Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
23
"මට අපහාස කළා" "මගේ කටවුට්වලට කළුතෙල් ගැහුවා" සිංහල සිනමාවේ කාම රැජිණ - සුමනා ගෝමස් කලකට පසුව මාධ්‍යයට කතා කරයි

- "මට අපහාස කළා" "මගේ කටවුට්වලට කළුතෙල් ගැහුවා" සිංහල සිනමාවේ කාම රැජිණ - සුමනා ගෝමස් කලකට පසුව මාධ්‍යයට කතා කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

සුමනා ගෝමස් කියූ සැණින් සියල්ලන්ටම මතක් වන්නේ සිංහල සිනමාවේ රඟපෑ සරාගී නිළියව. සිංහල සිනමාවේ "වැඩිහිටියන්ට පමණයි" ලේබල යටතේ වැඩිපුරම වැඩිපුරම චරිත රඟපෑ රංගන ශිල්පිනිය ඇයයි.



ඇගේ නම කියූ සැනින් විවිධ අය විවිධ ප්‍රතිරූප මවන්න උත්සාහ කළා. ඇතැම් අය ඇයට අපහාස කළා. අවතක්සේරු කළා. ඇගේ රුව රැගත් කටවුට් ඉරා දැම්මා සමහර උදවිය ඇගේ රුව රැගත් කටවුට්වලට කළුතෙල් ගැහුවා. සියලු අපහාස ගැරහුම් පීඩන උපේක්ෂාවෙන් දරා සිටි ඇය සිංහල සිනමාවේ වාණිජ චිත්‍රපට තවදුරටත් ජනප්‍රිය කිරීමෙහිලා සිය නර්තන ප්‍රතිභාව දක්වමින් සිය චරිතයට සාධාරණයක් ඉටු කළා.

සුමනා ගෝමස් අද ජීවත්වන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර. ඇය හිත හොඳ පරෝපකාරී චරිතයක්. ඇය රඟපෑ ඇතැම් චරිත බොහෝ දෙනා අවතක්සේරුවට ලක් කළ ද මේ සියල්ලක්ම සෙලියුලයිට් පටියට පමණක් සීමා වූ චරිත බව බොහෝදෙනා තේරුම් නොගැනීම නිසා ඇගේ සැබෑ චරිතයට හානියක් වුණා. අපි ඇයව සම්බන්ධ කරගත්තේ වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අතිශයින් කාර්යබහුල මොහොතක.

කොහොමද සැප සනීප?

සතුටින් ඉන්නවා මම හිතනවා නිසි කල මම නිසි තීරණයක් අරගෙන ඇමරිකාවට පැමිණීම මගේ අනාගත ජීවිතය සුබවාදී කරගැනීමට මා ගත්ත ලොකුම තීරණයක් කියලා. ලංකාවේ හිටියා නම් තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා.

ඔබේ කුඩා කාලය ගැන මතක් කරමු?

අපේ ගම දෙහිවල. මම ඉගෙන ගත්තෙ කරගම්පිටිය බෞද්ධ මිශ්‍ර පාසලේ. පාසලේ දඟකාර සිසුවියක්. නමුත් ගුරුවරුන් මට හරිම ආදරෙයි. නර්තනයට, රංගනයට, ගායනයට මම හරිම දක්ෂයි. මිශ්‍ර පාසලක් නිසා නිතරම පිරිමි ළමයි එක්ක ගැටුම් ඇති කර ගත්තා. දවසක් පිරිමි ළමයෙක් එක්ක වෙච්ච රණ්ඩුවක් කෙළවර වුණේ ඔහු මගේ අත බ්ලේඩ් එකකින් කපලා. ගෙදරදි ගස් නඟිනවා. කොල්ල වගේ හැසිරෙනවා කියලා අම්මගෙන් තාත්තාගෙන් බැනුම්වලින් නං කෙළවරක් නෑ. නමුත් ඒ දඟකාරකමට මම තාමත් ආදරෙයි.

