වෙළඳසැලකින් මිලදීගත් තනපටයක තිබී ජෙලි හා සමාන ද්‍රව්‍යයක් අඩංගු සැකකටයුතු පැකට් දෙකක් හමුවූ බවට පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙය මිලදී ගත් කාන්තාව පසුව සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ.
කැකිරාව පොලිසිය ආසන්නයේ පිහිටා ඇති අදාළ ව්‍යාපාරික ස්ථානයෙන් කාන්තාව එම තනපටය මිලදී ගත් බවත් වෙළෙඳසල තුළදී එය වැඩිදුර පරීක්‍ෂාවට ලක් කළ අවස්ථාවේ එහි කොටසක යම් සැකකටයුතු ඇසුරුම් පැකට්ටුවක් ඇති බව දැකගන්නට ලැබුණු බවත් අදාළ කාන්තාව පොලිසියට පවසා තිබෙනවා.
ඇය ඒ සම්බන්ධයෙන් කැකිරාව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති අතර එම කාර්යාංශයේ නිලධාරිනියන් විසින් අදාළ තනපටය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී හඳුනා නොගත් ජෙලිවලට සමාන ද්‍රව්‍යයක් හා කුඩා ගුළි 3ක් බැගින් අඩංගු පැකට් දෙකක්ද පොලිසියට හමුව ඇති බවට වාර්තා වෙනවා.
මීට පෙර වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළඳ සැලකින්ද මෙවන් තනපට හමුවූ බවට පවසමින් පිරිසක් හිරු ගොසිප් අප වෙත එහි ඡායාරූප කිහිපයක්ද ඒවා තිබුණා. එම ඡායාරූප පහතින්....