මෙම අනතුරෙන් පාසල් සිසුන් 17 දෙනෙකු තුවාල ලබා කටුගස්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කොට ඇති බව කටුගස්තොට පොලිසිය පවසනවා.
මහනුවර සිට පැමිණි පාසල් සිසුන් ප්‍රවාහන වෑන් රථයක් සහ අකුරණ දෙසින් පැමිණි බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුළ පාසල් දරුවන් 20 දෙනකු පමණ ගමන් කරමින් සිට ඇති අතර ඉන් 17 දෙනකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ. තුවාල ලැබූ පාසල් සිසුන් කඩිනමින් කටුගස්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.