ඔබේ රංගන අත්පොත වේදිකාව. ඔබ වේදිකා නාට්‍ය ගණනාවක රඟපෑ නිළියක්. වේදිකාවෙන් ලැබෙන පන්නරය සිනමා රංගනයට පිටිවහලක්. කොහොමද ඔබේ වේදිකා නාට්‍ය ප්‍රවේශය?

මම කරගම්පිටිය බෞද්ධ බාලිකා මිශ්‍ර පාසලේ ඉගෙන ගන්න කාලේ පටන් දක්ෂතා දැක්වූවෙ රංගනයට නර්තනයට. පාසලේ විවිධ ප්‍රසංගවලට මම නැතුවම බැරි වුණා. මගේ අක්කා රූප ගෝමස් තමයි මුලින්ම නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේ. ඇය දයානන්ද ගුණවර්ධන හඳුනාගෙන නාට්‍ය ගණනාවක රඟපෑවා. ඇගේ තනියට අම්මා ගියා. අම්මත් එක්ක මමත් ගියා. මම පුංචි වුනත් ඒ දවස්වල නාට්‍ය ශිල්පීන් මටත් රඟපාන්න ආරාධනා කළා. ඒත් මම කැමැති වුණේ නෑ රඟපාන්න. අක්කා ස්ටැන්ලි ද සිල්වාගේ විදුර ජාතකයේ කුමරිය විදිහට රඟපෑවා. නාට්‍ය කණ්ඩායම විදුර ජාතකයේ සුළු චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලබා දුන්නා. පසු කාලෙකදී අක්කා විවාහවෙලා විදුර ජාතකයේ ඇගේ චරිතය මට ලැබුණා. මගේ රඟපෑම් දැකලා ඩොමී ජයවර්ධන පුවත්පතක පළ කරලා තියෙනවා අනාගතයේ දක්ෂ නිළියකගේ ලක්ෂණ මගේ වෙතින් පෙන්නුම් කරනවා කියලා. එය මට ලොකු සහතිකයක්. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ලියපු ගුණරත්නගේ පොකුරු වැස්ස මං ඉතා ප්‍රිය කර නාට්‍යයක්. එහි මං රඟපෑවේ සුමනාවතීගේ චරිතය. සංක්‍රමණය, වංගගිරිය, ඇන්තනි සී. පෙරේරාගේ යමලොව පති, සොමී රත්නායකගෙ රන් සලකුණ, ගිම්හානයේ රැයක සිහිනය, තිස්ස මඩවලගේ මිනීමැරුම ආදී වේදිකා නාට්‍ය ගණනාවකම මම රඟපෑවා.

ඔබ ටවර් හෝල් නාට්‍ය ශිල්පිනියක් නේද?

ටවර් හෝල් නාට්‍ය කිහිපයකම රඟපෑමේ වාසනාව මට හිමිවුණා. රොම්ලස් පෙරේරාගේ ඇහැලේපොළ කුමාරිහාමි නාට්‍යයේ රුක්මණී දේවිය සමඟ ඇගේ නැගණිය විදිහට රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ශ්‍රී වික්‍රම, ගොංගාලේගොඩබණ්ඩා අලිබබා ඇඳෙන් එකයි, සූටි ගමරාළ ආදී නාට්‍ය කිහිපයකම රඟපෑවා.

"කුණ්ඩලකේෂී" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණු ඔබ ජනප්‍රිය වාණිජ සිනමාවට අවතීර්ණ වුණේ දිනේෂ් ප්‍රියසාද්ගේ "පෙරළිකාරයෝ" චිත්‍රපටිය කොහොමද ඒ අවස්ථාව හිමි වුණේ?

මම ටෙනිසන් කුරේගේ රැල්ල වේදිකා නාට්‍ය රඟපෑවා. ඒ සම්බන්ධතා එක්ක ටෙනිසන් කුරේ මාව දිනේෂ් ප්‍රියසාද්ට හඳුන්වලා දුන්නා. පෙරලිකාරයෝ රඟපාන්න ලැබුණේ ඒ සම්බන්ධතාව නිසා. මම රඟපාපු චිත්‍රපට අතර අනුපමා, බයිසිකලේ, පෙම් රජදහන, සසර චේතනා, මව්බිම නැත්නම් මරණය, සළඹක් හඬයි, රජවැඩකාරයෝ, ආසයි බයයි ආදී චිත්‍රපට ගණනාවක් තියෙනවා. වාණිජ සිනමාවේ මම බොහෝවිට රඟපෑවේ රාත්‍රී සමාජ සමාජශාලා නර්තන ශිල්පිනියකගේ චරිත.

