමට නොහැකිවූ විට සමලිංගික ක්‍රියාකාරකම්වලට යොමුවීම දක්නට ලැබේ.
 
මෙයට හොඳ උදාහරණයක් ලෙස බන්ධනාගාර උප සංස්කෘතිය දැක්විය හැකිය. ඒ අනුව ආදී මානවයාද තම ලිංගික ආශාවන් තෘප්ත කර ගැනීමට භාවිත කළ විකල්පයක් ලෙස සමලිංගිකත්වය බිහිවූ බව මානව විද්‍යාඥයන් විශ්වාස කරයි. ඇතැම් සතුන් අතර පවා ලිංගික ආවේගයන් පිට කිරීමේ විකල්ප ක්‍රමයක් ලෙස සමලිංගික ඇසුර පවත්වයි. උදාහරණ ලෙස අලි ඇතුන් දැක්විය හැකිය. කෙසේ වෙතත් මෙම සමලිංගික සම්බන්ධතා කෙරෙහිද ශිෂ්ට සම්පන්න මිනිසා තුළ ඇතිවූයේ විරෝධී ආකල්පයකි.
 
බොහෝ ආගම් හා දර්ශනයන් මගින් දක්වා ඇති ආකාරයට සමලිංගික සම්බන්ධතා යනු ස්වභාව ධර්මයේ කැමැත්තට එරෙහිව යෑමක් හා දේව කැමැත්තට පිටුපෑමක් ලෙස සළකා ඇත. ඇතැම් සංස්කෘතීන්ට අනුව සමලිංගික චර්යාවල නිරතවීම මරණ දණ්ඩනයට යටත්විය හැකි බරපතළ අපරාධයක් ලෙස සැලකූහ.
 
ඇතැම් ප්‍රාථමික සමාජවල පැවැති චාරිත්‍ර වාරිත්‍ර විශ්වාසයන් නිසා සිදුවූ ස්ත්‍රී පුරුෂ අනුපාතය බරපතළ ලෙස වෙනස්වීම පදනම් කරගෙන ලිංගික අවශ්‍යතා සපුරාගැනීමට සමලිංගික සේවනය භාවිතා කර ඇති බව මානව විද්‍යාඥයන් පෙන්වා දෙයි. ගැහැනු දරුවකු ඉපදීම අශුභ සිදුවීමක් ලෙස සැලකූ ඇමෙරිකානු ස්වදේශික ආදිවාසීන් උපතේදීම ගැහැනු දරුවන් මරා දැමීය. ඇතැම් ආදිවාසීන් ගැහැනුන් බිළි පූජා සඳහා භාවිත කළහ. මේ ආකාරයෙන් සිදුවූ ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවයට පිළියමක් ලෙස ඇතැම් ප්‍රාථමික සමාජ සමලිංගිකත්වයට නැඹුරු විය.
 
ඇතැම් සමාජවල පවතින දැඩි අන්නවාදී ආකල්ප නිසා තම ගහනයෙන් පිට විවාහ සිදුකර ගැනීම අනුමත නොකරයි. එවන් සමාජවල ඇතිවන ස්ත්‍රී පුරුෂ ජනගහනයේ පරස්පරතා හේතුවෙන් තම ජනකොටසින්ම මනාලයකු හෝ මනාලියක් සොයා
ගැනීමට නොහැකිවූ විට පහිර්ජන්‍ය විවාහයන් සිදු නොකර සමලිංගික සහකරුවකු සොයා ගැනීම සිදු කරයි.
 
 
* පළමු සමලිංගික යුවළ
 
මුල් වරට සමලිංගික යුවළක් හමුවන්නේ ක්‍රිස්තු පූර්ව 2400 දී පමණ පුරාණ ඊජිත්තුවෙනි. මානව විද්‍යාඥයන් පවසන ආකාරයට ලෙසොතෝ රාජ්‍යයෙහි ගෝත්‍රික ස්ත්‍රීන් අතර සමලිංගික සබඳතා අනුමතවී ඇති බව පැවසේ. එවන්ස් ප්‍රීව්චාඞ් දක්වන ආකාරයට අසාන්දේ පුරුෂයන් අතර සමලිංගික සබඳතා පැවති බව වාර්තා කරයි. අසාන්දේ ගෝත්‍රික වැඩිහිටි පුරුෂයන් නව යොවුන් වියේ පසුවන වයස 12ත් 13 ත් අතර පිරිමි දරුවන් සමලිංගික චර්යා සඳහා යොදාගැනීම සිරිතක් ලෙස සිදුකර ඇති බව එවනස් ප්‍රීචාර්ඞ් සඳහන් කරයි. ඒ අනුව අප්‍රිකානු සමාජවල සමලිංගික චර්යා අතීතයේ සිට පවතින බව විශ්වාස කළ හැකි සාක්ෂි ලැබී ඇත. නූවර් සමාජයේද එම ගොත්‍රිකයන් අතර සමලිංගික විවාහ ක්‍රමයක් පැවතී ඇත. එම විවාහයේදී ස්ත්‍රීන් දෙදෙනකු විවාහවීම සිදුවී ඇත.
 
