Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
19
සැඟව සිටි කොටකෙතන මාරයා ඇල්ලූ කවුරුත් නොදත් රහස් මෙහෙයුම

- සැඟව සිටි කොටකෙතන මාරයා ඇල්ලූ කවුරුත් නොදත් රහස් මෙහෙයුමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views

‘‘භාවනාත් කරලා, හැම මළගෙදරකටම ගිහින්,
ගමේ ආරක්ෂක කමිටුවෙත් ඉඳලා.‘‘

‘‘කොටකෙතන‘‘ රටත් තිගැස්සූ රටක් කතාකළ ගම්මානයකි. වසර ගණනක සිට සිදුවූ අමානුෂික ඝාතනයන් හා කාන්තාවන් දූෂණය කිරීම් අතින් ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. පිට පිට එකක් දෙකක් නොව ඝාතන රැල්ලක්ම සිදුවෙද්දී පොලිස් මුරපොලවල් පමණක් නොව විශේෂ කාර්ය බලකායේ සෙබලුන් පවා ආරක්ෂාව දුන් ගම්මානයක් විය. එහෙත් සැඟවුණු ඝාතකයා සොයාගන්නට කිසිවෙකු සමත් වූයේ නැත.

එහෙත් ඒ සියල්ල අතීතයට එක් කරමින් කොටකෙතනේ බිහිසුණු ඝාතකයා (Serial Killer) පසුගියදා පොලිසියට කොටුවූයේ වැරදුණු කුරුමාණමකිනි.  ඒ වන විට කාන්තාවන් 20ක් පමණ කොටකෙතනේදී ඝාතනය වී තිබිණි.



මෙම අසරණ කාන්තාවන් පණ නල රැක ගන්නට ඝාතකයා ඉදිරියේ අපමණ වෙහෙසක් දරද්දී අධමයාගේ කාමාශාවන් ඉදිරියේ අන්ත අසරණභාවයට පත්විය. 2008 වර්ෂයේ ජූලි 21 වැනිදා ඇරඹි කහවත්ත කොටකෙතන ඝාතන මාලාවේ අවසන් ගොදුර වූයේ නාදන් පාපුය. ඇය වතුකම්කරු කාන්තාවකි. ඇගේ ඉරණම විසඳුණේ පසුගිය සැප්තැම්බර් 28 වැනිදාය.

සාපලත් වසර හතම කොටකෙතන හා අවට වැසියන්ට බිහිසුණු යුගයක්ම විය. බොහෝ අය ගේ දොර වතුපිටි අවම මිලටත් වඩා අඩුවෙන් විකුණා දමන්නට වූහ. දහවලදී හැරෙන්නට රාත්‍රි කාලයේදී කිසිවකුත් එළි පහළියටවත් නොබසින්නට විය. ක්‍රමයෙන් ජන ශූන්‍ය ගම්මානයක් බවට දින දිනම පත්විය. එය කොටකෙතනට පමණක් සීමා නොවීය. දිඹුල්වල, නීලගම, ඕපාත ආදී අවට ගම්මානවල තත්ත්වයද එසේම විය.

ඝාතකයාගේ ගොදුරු බවට පත්වූ සිරුරු බොහෝ දුරට එක සමාන ආකාරයකට කපා කොටා තිබිණි. එය මුල සිටම පොලිසියේත්, විශේෂ විමර්ශන කණ්ඩායම්වලත් අවධානයට ලක්විය. මෙම ඝාතන දාමයේ සමහර ඝාතන පෞද්ගලික අමනාපකම් මත සිදු වූ ඝාතන විය. එහෙත් එකම ඝාතකයකු පමණක් සිදුකරන ලද ඝාතන කිහිපයක්ම විය. ඒ සියල්ල තුළ ඝාතකයා සැඟව සිටියේය.

ස්වභාව ධර්මයාගේ නීතියට අනුව නම් අපරාධයක් සිදුකොට සැඟව සිටිය නොහැකිය. අපරාධ විද්‍යාවට අනුවද අපරාධකරු කිසියම් වූ හෝඩුවාවක් ඉතිරි කරන්නේය. දක්‍ෂ පර්යේෂකයන් අපරාධකරු ඉතිරි කර යන හෝඩුවාව සොයාගත යුතුය. කහවත්තේ සිදු වෙමින් පැවතියේද පර්යේෂකයන්ගේ කාර්යභාරයයි. ඔවුන්ගේ අතිශය සංකීර්ණ ක්‍රියාදාමය වඩාත් ප්‍රශස්ත විය. විවිධ පොලිස් කණ්ඩායම් පරීක්‍ෂණ පවත්වමින් ඝාතකයා ලුහුබඳිද්දී රත්නපුර අපරාධ ස්ථාන පරීක්‍ෂණ ඒකකයද සිය මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට විය. "තාක්‍ෂණයෙන් සත්‍ය කරා" ඔවුන් යොමු විය.

