ඊට අදාළව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිර්දේශ අමාත්‍යවරයා වෙත ඊයේ (29) භාර දුන්නා.
අදාළ නිර්දේශවලට අනුව බස් ගාස්තු සියයට 20කින් පමණ ඉහළ යන අතර, දැනට රුපියල් 32ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 40ට ආසන්න වනු ඇති බවයි වාර්තා වන්නේ.
බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව, සෑම වසරකම ජුලි 01 වනදා ගාස්තු සංශෝධන විය යුතුයි.
ඒ අනුව, ඇතැම් බස් සංගම් සියයට 30කින් ගාස්තු සංශෝධයක් ඉල්ලා සිටියේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ මහාමාර්ග අමාත්‍යාංශයේ පෙරේදා (28) පැවති සාකච්ඡාවකදීයි.
කෙසේ වෙතත්, පසුගිය වසරේ නොවැම්බර් 11 වනදා සිට මාස 7 ක් තුළ 5 වතාවක් සියයට 87 කින් පමණ ගාස්තු ඉහළ දමා ඇති බව හිරු ප්‍රවෘත්ති මගින් අනාවරණය කළා.
එහිදි අප පෙන්වා දුන්නේ, කොරෝනා වසංගතය ව්‍යාප්තිය පැවැති පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ආසන ප්‍රමාණයට මගින් ප්‍රවාහනය කිරිමේ අවසරය මත සියයට 20කින් ගාස්තු ඉහළ දැමිමක් සිදු කළ බවයි.
එසේම පසුගිය මාර්තු මාසයේ ඉහළ ප්‍රතිශතයකින් එනම් සියයට 15 කින් ගාස්තු ඉහළ දැමු බව එහිදි අනාවරණය කළා.
ඒ අනුව, මෙවර ගාස්තු සකස් කිරිමේදි ජාතික ගමනා ගමන කොමිෂම එම කරුණු ද සලකා බලා ඇතැම් බස් සංගම් ඉල්ලා සිටි සියයට 30 ගාස්තු වැඩි විමක් ලබා නොදී, ඊට අඩු ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ දැමිමටයි තිරණය කර ඇත්තේ.