ඔබ මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ සසර චේතනා චිත්‍රපටයේ රඟපෑව නේද?

ඔව්. ඒ අවස්ථාව මට හිමි කර දුන්නේ කොන්ඩ මොස්තර ශිල්පී ලලිත් ධර්මවර්ධන. සසර චේතනා චිත්‍රපටයට නර්තන ශිල්පිනියක් අවශ්‍ය බව මාලනී ෆොන්සේකා ලලිත් කියලා තිබුණා. ඒ දවස්වල කොළඹ තැප්‍රොබේන් හෝටලයේ නර්තන ශිල්පිනියක් විදිහට මම කටයුතු කළේ. හෝටලයට ඇවිල්ල මගේ නර්තනය දැකලා මාලනී ෆොන්සේකාට ඔහු එය කියලා තිබුණා. මාලනී ෆොන්සේකා සසර චේතනා චිත්‍රපටියේ නර්තනයට මාව තෝරාගත්තා. මම නර්තනය ඉදිරිපත් කළේ රොනල්ඩ් මාස්ටර් එක්ක.

ඔබ කියලා තියන ඔබ රංගනයට යොමු කිරීමට අම්මා උනන්දුවක් දැක්වුවා කියලා. එයට විශේෂ හේතුවක් තියෙනවාද?

මගේ අම්මා ඥානවති කිරිවත්තුඩුව. රූප සුන්දරියක් වගේ ලස්සනයි. කැලෑහඳ චිත්‍රපටයේ රඟපාන්න අම්මට අවස්ථාවක් හිමි වෙලා තියෙනවා. ඒත් අම්මගේ තාත්තා විරුද්ධ වෙච්ච නිසා අම්මට ඒ නොලැබුණු වාසනාව ඇගේ දරුවන්ට ලබලා දෙන්න අම්මා පසුබට වුණේ නෑ. අම්මා නිසයි මම නිළියක් වුණේ. අම්මා හරි කැමැත්තෙන් හිටියේ මම චිත්‍රපට නිළියක් වෙනවා දකින්න. දවසක් සරසවිය පත්තරේ දැන්වීමක් දාලා තිබුණා කුණ්ඩලකේශී චිත්‍රපටයට ආධුනික නිළියක් අවශ්‍යයි කියලා. අපේ අම්මා මටත් හොරෙන් ඉල්ලුම්පත්‍රයක් දාලා මාව සම්මුඛ පරීක්ෂණයට අරගෙන ගියා. තිමති වීරරත්න, විජය කුමාරතුංග තමයි පරීක්ෂණ මණ්ඩලය හිටියේ. එයාල චිත්‍රපටයට මාව තෝරගත්තා.

ඔබේ තාත්තා ගැනත් කියමු?

තාත්තා ඩේවිඩ් ගෝමස්. තාත්තා රැකියාව කළේ එලිෆන්ට් හවුස් එකේ. අපිට ඒ දවස්වල කෑම බීමවලින් කිසිම අඩුවක් පාඩුවක් නෑ. කන්න බොන්න ඕනෑ තරම් දේවල් තිබුණා. පස්සේ තාත්තා නගර සභාවේ වැඩ කළා. මට මතකයි ජේවීපී කලබල කාලේ ගුණදාස කපුගේට සුදුසු ආරක්ෂක ස්ථානයක් හොයලා දෙන්න කියලා තාත්තගෙ යාලුවෙක් කියලා තිබුණා. ඒ ඉල්ලීමට ප්‍රවීණ ගායන ශිල්පී ගුණදාස කපුගේ අපේ ගෙදර කාලයක් නැවතිලා හිටියා. ඔහුගේ මල්ලිත් පස්සේ අපේ ගෙදර නවාතැන් ගත්තා. කපුගේ අයියාගේ මල්ලි තමයි අපිට ඉංග්‍රීසි ටියුෂන් දුන්නේ.