2008 වසරේ ජූලි 21 වැනිදා සිට පසුගිය සැප්තැම්බර් 28 වැනිදා දක්වාම සිදු වූ ඝාතනවල ජෛව සාම්පල ඉතා සූක්‍ෂ්ම අයුරින් අපරාධ ස්ථාන පරීක්‍ෂණ නිලධාරීන් විසින් රැස් කරන්නට විය. අතිශය සංකීර්ණ වූත් වැදගත් වූත් එම මෙහෙයුමට මුල සිටම නායකත්වය සැපයූවේ ස්ථාන භාර නිලධාරීන් වූ පොලිස් පරීක්‍ෂක චින්තක මායාදුන්න සහ පොලිස් පරීක්‍ෂක පී. ඩී. ටී. ඩබ්ලිව්. පුංචිහේවා යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමයි. අදාළ අපරාධ ස්ථානවලට මුලින්ම ගිය කණ්ඩායම් අතර මෙම (S.O.C.O) සොකො කණ්ඩායම ප්‍රමුඛ වේ. ඔවුහු පිටස්තර කිසිවකුට හෝ අපරාධ භූමියට ඇතුළු වීමට ඉඩ නොදී නිහඬ සාක්‍ෂි සොයා ගවේෂණය ඇරඹූහ.

පුරාවිද්‍යාඥයන් කැණීම් භූමියක ගවේෂණය කරන අයුරින් අපරාධ ස්ථාන පරීක්‍ෂණ නිලධාරීන් භූමිය හා අවට ස්ථානද, මළ සිරුරුද පරීක්‍ෂා කොට ජෛව සාම්පල රැස් කිරීම අරඹයි. කෙස්කොට නියපොතුවල ඇති ආගන්තුක කොටස්, කෙළ, රුධිරය, ශුක්‍රාණු ආදී සියල්ල ජෛව සාම්පලවලට අයත්ය. අනතුරුව හැකි විගස අධිකරණ නියෝග ලබා බොරැල්ල ජින්ටෙක් ආයතනයට එම සාම්පල ලබාදීම සිදුකරයි. කහවත්ත ඝාතනවලදීද මෙම ක්‍රමයම අනුගමනය විය.

පසුගිය සැප්තැම්බර් 28 වැනිදා සිදුවූ නාදන් පාපු නමැත්තියගේ ඝාතනයත් සමඟ කහවත්තේ බිහිසුණු ඝාතකයා (Serial Killer) පිළිබඳ යළිත් අවධානය යොමු විය. පොලිස් පරීක්‍ෂණ ක්‍රියාත්මක වෙද්දී තවත් විශේෂිත කණ්ඩායමක් වෙනත් අයුරිකින් පරීක්‍ෂණ පවත්වන්නට වූහ. ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ය.

සහකාර පොලිස් අධිකාරි ශ්‍යමන්ත විජේසිංහ මහතාගේ මූලිකත්වයෙන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ විය. පොලිස් පරීක්‍ෂක විජේතුංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊට එක්විය. කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. රොහාන් ඕලුගලද ඊට සහය විය.

මේ අතර බොරැල්ල ජින්ටෙක් ආයතනය විසින් සිදුකළ පර්යේෂණ ප්‍රගතියද අධිකරණයට ඉදිරිපත් විය. ඒ අනුව 2012 මැයි 31 වැනිදා වරාපිටියේදී ඝාතනය වූ සේතුංගගේ දයාවතී සහ තිලකාවනී යන අක්කා නඟෝ දෙදෙනා ඝාතනය කළ ස්ථානවල තිබී සොයාගත් රත්නපුර අපරාධ ස්ථාන පරීක්‍ෂණ නිලධාරීන් ලබා දුන් බුලත් කෙළ සාම්පලයක වූ ඩී. එන්. ඒ. රටා එම කාන්තාවන්ගේ යෝනිවල තිබූ ශ්‍රාවයන් සමඟ සැසඳෙන බවට වාර්තා කෙරිණි.

පොලිස් අධිකාරි ශ්‍යමන්ත විජේසිංහ මහතා අතිශය සූක්‍ෂ්ම ලෙස ඝාතකයා ලුහුබඳින්නට විය. ඔහුටම ආවේණික ක්‍රම හා සැලසුම් ක්‍රියාත්මක කරන්නට විය. විවිධ වේශයෙන් ප්‍රදේශය පුරා සැරි සරන්නට විය. පෞද්ගලික ඔත්තුකරුවන්ගේ විශ්වාසය ඉහළින්ම රකින්නට විය. මාධ්‍ය සගයන් පවා මඟ හරිමින් සිය නිලධාරීන් මෙහෙය වන්නට විය. එම මෙහෙයුම කොතරම් සූක්‍ෂ්ම වීද යත් රත්නපුරයේ බොහෝ පොලිසිවල නිලධාරීන් පවා කහවත්තේ සැබෑ ඝාතකයා අධිකරණයට ඉදිරිපත් කළ බව දැන ගත්තේ එදින රාත්‍රි ප්‍රවෘත්තිවලිනි.
අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් විසින් හතර දෙනකු (4) අත්අඩංගුවට ගෙන තිබිණි. ඝාතකයා සැඟව සිටියේ ඔවුන් අතරය. ඔහුගේ ඩී. එන්. ඒ. රටා සමඟ මිය ගිය 6 දෙනකුගේ සිරුරුවල තිබූ ආගන්තුක ජෛව සාම්පලවල ඩී. එන්. ඒ. රටා කදිමට ගැළපිණි.