 
* ඇමෙරිකාව
 
ඇමෙරිකාවට යුරෝපා ජාතීන් පැමිණීමට පෙර සිටම ඇමෙරිකානු ස්වෙද්ශික ආදිවාසීන් අතර සමලිංගික සම්බන්ධතා පැවතුණි. ඔවුන් තම ගෝත්‍රයට අයත් සමාජිකයන් සමග සමලිංගික චර්යා පැවැත්වීම සිරිතක් වශයෙන් සිදුවිය. ලතින් ඇමෙරිකානු ස්වදේශිකයන් වූ මායන් ඇස්ටෙක් න්වෙචාස් මෝචස් සැපොටික් යන ගෝත්‍රිකයන් අතර සමලිංගික සබඳතා පැවැති බව මානව විද්‍යාඥයන් සඳහන් කරයි. ස්පාංඤ්ඤ අධිරාජ්‍යවාදීන් විසින් මෙම ස්වදේශික ජනයා ප්‍රසිද්ධියේ සමලිංගික සේවනය කරනු දුටු විට ඔවුන්ට මරණීය දණ්ඩනය දීම පණපිටින් පුළුස්සා දැමීම හා සිරුර කැබලිවලට ඉරා සුනඛයන්ට කෑමට දීම වැනි ද`ඩුවම් පමුණුවන ලදී.
 
කතෝලිකයන් වූ යුරෝපා ජාතීන්ට අනුව සමලිංගිකත්වය බරපතළ වරදක් කොට සැලකීය. 1986 දී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පුරුෂ සමලිංගික සේවනය දණ්ඩන අපරාධයක් ලෙස නම් කළේය. එහෙත් එම තීරණය 2003 වසරේදී ඉවත්කර ගන්නා ලදී. 1998 වසරේදී සමලිංගික විවාහවලට විරුද්ධව ව්‍යවස්ථා යෝජනාවක් ගෙනඑනු ලැබුවද 2003 වසරේදී සමලිංගික අයිතිවාසිකම් පිළිගැනීමට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග සමලිංගික විවාහ සඳහා නීත්‍යානුකූල අනුමැතිය ලැබිණි.
 
 
* අග්නිදිග ආසියාව
 
චීන සාහිතය ග්‍රන්ථ තුළ පුරුෂ සමලිංගිකත්වය පිළිබඳ සඳහන් කර ඇත. විරුද්ධ ලිංගික සබඳතා මෙන්ම සමලිංගික සබඳතා 2 වන ශත වර්ෂයේ දී චීනයේ පැවති බව චීන සාම්ප්‍රධායික කවිවල දැක්වේ. කෙසේ නමුක් ඇතැම් බටහිර සංස්කෘතීන් හා ප්‍රාථමික සංස්කෘතීන්වල මෙන් සමලිංගික චර්යා චීනය තුළ දක්නට නොලැබේ.
 
 
* සිංගප්පූරුව
 
සිංගප්පූරුව තුළ සමලිංගික වර්යාවල නිරතවීම එරට දණ්ඩ නීති සංග්‍රහයේ 377් වගන්තිය යටතේ වසර දෙකකට නොඅඩු සිර ද`ඩුවමකට යටත් විය හැකි වරදකි.
 
 
* ශ්‍රී ලංකාව
 
1886 දී සමපාදිත දණ්ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුළ සමලිංගික වර්යාවල නිරතවීම දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365් වගන්තීන්ට අනුව ද`ඩුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුව යම් පුද්ගලයකු ස්ව කැමැත්තෙන් සමලිංගික චර්යාවක හෝ එසෙත් නොමැතිනම් සතකු සමග හෝ අනෙක් පාර්ශ්වයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික චර්යාවක යෙදේනම් වසර 10 සිර ද`ඩුවමක් සහ දඩයකට යටත්විය යුතුය. බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතළ වැඩ සහිත වසර 10කට නොඅඩු සිරද`ඩුවමක් හෝ වසර 20 සිර ද`ඩුවමක් සමග දඩයකට යටත්විය යුතුය. එසේම අපරාධයට යටත්වූ අයට අධිකරණයේ අභිමතය පරිදි නියම කළ වන්දියක් ගෙවීමට සිදුවේ.
 
365් වගන්තිය අනුව යම් පිරිසක් ප්‍රසිද්ධ ස්ථානයක දී සමලිංගික චර්යාවල ස්ව කැමැත්තෙන් යෙදේනම් වසර 2 කට නොඅඩු සිර ද`ඩුවමක් හා දඩයක් ගෙවීමට සිදුවේ. බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතළ වැඩ සහිත වසර 10 සිර ද`ඩුවමක් හෝ වසර 20 සිර ද`ඩුවමක් සහිත දඩයක් හා අධිකරණයේ අභිමතය පරිදි වන්දියක් ගෙවීමට සිදුවේ.
 
මේ අනුව ශ්‍රී ලංකාව තුළ සමලිංගික චර්යාවකට තම අභිමතය පරිදි අනෙක් පාර්ශ්වයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික චර්යාවක යෙදීම ද`ඩුවම් ලැබිය හැකි වරදකි.
 
ගයාන් සමරසිංහ
දිවයින 
 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top