මේ කතාව ගොඩාක්ම වටින්නේ තරුණයන්ට.
ජීවිතේට චිල් එකක් ගන්න අපේ තරුණයෝ සිගරට් ඇතුළු විවිධාකාර මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙලා ඉන්නවනේ.
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ශරීරයට අහිතකර දේවල් කරන තරුණ පරම්පරාව මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන්න.
තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය තනුජා දක්ෂිලි පතිරාජ ප්‍රකාශ කළේ, පසුගිය කාලසීමාව තුළ මුඛ පිළිකා වැළඳීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
එමෙන් ම කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා වැළදීම යම්තාක් දුරට අඩු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා වැඩිදුරටත් සඳහන්කර සිටියා.