ඒ අනුව 35 හැවිරිදි දෙදරු පියකු වූ නීල් ලක්‍ෂ්මන් නමැත්තා අත්අඩංගුවට පත්විය. ඔහුගේ පදිංචිය කොටකෙතන වෙරළුගහමුල්ලේය. කෙසඟ සිරුරක් හිමි සැකකරු පසුගිය ඝාතනවලින් පසුව බොහෝ මළ ගෙවල්වලට සහභාගි වී ඇති අයෙකි. කොටකෙතන විදුහලේ පැවැති බොහෝ වැඩසටහන්වලටද සහභාගි වී ඇත. එම සමාජ සංවර්ධන වැඩමුළුවල පැවැති භාවනා වැඩසටහන්වලටද ඔහු සහභාගි වී ඇත. ගමට ආ විවිධ පර්යේෂකයන්ට මෙම අපරාධ වැල සෙවීමට සහායද ලබාදී ඇත.

ඔහුම ඝාතනය කළ බවට සැක කෙරෙන අසල්වැසි කාන්තාවන්ගේ මළ ගෙවල්වල නිදි වරමින් තනි රකින්නට ඔහු ඉදිරිපත් වී ඇත. එපමණක් නොව ගමේ අනෙක් තරුණයන් හා එක්ව රාත්‍රියේදී ගම මුර කරන්නට සැකකරු දායක වී ඇත. ඔහු තමන් ගොදුරු කරගන්නා ගොදුරු අතරම සැඟවෙමින් නින්දිත ලෙස තම අසල්වැසි ස්ත්‍රීන්ගේ ගෙල කපන්නට සමත් (Serial Killer) බිහිසුණු ඝාතකයකු විය.

නාදන් පාපුගේ ඝාතනයෙන් පසුද ඔහු තවත් ගොදුරකට ඉව කරමින් සිටියේය. සුභරත්න මැණිකේ සහ දුලීකා නදීශානි යන මව හා දියණිය වෙත ඝාතකයා ඉව කරන්නට විය. පූරුවේ වාසනාවකට දියණිය ඝාතකයාව ගොම්මන් අඳුර මැදින් දුටුවාය. ඇගේ බියපත් විලාපය මැද අධමයා පලා ගියද වසර කිහිපයකට පෙර ගැසූ බුලත් කෙළ පහර පාරා වළල්ලක් වී ඔහුගේම ගෙල සිර කරන්නට සමත් විය.

දක්‍ෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් වූ අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ සේතුංගගේ දයාවතී සහ තිලකාවතී යන දෙසෝයුරියන්ගේද ලේකම්ගේ පේමාවතී සහ පුෂ්පකුමාරි යන මව සහ දියණියගේද සිරිවර්ධන මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ සහ ඩිංගිරි මැණිකේ යන අයගේ ඝාතන සිද්ධි සම්බන්ධයෙන්ද සැකකරුගේ ඩී. එන්. ඒ. රටා ගැළපෙන බවයි. ජින්ටෙක් ආයතනයේ පර්යේෂණ වාර්තාද ඒ සමඟම අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එයට අමතරව නාදන් පාපු (49) දෙදරු මවගේ ඝාතනයට සහ තවත් ඝාතනවලට යොදාගත් බව කියන වක් පිහියක් හා උල් පිහියක්ද රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

කාන්තා ඝාතන සිදු කරන අවස්ථාවල සැකකරු හැඳ සිටි ඇඳුම් රැසක්ද රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය.
ඊට අමතරව දිඹුල්වල ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී සැමියකුට හා බිරියට පිහියෙන් ඇන තුවාල සිදු කිරීම සම්බන්ධයෙන්ද සැකකරු ප්‍රකාශයක් ලබාදී ඇති බැවින් එම නඩුවේ විත්තිකරුවකු ලෙස මෙම සැකකරු නම් කරන ලෙසද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඊට අධිකරණයේ අවසරය ලැබිණි.

නිර්දොෂීභාවයේ පූර්ව නිගමනය මත පිහිටා සැකකරු වෙනුවෙන් සීතා රංජනී මහත්මිය පෙනී සිටියාය. ඇය අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුට රහස්‍ය ප්‍රකාශයක් කිරීමට අවසර ලබාදෙන ලෙසයි. එම ඉල්ලීම සලකා බැලීම පසුවට කල් තැබිණි.

ඉකුත් 13 වැනිදා පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනි දින දක්වා සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදී.

සටහන - රුචිර අබේමාන්න
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top