Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Jul
31
ආර්ථික දුෂ්කරතා නිසා ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගණිකා වෘත්තියට... විදෙස් මාධ්‍යයක් හෙළි කරයි

- ආර්ථික දුෂ්කරතා නිසා ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගණිකා වෘත්තියට... විදෙස් මාධ්‍යයක් හෙළි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව තුළ, කාන්තාවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට ඇඟලුම් අංශයේ රැකියා අහිමි වී ඇති බවත්, ජීවනෝපාය උපයා ගැනීම සඳහා ඔවුන් ලිංගික ශ්‍රමිකයන් වීමට නිරායාසයෙන්ම බල කෙරී ඇති බව ඉන්දීය ANI පුවත් සේවය වාර්තා කරනවා.

එම පුවත් සේවය සඳහන් කරන්නේ රටේ පෙර නොවූ විරූ අර්බුදය හමුවේ, මිලියන 22ක ශ්‍රී ලාංකිකයන් දැවැන්ත දුෂ්කරතාවන්ට සහ දරිද්‍රතාවට මුහුණ දී සිටින අතර, රටේ වත්මන් තත්ත්වය විසින් ගෙන එන දුෂ්කරතා බොහෝ පවුල් අන්ත දුෂ්කරතාවන්ට තල්ලු කර ඇති බවයි.

එසේ ම ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් ආහාර සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමේ දෛනික අරගලය සමඟ තම නිවෙස්වල එදිනෙදා ජීවන කටයුතු ද දුෂ්කරතාවන්ගෙන් යුතුව සිදු කරන බවයි වාර්තා වන්නේ.

මෙම භයානක තත්ත්වය හේතුවෙන් රට පුරා තාවකාලික ගණිකා මඩම් ඇති වී තිබෙන බවත්, ලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන කණ්ඩායමක් වන Stand-up Movement Lanka (SUML) ඉන්දීය පුවත් සේවයට පැවසූ බව ඔවුන් වාර්තා කරනවා.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් කියා සිටින ANI පුවත් සේවය පවසන්නේ, පසුගිය මාස කිහිපය තුළ මෙරට ගණිකා වෘත්තිය සියයට 30 කින් වැඩි වීමක් දක්නට ලැබෙන බවයි.

එහි දී මෙම ලිංගික ශ්‍රමිකයන් සමහරක් ස්පා සහ සුවතා මධ්‍යස්ථානවල සේවය කරන බව අදාළ පුවත් සේවය වාර්තා කරනවා.

අදාළ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විවිධ ආයතනවලින්, සංවිධානවලින් සහ වින්දිතයන්ගෙන් ANI පුවත් සේවය සම්මුඛ සාකච්ඡා ලබාගෙන ඇති අතර එහි දී SUML විධායක අධ්‍යක්ෂිකා අශීලා දන්දෙණිය විසින් පවසා ඇත්තේ, “දැනට පවතින අර්බුදය නිසා බොහෝ කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදෙන බව අපට පෙනී ගොස් තිබෙනවා. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් රෙදිපිළි කර්මාන්තයේ නියුතු අයයි. කොවිඩ්වලින් පසු රෙදිපිළි කර්මාන්තයට බලපෑම් එල්ල වී රැකියා විශාල ප්‍රමාණයක් කපා හැර ඇති අතර දැන් පවතින තත්ත්වය ඔවුන් ලිංගික ශ්‍රමිකයන් ලෙස රැකියාවල නිරත වීමට පෙළඹෙමින් සිටිනවා." යනුවෙන්.

ANI පුවත් සේවය සමග අදහස් දැක් වූ 21 හැවිරිදි රෙහානා (නම වෙනස් කර ඇත) නැමති කාන්තාව පවසා ඇත්තේ, “පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ රෙදි කම්හලක රස්සාව නැති වුණා. ඊට පස්සේ මට දෛනිකව වෙනත් රැකියාවක් ලැබුණා. සමහර වෙලාවට මැන් පවර් අඩු වුණා ම මම ගිහින් වැඩ කළා. ඒත් මට මගේ අනන්‍යතාව යටතේ වැටුප ගන්න බැරි වුණා. ඒවගේ ම එය දිනපතා ලබා ගන්න බැරි වූ අතර මගේ සහ පවුලේ අවශ්‍යතා ඉටු කිරීමට එය මදි වුණා. ඉන්පසු ස්පා හිමිකරුවෙකු මා වෙත පැමිණි අතර පවතින අර්බුදය හේතුවෙන් මම ලිංගික ශ්‍රමිකයෙකු ලෙස වැඩ කිරීමට තීරණය කළා. මගේ මනස එය පිළිගැනීමට අකමැති වුණත් මට, මගේ පවුලට මුදල් අවශ්‍ය නිසා එයට අකමැත්තෙන් හෝ කැමති වුණා." යනුවෙන්.

