ඒ නිසා ගොඩක් දෙනෙක් මේ දවස්වල තමන්ගේ ෆෝන් පරිස්සම් කරනවා.. ඒත් හදිස්සි වෙලාවක ඔයාගේ ෆෝන් එක වතුරට වැටුණොත්, ඒ වෙලාවට ඔයා කළබල වෙනවාද..?
දැන් එහෙම කළබල වෙන්න එපා.. මොකද ඒකට විසඳුමක් තියනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..
දුරකථන ජලයෙන් තෙත් වූ විට එය වියලිම සඳහා සහල් බඳුනවල තැබීම සම්බන්ධයෙන් ඇපල් සමාගම අනතුරු අඟවා තිබෙනවා...
Apple සමාගම ඒ සඳහා පිළියමක් සඳහන් කරනවා..
ඒ, හොඳින් වියළීම සඳහා මෘදු පිරිසිදු රෙදි කඩකින් පිස දමන ලෙසත් නිෂ්පාදිතය සම්පූර්ණයෙන්ම වියළී යන තෙක් චාජර් හෝ උපාංග සම්බන්ධ නොකරන ලෙසත් පවසනවා...
තවද, බාහිර සම්බන්ධතා ජැක් සම්පූර්ණයෙන්ම වියළී නොමැති අතරතුර චාජරය හෝ උපාංග සම්බන්ධ නොකරන ලෙසත් සඳහන් කරනවා...
සහල්වල දුරකථන දැමීමෙන් කුඩා අංශූ උපාංගයේ කොටස්වලට හානිකරන බවයි එම සමාගම පවසන්නේ...
මේ අතර, Samsung සමාගම පවසන්නේ සමහර Samsung දුරකථන ජලයට ඔරෝත්තු දෙන ලෙස සකසා ඇති බවයි...
එම සමාගම පවසන්නේ ජලයෙන් තෙත් වූ විට හොඳින් වාතාශ්‍රය ඇති, අඩු ආලෝකය සහිත ස්ථානයක සිසිල් සුළඟක් සමඟ Samsung දුරකථන වියළා ගන්නා ලෙසයි..