සුමනා ගෝමස් නම ඇසූ සැණින් ප්‍රේක්ෂකයන්ගේ මතකයට නැගෙන්නේ පෙරළිකාර චරිතයක්. ඔබ "වැඩිහිටියන්ට පමණයි ලේබලය" යටතේ චරිත කිහිපයක් රඟපෑවා. ඒ පිළිබඳ ටිකක් කතා කරමු?

සුනිල් ටී. ප්‍රනාන්දු සමඟ සෝනියා දිසා එක්ව නිෂ්පාදනය කළ රාගයෙ උණුසුම ඇගේ වෛරය එක, දෙක ආදී චිත්‍රපට කිහිපයකම රඟපෑමට මට අවස්ථාව ලැබුණා. මම වෘත්තීය නිළියක්. චිත්‍රපටයක රඟපෑමේදී මම චරිත තෝරා බේරා ගන්නෙ නැහැ. මට පැවරෙන ඕනෑම චරිතයක් රඟපෑම මට කිසිදු අභියෝගයක් නෑ. වෘත්තිය නිළියක් විදිහට මා රඟපාන භූමිකාවට සාධාරණයක් ඉෂ්ට කිරීම පමණයි මගේ පරමාර්ථය. කුමන ලේබලය යටතේ චිත්‍රපටි ප්‍රදර්ශනය වුණත් මට පැවරුණු භූමිකා මම සාර්ථකව ඉටු කළා චිත්‍රපට නිෂ්පාදකවරයාට අවශ්‍ය වන්නේ තමා ආයෝජනය කරන මුදලට ලාභයක් ලබා ගැනීම. මම රඟපාපු මේ චිත්‍රපට මාලාව බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවා අතිශය ජනප්‍රිය වුණා. සිනමාශාලාවට ප්‍රේක්ෂකයන් වැල නොකැඩී ප්‍රේක්ෂකයන් පැමිණියා. සිනමා කර්මාන්තයට නිෂ්පාදකවරයාට සාධාරණත්වයක් මම ඉටු කළා. මේ මගේ සැබෑ ජීවිතය නෙමෙයි. මේ ඔක්කොම චිත්‍රපටවල රූප රාමු විතරයි. මේ රූපරාමු මහත් ආන්දෝලනයට ලක් කරමින් විවිධ අය මට උපහාස අපහාස කරමින් මඩ ගහන්න ගත්තා. පත්තරවලින් මට දොස් කිව්වා. මට අපහාස කළා. මගේ කටවුට් ගැලෙව්වා. සමහර කටවුට්වල කළු තීන්ත ගෑවා. සමහර කටවුට් ඉරුවා. මට දුෂ්ටකම් කළා. අපවාදයට අපකීර්තියට ලක් කළා. සුමනා ගෝමස් නම කියූ සැනින් ප්‍රේක්ෂකයාව අප්‍රසාදයට පත් කරන තත්ත්වයක් ඔවුන් නිර්මාණය කළා. ඒත් මම සැලුණේ නැහැ. මම ඉන්ද්‍රකීලයක් වගේ නොසෙල්වී හිටියා. කිසි අපවාදයකින් මගේ මනස අවුල් කර ගත්තෙ නැහැ. මම යන ගමනට බාධාවක් කරගත්තේ නෑ. ගැහැණියක් හැටියට මම එඩිතරයි. මම හැම දෙයක්ම හිතන්නේ ධනාත්මකව. ඍණ සිතුවිලි මං ගාව නැහැ. මම දිරිය ගැහැනියක්. අද මම ජීවත් වෙන ආකාරය දිහා බලනකොට හිතෙනවා මම තෘප්තිමත් ගැහැනිය කියලා.

සුමනා හිටි හැටියේම ඇමරිකාවට ගියේ?

