ශිහාන් දැන් දරු පැටවුන් තුන් දෙනෙක්ගෙම තාත්තා කෙනෙක්.
11 වැනි සංවත්සරය පසුගිය දිනෙක සැමරූ ශිහාන් ගැන දයාන් විතාරණ තැබූ සටහනක් තමයි මේ..
ශිහාන්ට සහ ගෙෂ්මිට පෙරදා මැවූ සිනා පිරි මතක සැමරුම් දුලන සුබ විවාහ සංවත්සරයකට ආසිරි ..............
නූතනයේ අතිශය ජනකාන්ත ගායකයෙක් වන ශිහාන් මිහිරංග සහ ඔහුගේ අතිනත ගත් ආදරණීය බිරිඳ ගෙෂ්මි ක්ලෙමන්ටා සිල්වා ඊයේ දින සිය 11 වැනි විවාහ සංවත්සරය සැමරූහ.
කඳාන ද මැසනඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනු ලැබූ ගෙෂ්මි සහ ශිහාන්, පාසල් ප්‍රේමය ජය ගනිමින් 2012 වසරේ ජනවාරි 25 වෙනි දින යුග දිවියට ඇතුළත් වුණු අතර, ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප ගනු ලැබුවේ ද මවිසින් ය. ක්ලේන් මාෂ්, කෙනන් යාෂා සහ කියෝන් අකීෂ් යන පුතුන් තිදෙනාගේ දයාබර දෙමව්පියම් වන ඔවුන්, තම දරුවන්ගේ යුතුකම් මැනවින් ඉටු කරන්නෝය.
මට බොහෝ සේ හිතවත් ශනිලාගේ ආදරණීය පියානන් වන නිහාල් නානායක්කාරගේ, සොයුරියගේ දියණිය ලෙසින් මා ගෙෂ්මිව දැනහඳුනා ගනු ලබන්නේ ඇය ශිහාන් සමඟින් විවාහ වීමටත් පෙර සිට ම වන අතර, ශිහාන්ගේ සහ ගෙෂ්මිගේ දරු දෙදෙනා ද මා සමග බෙහෙවින් හිතෛෂී ය.
ශිහාන් ද ගායකයෙක් ලෙස ජනකාන්ත තලයක වැජඹුණ ද තම පාසැල් ප්‍රේමයම ආරක්ෂා කරගෙන මේ තාක් දුරක් පැමිණීම නූතන පරම්පරා වෙත ද ආදර්ශයක් වන අතර ඔවුන් දෙපළම සහ දරු තිදෙනා කෙරෙහි මම දක්වන්නේ ද හෘදයාංගම ආදරයකි.
ශිහාන්ට, ගෙෂ්මිට මෙන්ම ආදරණීය දරු තිදෙනාට ද තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් තවත් බොහෝ කාලයක් යෙහෙන් වැජඹෙන්නට ආසිරි එක්කරමි !!!