ඊට අමතරව, හතළිස් දෙහැවිරිදි රෝසි (නම වෙනස් කර ඇත) නම් කාන්තාව අදාළ ඉන්දීය පුවත් සේවයට පවසා ඇත්තේ,“ආර්ථික අර්බුදය නිසා ආදායම මදි. පවුලේ ගෙදර අවශ්‍යතාවලට සල්ලි මදි. ඒකයි මම මේක තෝරගත්තේ. මම කඩයක් පවත්වාගෙන යනවා. ඒක පවත්වාගෙන යන්න සල්ලි ගෙවන්න වෙනවා. මේ ප්‍රශ්නය නිසා දැන් ගොඩක් ගණිකාවෝ ඉන්නවා. " යනුවෙන්.

ඇය වයස අවුරුදු හතලිහක් වන දරුවෙක් ද සිටින දික් කසාද වූ කාන්තාවක්.

එසේ ම ANI පුවත් සේවය සඳහන් කරන්නේ, මසකට රුපියල් 20,000 ත් 30,000 ත් අතර මුදලක් උපයන ගැහැණු ළමයින් සහ කාන්තාවන් දිනකට රුපියල් 15,000-20,000 ක් පමණ ලබා ගැනීමට ලිංගික ශ්‍රමිකයන් බවට පත්වීමට විශාල හේතුවක් බවයි.

SUML හි විධායක අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් ANI පුවත් සේවය සමග ප්‍රකාශ කර ඇත්තේ, බොහෝ ලිංගික ශ්‍රමිකයින් තම සහකරුවන් සමඟ ජීවත් වීමට පටන් ගත් නමුත් අර්බුදය හේතුවෙන් එම සහකරුවන් බොහෝ කාන්තාවන් හැර යා ඇති බවත්, එයින් බොහෝ දෙනෙක් ගැබ් ගෙන ඇති බවත්, දැනට තම සංවිධානය සමග එවැනි ගැබිණි ගැහැණු ළමයි දෙදෙනෙක් ඉන්නා බවත්, ඔවුන් බලා ගැනීම සඳහා රජයෙන් හෝ සහායක් නොලැබෙන බවයි.

මීට පෙර ANI පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සිද්ධිකි පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ මිලියන 6.3 ක ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයකින් පෙලෙන් බවයි.

එසේ ම නිදහසින් පසු මෙරට ආර්ථිකය මුහුණ දෙන දරුණුත ම ආහාර අර්බුදයට මුහුණ දී සිටින බවත් ඉදිරි මාස කිහිපය තුළ දැවැන්ත උද්ධමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු අදාළ පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.

තව ද, "ශ්‍රී ලංකාව ඉන්ධන, ආහාර සහ විදේශ විනිමයවල උග්‍ර හිඟයකට මුහුණ දී සිටින අතර වඩාත් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බැවින් මෙම දූපතේ ජනතාව බලාපොරොත්තු වන්නේ, ජාත්‍යන්තර අරමුදල මගින් හෝ සහායක් ලැබෙනු ඇති." කියායි යනුවෙන් ඉන්දීය ANI පුවත් සේවය පවසනවා.

ඉන්දීය පුවත් සේවය විසින් වර්තා කර සිටින මෙම පුවත සත්‍යාපනය කරන පුවතක් පසුගිය දා සති අන්ත පුවත්පතක පළ වී තිබුණා.

ඒ අනුව කවුඩුල්ල බෙදුම් ඇළ ගොවි සංවිධානයේ හිටපු සභාපතිවරයා අදාළ පුවත්පතට පවසා තිබුණේ, ගොවි කාන්තාවන් බහුතරයක් ණය ගෙවීම් සඳහා තමා සතු බඩු භාණ්ඩ උකස් තබා ඇති බවත්, එයිනුත් අදාළ ණය ගෙවා ගනු බැරිව ගණිකා වෘත්තියට යොමුව ඇති බවයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top