මම රඟපෑ සැන්ඩෝ හැරිස්ගේ චෙරියො සාජන්ට් නාට්‍ය ඇමරිකාවේ වේදිකාගත වුණා. ඒ නාට්‍ය කණ්ඩායමත් එක්ක මම ඇමරිකාවට ගියා. එහිදී මට මිතුරියක් මුනගැහුණා. ඒ මිතුරිය තමයි මට ඇමරිකාවේ නවතින්න ඉඩ කඩ සලසා දුන්නේ. මම නැවතුණේ නිව්යෝක්වල. නිව්යෝර්ක්වල මම රැකියා කිහිපයක් කළා. ඒ රැකියා මට හොයලා දුන්නේ ඒ කාන්තාව. මට හිතුණා ආර්ථික වශයෙන් ඇමරිකාව වගේ රටක ජීවත්වීමෙන් ජීවිතයේ ඵලදායිතාව ගොඩනඟාගත හැකියි කියලා.

ඔබ විවාහ වුණේ?

මගේ සැමියා ප්‍රථම වරට මට මුණගැහුණේ රාත්‍රී භෝජනයකදී. එහිදී අප දෙන්නා අතර ගොඩනඟාගත් මිත්‍රත්වය සුහදශීලී බව අවසානයේ ආදරයකට පෙරලුණා. ඔහුගේ දෙමව්පියන්ගේ ආශිර්වාදය මැද 2011 වසරේ විවාහ වුණා. ඔහු ඇමරිකාවේ නර්සින් හෝම් එක සූපවේදියෙක් .මම රැකියාව කරන්නේ නර්සිං හෝම් එකක. මගේ සැමියා ඉතා හොඳ කරුණාවන්ත මට පණ වගේ ආදරය කරන පුද්ගලයෙක්. ඔහු වැනි සැමියෙක් ලැබීම මට වාසනාවක්. ඔහු මගේ සියලුම ඕනෑ එපාකම් ඉටු කරලා දෙනවා.

ඔබ පදිංචි වෙනස් කළා කිව්වා නේද?

අපි ගිය මාසේ නිව්යෝර්ක්වල ඉඳලා ෆ්ලොරීඩාවලට පදිංචියට ආවා. අපි ඉන්න ප්‍රදේශය සංචාරක පුරවරයක්. ෆ්ලොරීඩාවල අලුත් රැකියාවක් ලැබුණා නර්සිං හෝම් එකක.

ඔබ විදෙස්ගත වෙලා අවුරුදු ගාණක්. සංස්කෘතිමය සහ ජීවන රටාවේ විවිධ වෙනස්කම්වලට ලක් වෙලා ඇති. ලංකාව දැන් අමතක වෙලාද?

අපෝ නැහැ. මගේ මව් රට මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම අදටත් ලංකාවේ හිටපු සුමනා ගෝමස් තමයි. මගේ අම්මා මගේ පණ. සුමනා ගෝමස් කියන නිළිය පිටිපස්සෙ හිටපු දැවැන්ත සෙවණැල්ල මගේ අම්මා. මම හැමදාමත් අම්මට ආදරෙයි. ගතින් ඇමරිකාවේ හිටියත් මම හිතින් හැමදාම ඉන්නේ අම්මා ළඟ අම්මගේ දුක සැප හොයල බලනවා. අක්කා අයියත් එක්ක අපි හොඳ සහෝදර දයාවෙන් ඉන්නෙ. මම ඇමරිකාවට ගිහිල්ලා අවුරුදු විසි දෙකක් වෙනවා. ලංකාවට දෙවතාවක් ආවා. එක් වතාවක් සුනිල් ටී. ප්‍රනාන්දු සිනමා ක්ෂේත්‍රයේ මගේ යහළුවන් කීප දෙනෙක් එකතු කරලා සුහද හමුවක් පැවැත්වුවා. ලංකාවට ආපු හැම වාරෙකම මගේ අම්මා කැමති කෑම හදලා දුන්නා. සැතපුම් දහස් ගණනක් ඈත දුර හිටියත් සුමනා ගෝමස් කියන සිනමා තාරකාව හඳුන්වා දුන්න මගේ පුංචි ශ්‍රී ලංකාවට වගේම සිංහල සිනමාවට මම සදා ණය ගැතියි. ආදරෙයි.

දීප්ති ෆොන්සේකා
සරසවිය

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top