Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
01
ජලය පානය කරන්න වෙලාවක් තියෙනවද ? නිතර දෙවේලේ වතුර බිවුවට මෙන්න මේ ගැන ඔයා දැනගෙන හිටියද ?

- ජලය පානය කරන්න වෙලාවක් තියෙනවද ? නිතර දෙවේලේ වතුර බිවුවට මෙන්න මේ ගැන ඔයා දැනගෙන හිටියද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

ජලය කියන්නේ මිනිසාට විතරක් නෙවෙයි ගහට කොලට, සතා සීපාවටත් පැවැත්ම උදෙසා අවශ්‍ය වන සාධකයක්.


ඒ වගේම තමයි මිනිසකුගේ යහපත් සෞඛ්‍ය තත්වයක් උදෙසා ජලය නියමිත ප්‍රමාණයට ශරීරයේ තිබීම වැදගත් වෙනවා.සාමාන්‍ය පුද්ගලයකු දිනකට ජල වීදුරු 7-8ක් එසේත් නැතිනම් ජලය ලීටර් 6ක ප්‍රමාණයක්වත් පානය කළ යුතුයි. නමුත් ඒ ඒ පුද්ගලයාගේ සිරුරේ බර ප්‍රමාණය අනුව නිවැරැදිවම එම පුද්ගලයා දිනකට පානය කළ යුතු ජල ප්‍රමාණය වෙනස් වෙනවා.එය පහත ආකාරයටයි සඳහන් කල හැක්කෙ.

බර ජලය ප්‍රමාණය

45kgs 1.9LTRS
50kgs 2.1LTRS
55kgs 2.3LTRS
60kgs 2.5LTRS
65kgs 2.7LTRS
70kgs 2.9LTRS
75kgs 3.2LTRS
80kgs 3.5LTRS
85kgs 3.7LTRS
90kgs 3.9LTRS
95kgs 4.1LTRS
100kgs 4.3LTRS

අද අපි කතා කිරීමට බලාපොරොත්තු වන්නේ දිනපතා ජලය පානය කළ යුතු හොඳම වේලාවන් මොනවාද යන්න පිළිබඳවයි. එසේ නම් එම වේලාවන් මොනවාදැයි දැන් අපි කියවා බලමු.

දිනපතා අවදි වූ විගස පිරිසුදු ජලය වීදුරුවක් පානය කරන්න.

මෙහිදී ඔබ තරමක් තරබාරු අයකු නම් මඳ උණුසුම් ජලය වීදුරුවකට දෙහි යුෂ බින්දු කිහිපයක් එක්කොට පානය කළ හැකි නම් වඩාත් සුදුසුයි. එමඟින් ඔබගේ අනවශ්‍ය මේදයද ඉක්මනින් දහනය කරගත හැකියි. තවද අවධි වූ විගස ජලය පානය කිරීම මඟින් ශරීර අභ්‍යන්තරික අවයවවල ක්‍රියාකාරිත්වය සක්‍රිය වීම සිදුවේ.

ව්‍යායාම කිරීමෙන් පසු ජලය වැඩිපුර පානය කරන්න.

දිනකට පැය භාගයක් හෝ ව්‍යායාම කළ හැකි නම් නිරෝගි දිවිපෙවෙතක් ගත කිරීමට එය වැදගත් වේවි. මෙසේ ව්‍යායාමවල නිරත වීමේදී ජලය පානය කිරීම තුළින් සිරුරට නව ජීවයක් ලබාදෙනවා සේම සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලියද ක්‍රමවත්වේ. විශේෂයෙන්ම ව්‍යායාමවල නිරතවීමේදී අපගේ හෘදයෙහි ක්‍රියාකාරිත්වය වැඩි කරන අතර ජලය පානය කිරීමෙන් හෘද ස්පන්දන වේගය යථා තත්ත්වයට පත් කිරීම සිදුවේ.

කෑමට පැය භාගයකට පසු ජලය පානය කරන්න.

කෑම කන අතරතුර විටින් විට ජලය පානය නොකරන්න. එමඟින් ඔබ ලබාගන්නා ආහාර පහසුවෙන් ජීර්ණය කිරීම වළක්වයි. එනිසා සෑමවිටම ආහාර ගෙන පැය භාගයකට පසුව ජල වීදුරුවක් පානය කරන්න. එමඟින් ඔබ ලබාගත් ආහාර ඉක්මනින් දිරවීමට උපකාරි වේ. තවද මේදය, අධික පිෂ්ටය සහිත ආහාර පාන ලබාගත්තේ නම් මඳ උණුසුම් ජලය පානය කිරීම සුදුසුයි.

ස්නානය කිරීමට පෙර ජලය පානය කරන්න.

එමඟින් සිරුරේ රුධිර පීඩනය අවම කරන අතර සිරුර සාමාන්‍යකරණයට ලක්වේ.

නින්දට යෑමට පෙර ජලය පානය කරන්න.

එමඟින් රුධිර ගමනාගමනය ක්‍රමවත් කරයි. එමෙන්ම එවිට උදෑසන අවදි වනවිට විඩාවට පත් වූ මාංස පේශීන් යථා තත්ත්වයට පත්වීම සිදුවේ. එනම් දිගු වේලාවක් නිදා ගැනීම තුළ දෙපාවලට රුධිරය ගමන් කිරීම වැනි ක්‍රියාවන් අඩපණ විය හැකියි. නමුත් ඔබ ජලය හොඳින් පානය කොට නින්දට යන විට එම තත්ත්වයන් මඟහරවා ගත හැකියි.

ඔබ අසනීප වූ විටදී හොඳින් ජලය පානය කරන්න.

ඔබට යම්කිසි අසනීප තත්ත්වයක් ඇති වූ විටදී සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය තරමක් අඩපණ විය හැකියි. එමඟින් සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය කාර්යක්ෂම වී සිරුර සාමාන්‍ය තත්ත්වයට පත් වේ.

ඔබට මහන්සියක් දැනෙන සෑම විටකදීම ජලය පානය කරන්න.

ඔබගේ සිරුරේ ක්‍රියාවලිය මඳකට හෝ අඩපණ වනවා නම් එම තත්ත්වය නැති කොට සිරුරේ පද්ධතීන් නැවත ප්‍රබෝධවත් කොට කාර්යක්ෂම කිරීම සිදුවේ.

යම්කිසි රෝගයක් ආසාදන වූ රෝගී පුද්ගලයන් සමඟ ගැවසීමට ඔබට සිදු වුවහොත් එම ස්ථානයෙන් පිටතදී මෙන්ම එවැනි අවස්ථාවකදී පවා ජලය හොඳින් පානය කරන්න.

එමඟින් අදාළ රෝගී තත්ත්වයට ඔබට ගොදුරු වීමට ඇති ඉඩකඩ අවම වේ. එනම් සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ මට්ටමක පවත්වාගෙන යෑම එමඟින් සිදුවේ.

මීට අමතරව, දිනකට ජලය වීදුරු 8-12ක් පානය කරන්න. ඔබගේ මුත්‍රා කහ පැහැයෙන් යුක්තව පිට වේ නම් ඔබ අවශ්‍ය තරම් ජලය පානය කොට නැත.

(මව්බිම)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top