LVAF හි දැක්ම වනුයේ වෘත්තීය පුහුණුව තුළින් තරුණ තරුණියන් සවිබල ගැන්වීම මඟින් මූල්‍යමය වශයෙන් ඔවුන්ට ස්වාධීන විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම, ස්වයං රැකියා අවස්ථා නිර්මාණය කිරීම මඟින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම, අධ්‍යාපනය අහිමි වූ ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අධ්‍යාපනය සඳහා යොමු කිරීම ආදිය යි.
මෙහි මූලික පියවර ලෙස LVAF විසින් අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගෙන එම පවුල් වල දරුවන්ට පාසල් ලිපි ද්‍රව්‍ය බෙදා දීම, වියළි ආහාර බෙදා දීම, තරුණ කණ්ඩායම් සවිබල ගැන්වීමේ වැඩසටහන්, කාන්තා ස්වයං තිරසාර ව්‍යාපෘති, ළමා සංවර්ධන මධ්‍යස්ථාන ඉදි කිරීම, ආබාධ සහිත දරුවන් හඳුනා ගැනීම සහ ඔවුන් විධිමත් පාසල් අධ්‍යාපනයට යොමු කිරීමේ ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇත.
ඔවුන්ගේ ඉහත ව්‍යාපෘති තුළින් LVAF දැක්ම හා මෙහෙවර මැනවින් පැහැදිලි වෙයි.
LVAF සිය සංවිධානය තුළ ඇති සාමූහික කණ්ඩායම් වල සහයෙන් මෙන්ම Nanban Foundation වැනි ජාත්‍යන්තර සංවිධාන හා දේශීය පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් සිය සාර්ථකත්වය සපුරා ඇත.
ඉදිරියටත් අව වරප්‍රසාදිත සමාජ කණ්ඩායම් වෙනුවෙන් වන ඔවුන්ගේ දැක්ම හා මෙහෙවර සාර්ථක කර ගැනීමට ජාත්‍යන්තර සංවිධාන හා දේශීය පරිත්‍යාගශීලීන් ඔවුන් සමඟ එක්ව කටයුතු කරනු ඇති බවට LVAF බලාපොරොත්තු වෙයි.