Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
21
"එයාගේ ගෑණු ළමයාට එයා මැසේජ් කරලා තියෙනවා..." - නෞකාවක සේවයට ගිය සඳරු මුහුදට දැම්මද? වැටුණද? මව්පියන් ඇඬු කඳුළින් කියන කතාව...

- "එයාගේ ගෑණු ළමයාට එයා මැසේජ් කරලා තියෙනවා..." - නෞකාවක සේවයට ගිය සඳරු මුහුදට දැම්මද? වැටුණද? මව්පියන් ඇඬු කඳුළින් කියන කතාව...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
ජර්මානු නෞකාවක සේවය කරමින් සිටි මෙරට තරුණයෙකු ස්පාඤ්ඤ මුහුදේදී අතුරුදන් වීම සැක සහිත බව එම තරුණයාගේ ඥාතීන් පවසනවා.

අදාළ තරුණයා අතුරුදන්වීම සම්බන්ධයෙන් පරස්පර තොරතුරු ලැබී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

හොරණ, අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ පදිංචි චිරාත් සඳරු නැමැති තරුණයෙකු ජර්මන්හි නැව් සමාගමකට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සේවය සඳහා ගොස් තිබුණේ ජනවාරි මස 2 වැනිදායි.

21 හැවිරිදි මෙම තරුණයා ස්පාඤ්ඤයේ නෞකාවක රැකියාවට එක්ව තිබුණා.

කෙසේ වෙතත් පසුගිය 18 වැනි දින ඔහුගේ නිවසට පැමිණි අදාළ නැව් සමාගමේ මෙරට කළමනාකරුවන් දෙදෙනෙකු පවසා ඇත්තේ චිරාන් සඳරු 17 වැනි දින රාත්‍රී 10.00 පමණ මුහුදට ඇද වැටී ඇති බවයි.

ඒ බව නැවේ කපිතාන්වරයා ඇතුළු සේවකයින් දැනගෙන ඇත්තේ පැය හතරකට පමණ පසුව බවද එම කළමනාකරුවන් පවසා තිබුණා.

කෙසේ වෙතත් එදිනම නැවතත් එම නිවැසියන්ට ඔවුන් දුරකථනයෙන් පවසා ඇත්තේ සඳරු 17 වැනි දින පස්වරු 2.30 පමණ මුහුදට වැටී ඇති බවයි.

ඒ බව ඇසින් දුටු සේවකයෙකු නෞකාවේ කපිතාන්වරයාට ඒ බව දන්වා ඇති බවත් ඒ මොහොතේම අදාළ තරුණයා සෙවීම ආරම්භ කළ බවද ඔවුන් පවසා තිබුණා.

සඳරුගේ පියා ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්.

''ලංකාවේ නියෝජිතයා ගෙදරට ඇවිත් කිව්වා මගේ පුතා මුහුදට වැටිලා අතුරුදන් වුණා තාම හොයනවා. කිසිම තොරතුරක් නැහැ කියලා. ඒගොල්ලෝ වරින් වර පරස්පර කතා කිව්වා, පුතා මෙහෙම වෙලා වැටිලා දැකලා තිබෙනවා, කැමරා සී.සී.ටී.වී තියෙනවා කිව්වා. සී.සී.ටී.වී. දර්ශන ඉල්ලුවහම ඊට පස්සේ දර්ශන නැහැ කියනවා. ඊට පස්සේ කියනවා තුන්දෙනෙක් එක්ක නැවේ කෙළවරට ගිහාම මෙයා මුහුදට වැටිලා එන්ජින් රූම් එකේ කෙනෙක් ඇවිල්ලා කැප්ටන්ට කිව්වා කියනවා. කිසි දෙයක් මට පිළිගන්න බැහැ. මේක අබිරහස් දෙයක්. මේක මට සම්පූර්ණයෙන්ම සැක සහිතයි. මගේ පුතාව මුහුදට වැටුණාද? මුහුදට දැම්මාද? මොනවා වුණාද කියලා මට හිතාගන්න බැහැ. මං මේ සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ. මගේ පුතා ගැන හොයලා දෙන්න එදා දවසේ චිරාත් මගේ පුතා එයා යාළුවෙලා ඉන්න ගෑණු ළමයාට අරන් තියෙනවා 12.15ට, ආපහු හෙට උදේ තමයි මගේ ඩියුටිය තියෙන්නේ 12ට ඕෆ් වුණහම කියලා. ඊට පස්සේ එයා 2.10ට එයාගේ ගෑණු ළමයාට එයා මැසේජ් කරලා තියෙනවා මං වැඩ ඉවරවෙලා කාමරයට ආවා කියලා. එතකොට කාමරයට ආපු ඩියුටි ඕෆ් එක්කෙනා කොහොමද මුහුදට වැටුණේ.? අනිවාර්යෙන්ම සැක සහිතයි මේකනම්. මේගොල්ලෝ බොරුවක් කරන්නේ. මෙතන අපිට හංගනවා මොනවා හරි දෙයක්. මගේ පුතා ගැන මට අනිවාර්යෙන් තොරතුරක් දැනගන්න ඕනේ. මේක ගැන විමර්ශනයක් අනිවාර්යෙන් ජාත්‍යන්තර පොලීසිය හරහා මට අනිවාර්යෙන් මට කරගන්න ඕනේ'' 

ඒ අනුව නිවැසියන් කොටහේන පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

එමෙන්ම සඳරුගේ ඥාතීන් අදාළ ඒජන්සිය සහ වෙළඳ හා නාවික කටයුතු අමාත්‍යාංශයද මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

ජීවිතය සාර්ථක කර ගැනීමේ අදිටනින් විදෙස් ගත වූ සඳරු කොළඹ විශ්ව විද්‍යාලයේ සංගීත විශාර ද උපාධියද හිමි තරුණයෙක්.

සඳරුගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් ඔහු පිළිබඳ නිවැරදි තොරතුරක් ලබා දෙන ලෙසයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top